[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරාදීසය

පරාදීසය

මිනිසුන් දෙදෙනෙක් කාන්තාරයක අතරමං ව, බලාපොරොත්තු රහිතව ඇවිදිමින් සිටියහ. පිපාසිතව, විඩා ගතියෙන් විශාල වැලි කඳු තරණය කළහ. අවසානයේ ඔවුන්ට හමු වූයේ දැවැන්ත කළුගල් තාප්පයක් පමණි.

තාප්පයේ අනෙක් පැත්තේ දිය දහරා වැගිරෙන හඬ ඔවුන්ට ඇසුණි. කුරුල්ලන්ගේ කිචි බිචි නාදය ශ‍‍්‍රවණය කරන්නට හැකි විණි. ඔවුහු අලුත් මල්වල සුවඳ ආඝ‍‍්‍රහණය කළහ. තාප්පය අද්දර පැසුණු පලතුරුවලින් බරවූ අතු රිකිලි, පිරුණු ගස් ඔවුන්ගේ හිස මට්ටමට මඳක් උඩින් ඇති සැටි නිරීක්‍ෂණය කළහ.

දෙදෙනාගෙන් එක් අයකු සිනාසෙමින්, බොහෝ අමාරුවෙන් තාප්පයට නැඟ වත්තට ඇතුළු ව නොපෙනී ගියේ ය.

අනෙකා සිනාසෙමින් ආපසු කාන්තාරය දෙසට ගමන් කළේ ඔහු වැනිම අතරමං වූ අනෙක් සංචාරකයින් දැකීමේ බලාපොරොත්තුවෙනි.

ආදර්ශය :

ඔබට පුළුවන් හැම අවස්ථාවක ම තවත් කෙනකුගේ සුවය, සැපත, සැනසිල්ල, සතුට වෙනුවෙන් ඔබගේ දෑත දිගුකරන්න

  උඳුවප් පුර
පසළොස්වක 

දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග
8.58 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]