[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පසුම්බියෙහි ලා රැක ගත් කඩදාසියේ කතාව

පසුම්බියෙහි ලා රැක ගත් කඩදාසියේ කතාව

මහලු වියට පත්ව මියගිය සැමියා සිහිපත් කරමින් ඔහුගේ බිරිඳ කළ කතාවේ දී ඇය කඩදාසියක් ඔසවා සභාවට පෙන්නුවා. “මේ කඩදාසිය මගේ ස්වාමිපුරුෂයාට ලැබුණේ ඔහු ජ්‍යෙෂ්ඨ පාසලක ඉගෙන ගන්නා කාලයේදීයි” ඇය කිව්වා. “මට ඔහු හමුවන විටත්, පසුව ඔහු ජීවත් වූ කාලයේදීත් මේ කඩදාසිය ඔහුගේ පසුම්බියේ ආරක්ෂා කරගෙන සිටියා. ඔහුට තරහක් ආවාම මේ කඩදාසිය දිහා බලා තරහ නිවාගන්න බව ඔහු මට කිව්වා. මේ කඩදාසියේ කතාවත් ඔහු මට කිව්වා.”

“ඔහු ජ්‍යෙෂ්ඨ පාසලේ ඉගෙන ගනිමින් සිටි කාලයේ පන්තියේ ළමයින් කල්ලි දෙකක් අතර වාද විවාද ඇති වී ලොකු සණ්ඩුවකට මුල පිරුණා. මේ සණ්ඩුව ගහ බැණ ගන්නා ලොකු ආරවුලක් දක්වා දිග්ගැස්සුණු වේලාවේ පන්තිය බාර ගුරුවරයා පන්තියට ආවා. “සියලුදෙනාම තමන්ගේ ආසනනවල වාඩි වෙන්න” ගුරුවරයා නියෝග කළා. “දැන් කොපි පොතක් එළියට ගන්න.”

ඒ දවස්වල අද වගේ නොවෙයි. ගුරුවරයා කියන දෙයට ළමයින් අවනත වෙනවා. ළමයින් කොපි පොතක් අතට අරගෙන වාඩිවුණා. ඔවුන් තරහෙන් පුපුරමින් සිටියා.

“දැන් කොපි පොතෙන් එක කොළයක් කඩා ගන්න.” ගුරුවරයා කිව්වා.

“අඩි රූලක් එළියට අරගෙන, කඩාගත්ත කොළේ හරි මැදින් සිරස් අතට ඉරක් අඳින්න. දැන් කොළයේ මුදුනින් ඔබ මේ පන්තියේ සිටින ළමයින් අතුරින් වැඩියෙන් ම වෛර කරන ළමයාගේ නම ලියන්න.”

ඔවුහු ඉතා පහසුවෙන් ඒ කටයුත්ත කළා.

“දැන් අර රේඛාව වම් පැත්තේ, අර ළමයා සමඟ ඔබ එතරම් තරහවීමට හේතු ලියන්න. ඔහුගේ නරක ලියන්න.” ගුරුවරයා මෙහෙම කිව්වාම ඔක්කොම ළමයින් එසෛ් කළා.

“දැන් අර කොළේ රේඛාවෙන් දකුණු පැත්තේ, අර ළමයා ගැන ඔබේ යම්කිසි ගෞරවයක් තිබෙනවා නම් ඒකට හේතු ලියන්න. ඔබ අගය කරන ඔහුගේ ගුණාංග ලියන්න.”

මේක නම් ළමයින්ට බොහෝම අමාරු වැඩක් වුණා. ඒ වැඩේ කරන්න බොහෝම කාලයක් ගත වුණා.

“දැන් අර මැද ඉර, මැදි වෙන්න කොළය දෙකට නවන්න. බොහොම පරෙස්සමෙන් ඉරදිගේ දෙකට ඉරන්න. මම දැන් කුණු කූඩයක් අරගෙන ඔය ළමයින් ළඟට එනවා. අර වම් පැත්තේ තීරුව, තරහකාරයාගේ නරක ලිවීමේ තීරුව කුණු කූඩයට දමන්න. අර ඔබේ තරහකාර ළමයාගේ ඔබ අගය කරන ගුණාංග, ඔහුගේ හොඳ ලියූ දකුණු පැත්තේ තීරුව, ඔබේ ලොකුම හතුරා අතට දෙන්න.” ගුරතුමා කිව්වා. “ඔබ වැඩියෙන්ම වෛර කරන, ඔබ හොඳටම තරහෙන් සිටින ළමයා අතට දෙන්න.”

තමන්ගේ ස්වාමිපුරුෂයාට පාසල් වියේ දී අතට ලැබුණු ඔහුගේ හොඳම ගුණය, ඔහු අගය කරන දේ ඇතුළත් කඩදාසි කැබැල්ල එතැන් පටන් ඔහු පසුම්බියේ දමාගෙන ආරක්ෂා කළා කියා අර කාන්තාව ඇගේ ස්වාමිපුරුෂයාගේ අවමඟුලේ දී කිව්වා.

මුළු ජීවිතකාලය තුරාම ඔහු ඒ කඩදාසි කැබැල්ල ළඟ තියාගෙන හිටියා. ඔහුට කිසිදාක තරහ ගියේ නැහැ. තරහක් සිතේ මතුවුණු වහාම ඔහු අර කඩදාසි කැබැල්ල එළියට අරගෙන එය කියවා බැලුවා. ඔහුට තරහ යෑමට ඇති වූ සියලු හේතු මේ කඩදාසි කෑල්ල කියවා බැලුවාම ඔහුගේ සිතෙන් අතුරුදන් වුණා.

  ඉල්
අමාවක 

දෙසැම්බර් 14 සඳුදා පූර්ව භාග 00.44 න් අමාවක ලබා එම දා අපර භාග 09.46 න් ගෙවේ.

සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]