[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගල්කිස්ස බෞද්ධායතනයෙන් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව

ගල්කිස්ස බෞද්ධායතනයෙන් ආර්ථික අපහසුතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව

ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, රත්මලාන භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ හිටපු විදුහල්පති, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම්, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ආචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව ප්‍රධාන බෞද්ධායතනයට සම්බන්ධ විවිධ සංවිධාන සහ හිතවතුන්ගේ පරිත්‍යාගයෙන් පවත්වාගෙන යන ‘ආචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍ර ශිෂ්‍යත්ව අරමුදල’ හත්වන වරටත් ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා අයදුම්පත් කැඳවා ඇත.

ආචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේගේ 80 වන ජන්ම දිනය නිමිති කොට ගෙන 2015 ජනවාරි මස 02 වන දින, මෙම ශිෂ්‍යත්ව අරමුදල නායක ස්වාමීන් වහන්සේගේ පුද්ගලික ධන පරිත්‍යාග වශයෙන් ලද රු. 525.000.00 ක මුදලින් ආරම්භ කරන ලදී. 2015 වසරේ සිට සෑම වසරක ම ‘බුදුසරණ’ පුවත්පතේ පළ කළ මෙවැනි දැන්වීමක් මගින් අයදුම්පත් කැඳවා තෝරාගනු ලබන සිසුන් වෙත මසකට රුපියල් 2, 500.00 බැගින් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරනු ලබයි.

2016 වසරේ සිසුන් 82 වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින් දීප ව්‍යාප්ත වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන මෙම අරමුදල මගින් ශිෂ්‍යත්වයක් ලැබීම සඳහා සුදුසුකම ලැබූ ලංකාවේ දිස්ත්‍රික්ක 16 ශිෂ්‍යත්වලාභීන් 253 වෙත රු. 9, 295,000.00 ක මුදලක් 2020 ජූනි මස අවසානය වන විට ගෙවා ඇත.

මෙම ශිෂ්‍යත්වයක් සඳහා ශිෂ්‍යත්ව පාලක මණ්ඩලය විසින් නිර්ණය කරන ලද සුදුසුකම් වනුයේ මූලික වශයෙන් දහම් පාසල් අධ්‍යාපනය ලැබූ හෝ ලබන අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ හෝ විශ්වවිද්‍යාල, කාර්මික, වෘත්තීය අධ්‍යාපනය හදාරන සහ ආර්ථික අතින් දුෂ්කර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය.

ඉහත සුදුසුකම මත ශිෂ්‍යත්වයක් බලාපොරොත්තු වන අය රු. 15/- මුද්දරයක් ඇලවූ නිවැරැදිව තම නම සහ ලිපිනය ලියූ 9 ය 4 ප්‍රමාණයේ ලියුම් කවරයක් ‘ගරු ලේකම්, බෞද්ධායතනය, වටරප්පල පාර, ගල්කිස්ස, යන ලිපිනයට 2020 සැප්තැම්බර් මස 25 දිනට පෙර එවීමෙන් ශිෂ්‍යත්ව පාලක සභාව විසින් පිළියෙළ කරන ලද අයදුම්පතක් ලබාගෙන සම්පූර්ණකර එවීමෙන් ශිෂ්‍යත්වයක් සඳහා ඉල්ලුම් කළ හැක.

හත්වන වරට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම 2021 ජනවාරි මස 02 දිනට යෙදෙන ආචාර්ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන් වහන්සේගේ 86 වන ජන්ම දිනය නිමිති කොට ගෙන පැවැත්වෙන පින්කම් මාලාවට සමගාමී ව සිදු කිරීමට කටයුතු කරගෙන යන බව ශිෂ්‍යත්ව අරමුදලේ පාලක සභාවේ ලේකම් පුෂ්ප කුමාර කුලතුංග මහතා සඳහන් කරයි.

ආර්ථික අතින් අසරණ, එහෙත් අධ්‍යාපනයේ දක්ෂතා ඇති ශ්‍රී ලාංකේය බෞද්ධ දරුවෙකුට පිහිට වීමට කැමති ඔබ ද මෙවන් පුණ්‍ය කර්මයකට දායකවීමට කැමති නම් ගරු නායක ස්වාමීන් වහන්සේ (දු.ක. 0718163012)හෝ පාලක සභාවේ ලේකම් ඇමතීමෙන් අවශ්‍ය විස්තර ලබා ගත හැක. 

       බිනර අව අටවක පෝය 

සැප්තැම්බර්10 බ්‍රහස්පතින්දා පූ.භා 02.06 න් අව අටවක ලබා 11 සිකුරාදා. පූ.භා 03.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]