[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝකෝත්තර මාර්ග ඥානය

ලෝකෝත්තර මාර්ග ඥානය

නිවනට පැමිණිය හැකි වන්නේ සෝවාන් මාර්ග ඥානය, සකෘදාගාමී මාර්ග ඥානය, අනාගාමි මාර්ග ඥානය, අර්හත් මාර්ග ඥානය යන ලෝකෝත්තර ඥානයන් ස්වසන්තානයෙහි උපදවා ගැනීමෙනි.

බෝධි යනු ඒ ලෝකෝත්තර ඥානවලට ව්‍යවහාර කරන තවත් නමෙකි. බෝධි නම් වූ ලෝකෝත්තර ඥානයන් ලැබීමට, ඇති කර ගැනීමට උපකාර වන ධර්ම සමූහයක් ඇත්තේ ය. එයට බෝධි පාක්ෂික ධර්මයැයි කියනු ලැබේ.

අත්‍යුත්තම වූ ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීම සඳහා කළ යුතු දෙය නම් බෝධිපාක්ෂික ධර්ම වැඩීම ය.

තවත් ක්‍රමයකින් කියත හොත් ශිල, සමාධි, ප්‍රඥා ගුණ ඇති කිරීම ය. තවත් ක්‍රමයකින් කියත හොත් ශීල විශුද්ධ්‍යාදි විශුද්ධි සත සම්පාදනය කිරීම ය. බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම ය. කියා කළ යුතු දෙය සීලයෙහි පිහිටීම හා සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම ය.

උගත්කම උගෙනීමෙන් ම මිස මිලයකින් නො ලැබිය හැකි ය. එමෙන් ම කියන ලද ලෝකෝත්තර ඥානය බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම් වශයෙන්, සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙන් මිස දන් දීමෙන් හෝ ගොඩනැඟිලි කරවීමෙන් හෝ උත්සව පැවැත්වීමෙන් හෝ නො ලැබිය හැකි බව ද සැලකිය යුතු ය.

අත්‍යුත්තම වූ ලෝකෝත්තර මාර්ග ඥානය මඳ කලකින් පහසුවෙන් ලැබිය හැකි දෙයක් නොව, බොහෝ කල් උත්සාහ කිරීමෙන් ලැබිය යුත්තකි. අවුරුදු දහස් ගණනක් වූවත්, ජාති සිය ගණනක් ,දහස් ගණනක් වූවත් එය ලැබීම සඳහා උත්සාහ කළ යුතු ය.

ඒ ලෝකෝත්තර මාර්ග ඥානය කොතරම් මහත් පරිත්‍යාගයකින් වූව ද, කොතරම් මහත් උත්සාහයකින් වූව ද ,කෙතෙක් දීර්ඝ කාලයක් උත්සාහ කොට වූව ද, ලබා ගැනීමට සුදුසු වටිනා දෙයකි. එය අවුරුදු දහස් ගණනක් නැතහොත් ජාති දහස් ගණනක් උත්සාහ කොට ලබන්නට තරම් වටිනා දෙයක් නො වේ යැයි නො සිතිය යුතු ය.

නිවනට නො පැමිණ සිටියහොත් එක් එක් සත්ත්වයකුට අනාගත සංසාරයේ දී දුක් විඳීන්නට වන කාල තබා හඬන්නට සිදු වන්නා වූ කාලය ම ද අවුරුදු දහස් ගණනකට වඩා බොහෝ දිග ය. එබැවින් කොතරම් දීර්ඝ කාලයක් වූව ද ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීම සඳහා උත්සාහ කළ යුතු ය.

බෝධිපාක්ෂික ධර්ම විස්තරය ග්‍රන්ථය ඇසුරින්

  උඳුවප්
අව අටවක 

 ජනවාරි 06 බදාදා පූර්ව භාග 04.03 අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා පූර්වභාග
02.06 න් ගෙවේ.
බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]