[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහිපිට සුරලොව

මිහිපිට සුරලොව

සිරිමා බෝ රෝපණයෙන්
ආසිරි ගැන්වුණු සසිරු බිමයි
සිරිපා සිඹ එන සුසිනිඳු පවනින්
සිසිලස ලැබෙන බිමයි

දළදා සමිඳුගෙ සුදු මුදු කිරණින්
නැහැවී දිලෙන බිමයි
මුළු ලක් දෙරණම බුදු රැස් ගඟුලේ
ගිලී නිවී සැනැහෙයි

මහ සෑ මුල් කොට දා ගැබ් හැම ගම
අහසට නැඟී දිලේ
වැව් දිය රළ පෙළ කිරිපාටින් සෑ
සේයා අඳී ජලේ

ඝණ්ඨා නාදෙන් පිබිදෙන ගම්දන
රජ වී සිටි වෙලේ
පෙන්වා සවිබල රුපු සෙන් පරදා
ජය දද නැගී හෙළේ

නෙක නෙක පලතුරුවලින් පිරී ගිය
පලතුරු උයන වැනී
සහලින් පොහොසත් කරලින් බර වී
ගිය මහ කෙතක් වැනී

තුරු ලිය සෙවනේ දිය ඇලි ගංගා
පිරි මහ වනය වැනී
මීදුම් සිඹිනා කඳුවැටි පෙළිනා
දෙව්ලොව සිරිය ගනී

මා ඉපදුණු බිම සිරිලක් මව්බිම
මිහිපිට සුර ලොවකී
ලොව දිනූ දරුවන් රැසක් ජනිත කළ
උදාර මව් කෙනෙකි

සම්බුදු සමිඳුගෙ අගනා හැම දා
තැන්පත් කරඬුවකී
මේ රට සුරැකුම අප හැම සුගතිය
වෙත යවනා පිනකී

  ඉල්
අමාවක 

දෙසැම්බර් 14 සඳුදා පූර්ව භාග 00.44 න් අමාවක ලබා එම දා අපර භාග 09.46 න් ගෙවේ.

සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]