[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අන්තර්ජාල සම්මන්ත්‍රණයේ අවස්ථාවන්

ගෝලීය යහපැවැත්මට බුදු දහම යොදා ගැනීමේ සම්මන්ත්‍රණය

ඇසළ පුන් පොහොය සැමරීම සඳහා කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පසුගියදා ශ්‍රී ලාංකික සහ ඉන්දියානු විද්වතුන්ගේ සහභාගීත්වයෙන් අන්තර්ජාල සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. “සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා” යන පණිවිඩය වෙත විශේෂ අවධානයක් යොමු කරමින්, “ගෝලීය යහපැවැත්ම සඳහා ධර්මය” යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි. මේ අන්තර්ජාල සම්මන්ත්‍රණයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ප්‍රධානී ගල්කන්දේ ධම්මානන්ද හිමි, සම්මානිත විද්වතෙකු වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්ය කලාශූරී ප්‍රණීත් අබේසුන්දර, සම්මානිත විද්වතකු වන සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනාංශයේ පීඨාධිපති සහ සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය සමන්ත ඉලංගකෝන් සහ සම්මානිත නවකතා සහ කාව්‍ය රචක දයා දිසානායක යන විද්වතුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූහ. ඉන්දීය රජයේ, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විශ්ව විද්‍යාලයක් සේ සැලකෙන නව් නාලන්දා මහ විහාරයේ උප කුලපති ආචාර්ය බෛද්‍යතාත් ලාභ්, බරණාසි හින්දු විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය බිමලේන්ද්‍ර කුමාර් කල්කටා විශ්ව විද්‍යාලයේ පාලි අධ්‍යයනාංශයේ ප්‍රධානී මහාචාර්ය සාස්වතී මුට්සුඩ්ඩි සහ වියට්නාමයේ, හැනෝයි නුවර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධිත ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ සම්මානිත ලේඛකයකු, කාව්‍ය රචකයකු සහ සංස්කෘතික ඉතිහාසඥයකු වන ආචාර්ය ජී. බී. හර්සිහා යන විද්වතුන් ඉන්දියාව නියෝජනය කරමින් මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූහ.


   ඇසළ අව අටවක පෝය 

 ඇසළ අව අටවක පෝය ජූලි 12 ඉරිදා අපර භාග 03.48 න්  ලබා 13 සඳුදා අපර භාග
06.09 න් ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 20 සඳුදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසෙලාස්වක

අගෝස්තු 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]