[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පාලුගම සුභද්‍රාරාම මහා විහාරය

ඌවේ කුමාරසිංහ යුවරජ දවස ඉදි වූ පාලුගම සුභද්‍රාරාම මහා විහාරය

සියම් මහ නිකායේ ඌව පාර්ශ්වයේ මූලස්ථානය ලෙසින් සම්භාවනාවට පත්වන පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය ඌව පළාතේ උඩුකිඳ උඩපළාත කෝරළයට අයත් සීමාවේ මහනුවර මඩකලපුව මහා මාර්ගයේ හැටවන සැතපුම් කණුව ආසන්නයේ කැප්පෙටිපොල නගරයට සැතපුම් කාලක දුරකින් පාලුගම ග්‍රාමයේ පිහිටා ඇත. සෙංකඩගලපුර රජ කළ සෙනරත් රජු උඩරට රාජධානිය කොටස් තුනකට බෙදා රාජසිංහ, විජයපාල හා කුමාරසිංහ යන පුතුන් තිදෙනා වෙත බෙදා දුන් බවත්, ඒ අනුව උඩුනුවර, යටිනුවර, දුම්බර, හේවාහැට හා හාරිස්පත්තුව යන කන්ද උඩ පස් රට රාජසිංහ කුමරුන්ටත්, මාතලේ ප්‍රදේශය විජයපාල කුමරුන්ටත්, ඌව වෙල්ලස්ස කුමාරසිංහ කුමරුන්ටත් හිමි වූ බව කියැවේ. සෙනරත් රජු ඇවෑමෙන් කන්ද උඩ පස් රට පාලනය කළ රාජසිංහ කුමරුන් දෙවන රාජසිංහ නමින් රාජ්‍යත්වයට පත්විය. කුමාරසිංහ කුමරුන් ඌව ප්‍රදේශය පාලනය කරන අවධියෙහි කිසියම් සැදැහැවතෙකු විසින් මෙම විහාරස්ථානය ආරම්භ කරන ලද බව සඳහන් වෙයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමය වන විට නටබුන් ව පැවති මෙම විහාරයට පුනර්ජීවනය ලබා දෙන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් උදා කළ ධර්ම ශාස්ත්‍රාලෝකය ඌව වෙල්ලස්ස කරා පැතිර වූ කොකුන්නෑවේ සංඝකීර්ති මා හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙනි. වර්ෂ 1818 නිදහස් සටන මැඩලීමට ඉංග්‍රීසීන් සිදු කළ මහා සංහාරය නිසාවෙන් මෙම ප්‍රදේශයේ සමෘද්ධිමත්භාවය වියැකී යාම විහාරස්ථානයේ දියුණුවට බාධාවක් විය.


  ඉල්
අමාවක 

දෙසැම්බර් 14 සඳුදා පූර්ව භාග 00.44 න් අමාවක ලබා එම දා අපර භාග 09.46 න් ගෙවේ.

සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]