[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනයේ දී බෝධි පූජා පින්කමක්

ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනයේ දී බෝධි පූජා පින්කමක්

අරුත නොදැන පන්සිල් පද මිමිණුව ද
සිරිත නොදැන නිති පන්සල් පා නැගුව ද
සසර නොදැන මිනිසත් බව ලැබුවෙන් ද
චේතනාව සුබ නැතිනම් කිම වේ ද


විහාරාධිපති
මොරකැටිආරේ සුමණනන්ද හිමි

චේතනාව අපට නොපෙනුණද, ස්පර්ශ කළ නොහැකි වුව ද, ඉදිරි සංසාරයේ ආත්ම භවයන් සහ ජීවන ගමනේ විවිධ පැතිකඩයන් තීරණය කරයි. අප සැම සිදුකරන විවිධාකාර ක්‍රියාවලදී, ක්‍රියාවට වඩා බලවත් වන්නේ චේතනාව ය. එනම් ක්‍රියාවල වර්තමාන ස්වරූපය සහ ප්‍රතිඵල එම කාලය තුළ අත්විඳිය හැකි නමුදු චේතනාවන්වල ප්‍රතිඵල ජීවන ගමනේ විවිධ සන්ධිස්ථානවල දී සහ ආත්මභාවයන් තුළ දී විවිධාකාරයෙන් මුණ ගැසෙනු ඇත. අප ගොඩනඟා ගත යුත්තේ යහපත් ප්‍රතික්‍රියාවන් විඳින්නට හැකි අයුරේ චේතනාවන් ය. බුදු දහම තුළින් සිත පාලනය කරගෙන, යහපත් වූ චේතනාවන් තුළින් ජීවිතය සාර්ථක හා පි‍්‍රය උපදවන ලෙස ගෙවීමට මඟ පෙන්වයි.

අප විහාරස්ථානය වන ගල්කිස්ස ටෙම්පල් පාර, ශ්‍රී සුගත ධර්මායතනයෙහි වැඩ වසන්නේ උතුම් වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අනුශාඛාවක් වන බෝධිරාජයාණන් වහන්සේ නමකි. නිතිපතා වයස් භේදයකින් තොරව කුසල් වැඩීමට, ධර්මය මෙනෙහි කිරීමට විහාරස්ථානය වෙත ළඟාවන බැතිමතුන් කෙරෙහි උපන් ශ්‍රද්ධාවෙන් මෙන් ම, ඔවුන්ට ශ්‍රද්ධාව උපදවාගෙන පිරිසුදු සිතින් , පිරිසුදු පිළිවෙතින් ධර්මය මෙනෙහි කිරීම සඳහා බෝ මළුව ගල් අතුරා පිළිසකර කර විවෘත කිරීමට යෝජිතව ඇත. මේ මස 18 වන සෙනසුරාදා දින ප.ව. 6.30ට විහාරස්ථාන දායක සභාවේ සහයෝගීත්වයෙන් හුදී පහන් සංවේගය පිණිස සිදුකරන්නා වූ මෙම පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් සිතුවිල්ලකින් පවා කුසල් උපදවාගෙන, ධර්මය මෙනෙහි කරගැනීම සඳහා ආරාධනා කර සිටිමි. තව ද එදිනට ආශිර්වාද බෝධි පූජා පින්කමක් ද පැවැත්වෙන අතර, බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලැබීමට සෙවණක් වූ බෝධිරාජයාණන් වහන්සේ ට ආමිස පූජාවෙන් මෙන්ම ප්‍රතිපත්ති පූජාවෙන් කළ ගුණ සැලකීමට ආරාධනා කර සිටිමි.

   ඇසළ අමාවක පෝය 

 ඇසළ අමාවක පෝය ජුලි 20 සඳුදා පූර්වභාග 00.10 න් ලබා එදිනම අපරභාග 11.02 න් ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය ජූලි 27 සඳුදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]