[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුලියන්කුලම රාජමහා විහාරය

පුලියන්කුලම රාජමහා විහාරය

වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුලියන්කුලම රජමහා විහාරස්ථානය පිහිටා ඇත. .බංගදෙනිය - ආණමඩුව ප්‍රධාන මාර්ගයේ බංගදෙනියේ සිට ආණමඩුව දෙසට ගිය විට හමුවන එකොළොස් වෙනි සැතපුම් කණුව අසලින් දකුණත දෙසට හැරී පුලියන්කුලම තම්මන මාර්ගයේ මීටර 200ක් ගිය තැන පුලියන්කුලම රාජමහා විහාර පින්බිම හමුවේ. දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන් අතර සිටි නන්දිමිත්‍ර යෝධයා විසින් මෙම විහාරය ඉදිකර ඇතැයි ජනප්‍රවාදයේ සඳහන් වේ. දුටුගැමුණු - එළාර යුද්ධයෙන් ජයග්‍රහණය කළ දුටුගැමුණු රජතුමා විසින් දැදුරු ඔය දෑල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු භාර දී ඇත්තේ නන්දිමිත්‍ර යෝධයාට බව කියැ වේ. එදා නන්දිමිත්‍ර යෝධයා විසූ ගම හඳුන්වන්නේ පල්ලම නමිනි. නන්දිමිත්‍ර යෝධයා විසින් දැදුරු ඔය දෑල විහාරස්ථාන හතරක් ඉදිකර ඇත. පල්ලම නන්දිමිත්‍ර නවවංගු රාජමහා විහාරස්ථානය දැනට දැදුරු ඔයට (ජජ්ජර නදියට) සේදී යමින් විනාශ මුඛයට යන වෙහෙර ගොඩැල්ල විහාරස්ථානය, වෙහෙර බැඳිකැලේ රජමහා විහාරස්ථානය, පුලියන්කුලම රාජමහා විහාරස්ථානය එම විහාරස්ථාන වේ. වර්තමානයේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය උසුලනු ලබන්නේ කුඩා වැව විහාර පරම්පරාවේ ගල්කුලමේ සෝනුත්තර ස්වාමීන් වහන්සේ ය. මුන්නේශ්වරම, ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති ව වැඩ විසූ අපවත් වී වදාළ රොටුවේ සද්ධා නන්ද හිමිගේ ශිෂ්‍ය හිමි නමකි. පුත්තලම ආනන්ද ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කරති. ඉන්දියාවේ බරණැස හින්දු විශ්වවිද්‍යාලයෙන් චිත්‍ර මූර්ති කලාව පිළිබඳ විශේෂ උපාධියක් දිනා ගැනීමට සමත් වී ඇති උන්වහන්සේගේ චිත්‍ර මූර්ති කලාව පිළිබඳ දැනුම උපයෝගී කරගෙන විහාරස්ථානයේ සංවර්ධන කටයුතු කරගෙන යයි.

  උඳුවප් පුර
පසළොස්වක 

දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග
8.58 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]