[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහිඳු නිවහන ව්‍යාපෘතියට අයැදුම්පත් කැඳවයි

මිහිඳු නිවහන ව්‍යාපෘතියට අයැදුම්පත් කැඳවයි

සම්මා සම්බුද්ධ ශාසනය තුළ උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් හිමිවරුන්ගේ නිවාස නොමැති දෙමව්පියන් වෙනුවෙන් “ඔබට ගෙයක් - රටට හෙටක්“ වැඩ සටහන යටතේ නිවාස ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කොට තිබේ.

"මිහිඳු නිවහන" ව්‍යාපෘතිය ලෙස නම් කොට ඇති මෙම වැඩ සටහන අතිගරු ජනාධිපතිතුමා හා අගමැතිතුමාගේ උපදෙස් මත ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කෙරේ. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ අධීක්ෂණයෙන් මෙය කි‍්‍රයාත්මක කෙරේ.

මේ සඳහා පැවිදි වී වසර තුනකට වැඩි හිමිවරුන්ට අයදුම් කළ හැකි ය. උන්වහන්සේලාගේ දෙමාපියන්ට නිවසක් නොමැතිවීම හෝ අඩක් නිම කළ නිවසක් තිබීම මූලික සුදුසුකමයි. මෙම මිහිඳු නිවහන ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් වී නොමැති නිවාසවල වැඩ අවසන් කිරීම සහ අලුතින් නිවාස ඉදිකිරීම සඳහා පූර්වෝක්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම ආයතනවල සහයෝගය ලබාදීමට එකඟතාව පළ වී තිබේ. මේ පිළිබඳ අදාළ ඒ ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ නිලධාරීවරයා මුණ ගැසී ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලවල ලේඛකාධිකාරී හිමිවරුන් සමග සාකච්ඡා කර අයදුම්පත් නිවැරදිව සම්පූර්ණ කර එවිය යුතු ය.

මෙයට අමතරව පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිවරුන් වෙතින් ද මේ පිළිබඳ අදාළ තොරතුරු ලබාගත හැකි ය.

  ඉල්
අමාවක 

දෙසැම්බර් 14 සඳුදා පූර්ව භාග 00.44 න් අමාවක ලබා එම දා අපර භාග 09.46 න් ගෙවේ.

සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]