[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ප්‍රඥාවේ ඇස පහළවනතුරු...

"සත්වයා නිතරම එකළොස් ගින්නකින් දැවෙන අයුරු බුදු දහමේ පෙන්වා දී ඇත. එම එකොළොස් ගින්න වන්නේ රාග, ද්වේශ, මෝහ, ව්‍යාධි, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස යනාදියි. එකළොස් ගින්නකින් සත්වයා නිතර නිතර, දැවී දැවී, පිච්චි පිච්චි සිටිය ද, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය නම් වූ කාම දැලට හසු වී සිටින බැවින් එය ගින්නක් සේ නොදැනේ. බුදු හිමි පෙන්වා දෙන්නේ මෙවැනි ගිනිවලින් දැවෙනා සත්වයාට කුමන සිනාවක් ද, කුමන සතුටක් ද බවයි. " ලෝකයේ ජීවත් වන පුහුදුන් සත්වයෝ කෙලෙස්වලින් අනූන ය. රාග, ද්වේශ, මෝහ යන කෙලෙස්වලින් මුසපත් ව නිරන්තරයෙන් මුලා වී ජීවත් වෙති. හරි දේ හරි ලෙසින් දැකීමට තරම් බුද්ධියක් ඔවුනට නොමැත. බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කොටගෙන කෘතගුණ සලකනු වස්, බරණැස් නුවර මිගදායේ ඉසිපතානාරාමයේ සිටි පස්වග තවුසන්ට දහම් දෙසීමට වැඩම කරන කල්හි අතරමඟ දී උපක ආජීවක හමුවිය. එහිදී උපක ආජීවකට බුදු හිමි ප්‍රකාශ කර සිටින්නේ, “මම ධර්ම චක්‍රය පවත්වන්නට කසී රට බරණැස් නුවරට යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි දහම් අමා බෙරය ගසන්නෙමි.” වශයෙනි. ඒ අනුව බුදුහිමි ලෝක සත්වයාගේ ස්වභාවය, එසේත් නැතිනම් මනෝ භාවයන් දේශනා කොට ඇත. සත්වයා සසර සැරිසරන්නේ ද අවිද්‍යාව හෙවත් නොදැනීම හේතුවෙනි. පටිච්චසමුප්පාද දේශනාව තුළින් ඒ බව මනාව විද්‍යමාන වේ. ධම්ම පදයේ ලෝක වග්ගය තුළින් මේ සම්බන්ධ ව වටිනා උපදෙසක් අපට ලබා ගැනීමට පුළුවන.


   ඇසළ අව අටවක පෝය 

 ඇසළ අව අටවක පෝය ජූලි 12 ඉරිදා අපර භාග 03.48 න්  ලබා 13 සඳුදා අපර භාග
06.09 න් ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 20 සඳුදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසෙලාස්වක

අගෝස්තු 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]