[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අව අටවක 2020.09.10

දෙලොව ජය ගැනීමට

වරදෙහි ලජ්ජාවීමත්, බියවීමත් පුද්ගලයාගේ ආධ්‍යාත්මික දියුණුව ප්‍රකට කරන්නකි. යම් ගමක, රටක වැරැදි දේ සිදුවනවා නම් එයින් හැඟෙන්නේ ඒ සමාජයේ ආධ්‍යාත්මික පරිහානිකර බවයි.

සිරි සදහම් මඟ අනුගමනය කරන සමාජයක එවැනි පරිහානිකර ස්වභාවයක් තිබිය නොහැකි ය. තෙරුවන් සරණ ගිය බෞද්ධයා වරදෙහි, පාපයෙහි ලජ්ජා බිය ඇති පුද්ගලයෙක් වන බැවිනි.

සැබැවින් ම බෞද්ධයන් ලෙස අපි වරදෙහි ලජ්ජා වන්නෙමු ද? බිය වන්නෙමු ද? සිතා මතා හෝ, නොදැනුවත් ව ම හෝ අප වෙතින් කොපමණ නම් වැරැදි දේ සිදුවනවා ද?

එසේ ක්‍රියාත්මක වන වැරැදි සිතිවිලි නිසා තමන් ම කෙතරම් ආධ්‍යාත්මික ව පරිහානියට යනවා ද? අනුන්ට වන පීඩාව කොතෙක් ද?

අප සිහියේ තබා ගත යුතු දෙයක් තිබේ. තමන්ගේ ලාබය බලාපොරොත්තුවෙන්, පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් අන්‍යයන්ට වරදක්, පීඩාවක්, වංචාවක් කරනවා නම් තමන්ට ඊට දඬුවම් විඳින්නට වන බව ය. නීතියෙන් නොවුණේ නම් සොබාදහමින් හෝ ඊට දඬුවම් ලැබෙන බව ය.

තමන්ට තමන් අවංක ව, තමන්ගේ ම සිතිවිලි විමසීමෙන්, කරන කියන දේ විමසීමෙන් තමන් වැරැදි කරන්නේ ද? වරදින් වැළකී සිටින්නේ ද? වරදෙහි ලජ්ජා බිය ඇත්තෙක් වන්නේ ද? යන්න තමන්ට ම විමසා දැන ගත හැකි ය. ඒ තුළ තමන්ට තමන් ගැන ම චරිත සහතිකයක් ලබා ගැනීමට පුළුවන. යම් හෙයකින් තමන්ගේ චරිතය පිරිසුදු නොවේ නම් ඒ ගැන ම සිතමින් පසුතැවෙනවා වෙනුවට කළ යුතු හොඳම දේ මින් පසු වැරැදි නොවන ලෙසට වග බලා ගැනීම ය. පාපයෙහි, වරදෙහි බියවීම ය.

අංගුත්තර නිකායේ භය සූත්‍රයේ දී භය සතරක් පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ ආත්මානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය හා දුග්ගති භය යනුවෙනි.

යම් කෙනෙක් මෙසේ සිතයි. මම සිතින්, කයින්, වචනයෙන් දුශ්චරිත කළේ නම් එය මගේ සීලයට සුදුසු නැත. උපවාද කෙරෙන්නකි. ඒ ගැන සිතා හෙතෙම බිය වෙයි. ඒ බිය නිසා තිදොරින් පව් නොකරයි. සුචරිතවත් වෙයි. සරලව කියනවා නම් පිරිසුදු ජීවිතයක් ගත කරයි. මෙය ආත්මානුවාද භය යි.

තවත් කෙනෙක් මෙසේ සිතයි. මා තිදොරින් වැරැදි කරන්නේ නම්, පව් කරන්නේ නම් අන්‍යයන් මට දොස් කියයි. සීලයෙන් උපවාද කරයි. එසේ සිතා හේ තිදොරින් සුචරිතයෙහි යෙදෙයි. පිරිසුදු ජීවිතයක් ගත කරයි. ඒ පරානුවාද භයයි.

දණ්ඩ භය නම් තමන් වැරැදි කළ පසු රාජ නීතියෙන් විඳින්නට වන දඬුවම් ගැන සිතා පව් කරන්නට බිය වීමයි. පව් කරන්නන්ට නීතියෙන් දෙන දඬුවම් ගැන සිතා, එවැනි දේ කළේ නම් මට ද එවැනි දඬුවම් විඳින්නට වේ යැයි සිතා හේ පිරිසුදු ජීවිතයක් ගත කරයි.

සිතින්, කයින්, වචනයෙන් පව් කළේ නම් මට මරණින් මතු සුගතියක් නැත. නපුරු ගති ඇති නිරයෙහි උපදින්නට සිදුවෙයි. එසේ සිතා යම් කෙනෙක් තිදොරින් වන දුශ්චරිත හැර දමා සුචරිතය ම වඩයි. පිරිසුදු ජීවිතයක් ගත කරයි. මේ දුග්ගති භය යි.

මෙසේ සතරාකාර භය ගැන සිතා අපට වරදින් මිදෙන්නට පුළුවන. තමන්ට වරදක් නොවන, අනුන්ට ද වරදක් නොවන යහපත් පුද්ගලයකු විය හැකි වනුයේ ද, සමාජයට හොඳ පුරවැසියකු විය හැකි වනුයේ ද එසේ පවින්, වරදින් බැහැර වූ පුද්ගලයාට ය. මෙලොව, පරලොව ජය ගනු ද ඔහුම ය.

       බිනර අව අටවක පෝය 

සැප්තැම්බර්10 බ්‍රහස්පතින්දා පූ.භා 02.06 න් අව අටවක ලබා 11 සිකුරාදා. පූ.භා 03.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]