[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

පිරිවෙන:

මිදෙල්ලවෙල ශී‍්‍ර පඤ්ඤාතිස්ස මූලික පිරිවෙන

“ධම්මං අනුස්සරං භික්ඛු සද්ධම්මා න පරිහායති” යන බුද්ධානුසාසනාව අනුව යමින් දක්ෂිණ දිශාවේ කවදත් ධර්මධර විනයධර මහා ප්‍රාඥයින් ලොවට දායාද කළ මාතර ඓතිහාසික පුරවරයේ තිහගොඩ මිදෙල්ලවෙල පුරාණ මහා විහාරස්ථ ශී‍්‍ර පඤ්ඤාතිස්ස මූලික පිරිවෙන 2001 ජනවාරි 01 වනදා ආරම්භ කරන ලද දිවයිනේ පිරිවෙන් අතුරින් සම්භාව්‍ය ගණයේ මූලික පිරිවෙනකි. මාතර මහා මන්තින්ද පිරිවෙන් ආධිපත්‍ය හොබවා වදාළ කීර්ති ශේෂභාවෝපගත මාගල්ලාගොඩ ශ්‍රී පඤ්ඤාතිස්ස මාහිමියන් වහන්සේ ශී‍්‍ර නාමයට ගෞරවයක් වනු පිණිස තවත් පිරිවෙන් ආරම්භ කරනු ලැබුවේ වත්මන් පරිවේණාධිපති ධූරය හොබවන මිදෙල්ලවෙල පුරාණ මහා විහාරාධිපති ශාස්ත්‍රපති හක්මන ඥානවිමල හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ ස්වකීය ආචාර්යන් වහන්සේ වන අපවත් වී වදාළ විනයාචාර්ය කැන්දපොල ශී‍්‍ර චමින්දවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කලක් තිස්සේ සිත් තුළ පැවැති පිරිවෙන ආරම්භ කිරීමේ අදහසක් මල්ඵල ගැන්වූයේ ය. පිරිවෙන ආරම්භ වී වසර විස්සක් තරම් කෙටි ඉතිහාසයක් වුවද වර්තමානය වන විට, පිරිවෙන ලබා ඇති දියුණුව අති විශාල ය. ඒ පරිවේණාධිපති හිමිපාණන් වහන්සේගේ ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ පූර්ව කැපවීම ය. මූලික ශ්‍රේණියේ සිට පිරිවෙන් අවසාන ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කටයුතු කෙරෙන අතර සතිපතා පැවැත්වෙන ධර්ම දේශනා පුහුණු වැඩසටහන් පරිත්‍රාන ධර්ම දේශනා පුහුණුවත් පැවිදි සිසුන්ගේ ආගමික කටයුතු කුසලතාවය ඔප නංවයි.


  උඳුවප්
අව අටවක 

 ජනවාරි 06 බදාදා පූර්ව භාග 04.03 අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා පූර්වභාග
02.06 න් ගෙවේ.
බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]