[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන් අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ යෝජනාවලියක් ජනපතිතුමන් වෙත...

පිරිවෙන් අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ යෝජනාවලියක් ජනපතිතුමන් වෙත...


ජාතික ඵලදායිතා වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. අධ්‍යාපන ලේකම් තුමා, ජාතික පිරිවෙන් උපදේශක දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි, පිරිවෙන් අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමි, සහකාර පිරිවෙන් අධ්‍යක්ෂ ( අධ්‍යාපන සංවර්ධන) කන්තලේ විජිතවංස හිමි ඇතුළු ලංකාවේ සියලු පිරිවෙන් අධ්‍යක්ෂ හිමිවරුන්, සම්බන්ධීකරණ හිමිවරුන්, විෂය අධ්‍යක්ෂවරුන් මෙන් ම ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මහත්වරු ද මේ සඳහා සහභාගි වූහ.

පිරිවෙන් අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ පස් අවුරුදු යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වෙත පසුගිය දා පිළිගැන්වී ය. දිවයිනේ සියලුම මහානායක සවාමීන්ද්‍රයන් වහන්සේලා, සියලු පිරිවෙන්වල කෘත්‍යාධිකාරි හා පරිවෙණාධිපති හා පරිවෙණාචාර්ය හිමිවරුන්ගේ සහ සීලමාතා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් හා පරිවේණාචාර්ය ගිහි භවතුන් ඇතුළු මේ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූ ගිහි පැවිදි විද්වතුන්ගේ අදහස් ද සැලකිල්ලට ගෙන යෝජනාවලිය සකස් කෙරිණි.

මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් සාම්ප්‍රදායික අධ්‍යාපනයත් මැනවින් රැකගනිමින් නූතන තාක්ෂණය ද භාවිතයට ගනමින් පිරිවෙන් අධ්‍යාපනය පවත්වාගෙනයාම කෙරෙහි මෙම යෝජනාවලියේ විශේෂ අවධානයක් යොමුකර ඇත.

ජාතික පිරිවෙන් උපදේශක දොඩම්පහළ ශී‍්‍ර රාහුල හිමි පිරිවෙන් අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස් ද සැලකිල්ලට ගෙන සහකාර පිරිවෙන් අධ්‍යක්ෂ (අධ්‍යාපන සංවර්ධන) කන්තලේ විජිතවංශ හිමියන් විසින් මෙම යෝජනාවලිය සකස්කරන ලදී.

   ඇසළ අමාවක පෝය 

 ඇසළ අමාවක පෝය ජුලි 20 සඳුදා පූර්වභාග 00.10 න් ලබා එදිනම අපරභාග 11.02 න් ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය ජූලි 27 සඳුදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]