[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

බුදු ගුණ විරිදු

නිරහංකාර ව ඉඳ - මරසෙන් බල පැරදුව

නිතින වඳිමි ඒ බුදු ගුණ - දහම් සයුරෙ කිමිදෙමින්


අම්මා

දස මස කුස දරා මා බිහි කළ අම්මා
ලේ කිරි කර පොවා මා හැදු වැඩු අම්මා
කවා පොවා මා ඇති දැඩි කළ අම්මා
ඔබමයි මගේ සැනසුම ආදර අම්මා

ඔබගේ දුක් සිත තුළ සඟවාගෙන
ඒ දුක් කඳ අපට නොදී සිනාසෙන
පාසල් යවා මට ඔවදන් ලබා දෙන
මතු සසරේ ඉපදේවා මගේම අම්මා ලෙසින

මට හොඳ නරක කියලා දුන් අම්මා
පාසල් යවා හොඳ ළමයකු කළ අම්මා
අම්මේ ඔබේ ගුණ කීමට බැහැ නිම්මා
මතු භවයේ නිවනින් සැනසෙයි අම්මා


වැස්ස

අහස පුරා කළු වළාකුළක්
මුළු පරිසරයට අඳුර ගෙනෙයි
සුළං හමයි ගස් පෙරළෙයි
වැස්සක පෙර නිමිති පෙනෙයි

වැහි ළිහිණියො කෑ ගසනවා
පරිසරය ම අඳුරු වුණා
අකුණු හඬක් නංවාගෙන
විදුලි කොටණු මට පෙනෙනවා


අපේ වගකීම

මෙය අපගේ නිත්‍ය සීලයේ පස්වැනි පදය යි. තමන් මතින් වැළකීම, අනුන් මතින් වැළැක්වීම, මතින් වැළකීමේ අනුසස් කියාදීම මෙහි තේරුමයි. මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව හයක් සිඟාලෝවාද සූත්‍රයේ දැක්වේ. ඇස් පනාපිට ම සම්පත් විනාශ වීම, කල කෝලාහාල ඇතිවීම, ලෙඩ රෝග බහුලවීම, අපකීර්තියට පත්වීම, විලිබිය නැතිවීම සහ නුවණැස දුබලවීම යි. මෙම බුදු වදන අපට කියා දෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ආර්ථික, සමාජ, සෞඛ්‍ය සදාචාර හා බුද්ධි පරිහානිය සිදුවන බවයි. දහම් පොත්වල සුරාමේරය, මජ්ජ යන නම්වලින් දැක්වුණු මත්වන දේ අද දියර, පෙති, ගුලි, කුඩු, දුම්වැටි ආදී විවිධ ස්වරූපයෙන් සමාජයට පැමිණේ. මේවා ගැනීමෙන් ධනයෙන්, සෞඛ්‍යයෙන් චරිතයෙන්, නුවණින් පිරිහුණු අය අපි දැක ඇත්තෙමු. මෙසේ හෙයින් අපි මතින් වැළකී, අනුන්ද වළක්වාලන, වැළකීමේ ආනිසංස ද කියා දෙන සමාජ නියමුවන් වීමට අධිෂ්ඨාන කර ගනිමු.


ශ්‍රී පාදය

ගෞතම බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී සුමන සමන් දෙවිඳු කළ ආරාධනාව පිළිගෙන සමනල කඳු මුදුනට වැඩම කර එහි ඇති ඉන්ද්‍රඛීල මාණික්‍යය මත සිරිපා සටහන් තැන්පත් කළහ. උඳුවප් මාසයේ සිට වෙසක් පොහොය දක්වා කාලය ශ්‍රී පාද වන්දනාවට උචිත ම කාලයයි. එම කාලය අතරතුර දේශීය මෙන් ම විදේශීය බැතිමතුන් ද ශ්‍රී පාද වන්දනාවට පැමිණෙයි. දොළොස් මහේ පහනක් එහි ඇත. එම දොළොස් මහේ පහන වර්ෂය මුළුල්ලේ ම දැල්වෙයි. සතර අතට විහිදෙන ජල ධාරා සතරක් ශ්‍රී පාදස්ථානයෙන් ආරම්භ වී කෙත් වතු පෝෂණය කරමින් ගලා යයි. සමනල කඳු මුදුන තරණය කරන ශ්‍රද්ධාවත්හු තුන් සරණයේ කවි ගායනා කරති. පොළොන්නරුව, මහනුවර, දඹදෙණිය ආදී යුගවලදී පවා රාජ්‍ය ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී පාදස්ථානය, දේශීය විදේශීය ඕනෑම අයකුගේ වන්දනාවට, පූජාවට මෙන්ම ගෞරවයට පාත්‍ර වූ උතුම් පින්බිමකි.


සැරියුත් මහ රහතන් වහන්සේ

දඹදිව, රජගහ නුවර සමීපයේ මහාසාර නම් බමුණු ගමක් පිහිටා තිබුණා. එහි විසූ සාරී නම් බැමිණියට උපන් දෙටු පුතු උපතිස්ස යි. ඔහු සංජය පිරිවැජියාගෙන් දහම ඉගෙන ගත්තා. ඔහුගෙන් ධර්මාවබෝධය ලබා ගැනීමට නොහැකි බව වටහාගත් එතුමා අස්සජී මහරහතන් වහන්සේ හමු වී ධර්මාවබෝධය ලබා ගත්තා. එතැන් පටන් සැරියුත් මහරහතන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වුණා. උන්වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අග තනතුරට පත්වුණා. උන්වහන්සේගේ ආදාහනයෙන් පසු ධාතු නිධන් කොට සෑයක්ද ඉදි වුණා.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

655 එම්. පී. සමනලී ආකර්ශා - 07 වන ශ්‍රේණිය
ශ්‍රී ඤාණවිමල දහම්පාසල – රත්නපුරය

656 තිනුලි විහංසා - 03 වන ශ්‍රේණිය
ප්‍රඥාරතන දහම් පාසල - රාගම

657 ජේ. පී.ඩී, නිසංසලා - 09 වන ශ්‍රේණිය
සිරි සාරානන්ද දහම් පාසල – පල්ලේගම

658 කාවින්දි ලක්මාලි මැණිකේ - 10 වන ශ්‍රේණිය
නාලන්දා බාලිකා මහ විදුහල - මිනුවන්ගොඩ

659 ජී. ඩී. අංජුල ශාමින්ද - 11 වන ශ්‍රේණිය
මධ්‍ය මහ විදුහල – තඹුත්තේගම


වනපෙතක අසිරිය

සැන්දෑවක්

ආර්. ජී. තිමත් මෙද්දිනු

04 වන ශ්‍රේණිය

ශ්‍රී සෝමානන්ද දහම් පාසල යක්විල

ඒ.එම්. චෙනුදි සිතුලිණි

04 වන ශ්‍රේණිය

ශ්‍රී සෝමානන්ද දහම් පාසල යක්විල

 


පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

සතුන්ට හිංසා නොකරමු යන මතෘකාව යටතේ කෙටි රචනාවක් නිර්මාණාත්මක ව ලියා අපවෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.

       බිනර අව අටවක පෝය 

සැප්තැම්බර්10 බ්‍රහස්පතින්දා පූ.භා 02.06 න් අව අටවක ලබා 11 සිකුරාදා. පූ.භා 03.35 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

Full Moonඅමාවක

සැප්තැම්බර් 17

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]