[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

චූල සුභද්‍රා

අනේපිඬු සිටුතුමාට චූල සුභද්‍රා, මහා සුභද්‍රා, සුමනා යැයි දියණියන් තිදෙනෙක් වූහ. එයින් චූල සූභද්‍රා උග්ග නම් සිටුවරයාගේ පුතාට විවාහ කරදෙන ලදී. උග්ග සිටුතුමාගේ පවුලේ අය නිගන්ඨනාත පුත්තගේ දායකයෝ වූහ. තම නිවසේ දානයට පැමිණි නිගන්ඨයන්ට දානය බෙදීමට තබා ඔවුන් දැකීමට පවා ඇය අකමැති වූවා ය. එයට හේතු විමසූ විට ඇය ඉතා මිහිරි ගීයෙන් මහා සංඝරත්නයේ ගුණ වර්නාවක් කළා ය. එයින් පැහැදීමට පත් උග්ග සිටුතුමා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දීමට අවස්ථාව ලබා දුන්නේ ය. බුදුරාජණන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් වූ මහා සංඝරත්නය උදෙසා මහා දානයක් පිදුවා ය. මෙහිදී බණ ඇසූ උග්ග සිටුතුමා ඇතුළු ගම්වැසි ජනතාවද තෙරුවන් සරණ ගියහ.

****

අම්මා

ලොවක් අභියස සිටගනිද්දී දෑත දිගුකර ළංවෙලා
දිනක් කඳුළින් දුක ගෙනෙද්දී ළංව උණුහුම පුදකලා
රැයක් අඳුරේ යැයි සිතද්දී ළඟට විත් දිවි එළිකළා
මවක් යනු අර්ථය සොයද්දී නුඹ මගේ ලොව රජවෙලා

මාස දහයක් කුසේ රඳවා දිවිය නුඹ ළඟ තද කරන්
නිතර මා සුවයෙන් තබන්නට දිරිය හිතයට රජ කරන්
මාව රැකගත් මෑණියනි නුඹ මගේ ලෝකය එළි කරන්
අනාගතයේ විශ්වයේ බැබළෙනව නුඹෙ දූ සත්තකින්

එළිය දුටු දා මා ලොවේ නුඹ හිනැහුණාලු සෙනෙහසින්
කඳුළු දුටු දා මාගෙ දෙනෙතේ නුඹත් ඇඬුවලු මට හොරෙන්
වැරැදි කළ දා හරි මගට මා ගෙනගියාලූ වීරියෙන්
වඳින්නම් මැණියනි දිනෙක දී ඔටුනු පළඳා හදබැතින්

****

මහියංගණ සෑ රජාණෝ

බුද්ධත්වයෙන් නමවන මස ගෞතම බුදුරජාණන් වහන්සේ පළමුකොට මහියංගණයට වැඩම කොට, වත්මන් සෑය පිහිටි ස්ථානයෙහි අහසේ වැඩසිටිමින් යක්ෂයන් දමනය කළ සේක. උන්වහන්සේ සුමන සමන් දෙවිඳුන්ගේ ඉල්ලීම පරිදි කේශ ධාතුන් වහන්සේ ලබාදුන් අතර, ඒ දිව්‍ය රාජයා බුදුන්රදුන් වැඩ සිටි ස්ථානයේ සෑයක් ඉදිකළ සේක.

****

පෙර කුසලය

ගෞතම බුදුරදුන්ගේ සිරිපා සිඹ, ලක් දෙරණ සිව් කොන තෙක් පෝෂණය කරන කළු, කැලණි, වලවේ හා මහවැලි යන සිව් මහා ගංගා පෙරටුකර ගනිමින් විරාජමාන ව වැඩ සිටින,ඉන්දීය සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලිය ලත් උදාර භූමිය ශ්‍රී ලංකාව යි.

උතුම් මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි ජනයාගෙන් සමන්විත ලක්දිව තුළ ස්වභාවික සම්පත්, සංස්කෘතික උරුමයන්, ජෛව විවිධත්වයෙන් අනූන ස්වභාව සෞන්දර්ය සැමගේ නෙත් සිත් පැහැර ගන්නේ නො පැකිළව ය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බෞද්ධ දර්ශනයට අනුව සැවොම ජීවත් වන්නේ එකිනෙකා හා සහයෝගයෙනි. සහජීවනයෙකි. නිල්වන් දිය දහරා හරිත වර්ණ තුරු වන පෙත් මතින් ගලා ගොස් මහ මුහුද කරා ඇදී යන ගංගාවෙන් ද,සොබා දහමේ අපූරු මහිමය ද ලක් මාතාවටත්, ඇයගේ දූදරුවන් වන අපටත් ලැබී ඇත්තේ පෙර කුසලයකින්ම ය.

****

දහම් පාසල

බෞද්ධ දරුවන් වන අප විධිමත් අධ්‍යාපනයක් පාසලෙන් ලබා ගන්නා අතර ම හරවත් ගුණ දහම් ඉගෙන ගැනීමට පිය නඟන්නේ දහම්පාසල වෙතට ය. ලංකාව විදෙස් ආක්‍රමණවලට යටත් ව තිබූ කාලයේ විධිමත් අධ්‍යාපන කටයුතු පාසල මූලිකව සිදුවූ අතර, ඊට පෙර ශ්‍රී ලංකාවේ සියලු ම අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වූයේ පන්සල කේන්ද්‍ර කොටගෙන ය. පන්සලෙන් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු අද වන වට අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ විධිමත්ව සිදුවෙයි. හරවත් ගුණදහම් වලින් දරුවා පෝෂණය කර ගැනීම දහම් පාසල ආරම්භ කළ බව අපි දනිමු. ශ්‍රී ලංකාවේ දහම් පාසල් සංස්කෘතිය ශ්‍රී ලංකාවේ බෞද්ධ දුවා දරුවන්ගේ සිත් තුළ බුද්ධ ධර්මය ගැන පමණක් නොව යහපත් ගුණාංග ගැනත් වෙනදා නොවූ උනන්දුවක් ඇති කළේ ය. මෙම දහම් පාසල් අධ්‍යාපනය තුළින් බෞද්ධ දරුවන් වන අපහට ලැබෙන ප්‍රයෝජන බොහෝ ය.

****

මගේ රට

මගේ රට ශ්‍රී ලංකාව යි. එය ඉන්දියන් සාගරයේ පිහිටි සුන්දර දූපතකි. ලස්සන අපේ රටේ සහෝදර විවිධ ජාතීන් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, යුරෝපීය ජාතීන් ජීවත් වේ. මගේ රටේ ඉතා වැදගත් පෞරාණික ස්ථාන තිබේ. මෙම ආකර්ෂණීය ස්ථාන නැරඹීම සඳහා විදේශ ජාතීහු බොහෝ සේ පැමිණෙති. මේ සුන්දර අපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.

****

ආදර්ශය ලැබ ගනිමු

අපේ බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේ ය. උන්වහන්සේලා පැවිද්දෙන් පසු ගතකළ ජීවිතය බෙහෙවින් ම ආදර්ශවත් ය. ඒ චරිත දෙකෙන් අපට උගත හැකි බොහෝ දේ ඇත. සසර රැස් කර ගත් අපමණ කුසල් බලයෙන් බුදු සසුනෙහි අගසව් පදවි ලැබූ උන්වහන්සේලාගේ ජීවන චරිත අප ජීවිත ආලෝකවත් කර ගැනීමට මනා පූර්වාදර්ශයක් සපයයි. වගකීම් නිසි පරිදි දැන හැඳින ක්‍රියා කිරීමත්, ගුරු ගෞරවයත්, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයත්, නිහතමානී චාම් පැවැත්මත්, පරාර්ථ සේවාවත් ඒ අතර ප්‍රධාන ය.

****

කලා වැව

රජරට හඳුන්වන නම් කිහිපයක් වෙයි. වැව් බැඳි රාජ්‍ය, නුවර කලාවිය එයින් කිහිපයකි. නුවරවැව, කලාවැව, පදවිය වැව යන වාපී කර්මාන්ත පිහිටා ඇති නිසා නුවර කලාවිය යන නාමය පට බැඳී ඇති අතර, කලාවැව එතරම් ම වැදගත් වූ ද, විශාල වූ ද, ප්‍රදේශයක් බව අපට වටහා ගත හැකි වෙයි. අවුකන බුදු පිළිමය ඉදිකර තිබෙන හෙයින් මෙහි අගය තවත් වැඩි වී තිබේ.

කලාවැව යන පොදු නාමය වැව නිසා යෙදී ඇති අතර, මුළු භූමියම ඒ නමින් හැඳින්වීමට ජනතාව පුරුදු වී සිටිති. ධාතුසේන රජතුමා මේ වැව තැනීමට මුල් වූ බව ඉතිහාසගත ප්‍රකට කතාවකි. ඊට පසුබිම් වූයේ එම රජතුමාගේ කාලයේ සිදුවීමක් යයි මුඛ පරම්පරාගතව පවතින තොරතුරුවලින් අනාවරණය වෙයි.

****

ගිරා පවුල

****

මගේ නංගී

   ඇසළ පුර අටවක පෝය 

ඇසළ පුර අටවක පෝය ජුනි 28 ඉරිදා පූර්වභාග 02.53න් පුර අටවක පෝය ලබා 29 වැනිදා සඳුදා පූර්වභාග 00.35 පෝය ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 04 සෙනසුරාදා 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]