[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනාගත බුදුවරයා

අනාගත බුදුවරයා

මම මේ ලොවට පහළ වූ ප්‍රථම බුදුවරයා නොවෙමි. එසේ ම අන්තිමයා ද නො වෙමි. පූර්වයෙහි මෙලොව පහළ වූ බොහෝ බුදුවරයන් ඇත. යථා කාලයේ දී මේ සංසාර චක්‍රයෙන් ද වෙනත් බුදුවරයෙක් පහළ වන්නේ ය.

බුදුරදුන් පිරිනිවන් පෑමට ළංවෙත් ම අනඳ තෙරුන් ඇතුළු බොහෝ ශ්‍රාවකයෝ වැළපුනා හ. බුදුහු ඔවුන් අමතා මෙසේ කීහ. ආනන්දයෙනි, පමා නො වන්න, නො හඬන්න. සියල්ල අනිත්‍ය ස්වභාව කොට ඇති බැවින් අභාවයට යන බැව් මම ඔබට කල් තියා කියා දී ඇත. අප ඇසිරු කරන ප්‍රිය වූ සියලු දෙයින් අප වෙන් විය යුතු ය. මමත්වය ගැන මෙනෙහි කරන්නා අනුවණයෙකි. නුවණැත්තා මමත්වය ගොඩනැගිය හැකි බිමක් නො දක්නේ ය. ඒ අනුව නුවණැන්තාට ලෝකය පිළිබඳ නිවැරැදි සංකල්පනා පහළ වන්නේ ය. සියලු සංස්කාරයන් යළි දියවී යන බව තීරණය කරන්නේ ය. එහෙත් ධර්මය නිරතුරුව පවත්නේ ය. බුදුහු තව දුරටත් මෙසේ කීහ. විශිෂ්ට ධර්ම ශරීරයක් පවතිද්දී මේ ශරීරය කුමක් නිසා ආරක්ෂා කළ යුතු ද? මම තීරණාත්මක වීමි. මගේ පරමාර්ථය ඉටු කෙළෙමි. මා වෙත පැවරුණු කාර්යයෙහි යෙදුනෙමි.

ආනන්දයෙනි! ඔබ ගේ ප්‍රයත්නයෙහි පමා නොවන්න. ඔබ ද නොපමාව සියලු බැඳීම්වලින් මිදෙනු ඇත. සියලු රසාස්වාදයෙන්, මිථ්‍යාවෙන් හා අවිද්‍යාවෙන් මිදෙනු ඇත.

කඳුළු මැඩ ගනිමින් ආනන්ද හිමි මෙසේ කීයේ ය.

“ඔබ වහන්සේ ගිය කල අපට ධර්මය කවුරු කියා දෙත් ද?

බුදුන් වහන්සේ ගේ අවවාදය වූයේ "මගේ ධර්මය ගුරුවරයා ලෙස සැලකීමට යි.”

බුදුරජාණන් වහන්සේ යළිත් මෙසේ ද පැවසූ සේක. මෙ ලොව පහළ වූ ප්‍රථම බුදුවරයා මම නොවෙමි. අන්තිමයා ද මම නො වෙමි. යථා කාලයේ දී මෙ ලොව වෙනත් බුදුවරයෙක් පහළ වන්නේ ය. හේ සර්වඥතාඥානයෙන් යුක්ත ය. ප්‍රඥාවන්ත ය. විශ්වය මැනවින් දන්නේ ය. මිනිසුන් අතර අසමසම ය. දෙවියනට හා මිනිසුනට ශාස්තෘය. උන්වහන්සේ ද ඔබට සනාතනික සත්‍ය මා ඉගැන් වූ පරිදි ම හෙළිදරවු කරන සේක. උන් වහන්සේ ද ආගමික ජීවිතයක් ප්‍රකාශ කරන සේක. එය ද මා විසින් ප්‍රකාශිත ජීවිතයට හාත් පසින් සම වූ පූර්ණත්වයෙන් හා පවිත්‍රත්වයෙන් යුක්ත වූවකි. "අපි කෙසේ උන් වහන්සේ දැන ගන්නෙමුදැයි" ආනන්ද තෙරුන් විමසූ විට බුදුන් වහන්සේ ගේ පිළිතුරු මෙසේ විය. උන් වහන්සේ මෛත්‍රෙය නම් වෙයි. එහි අරුත කරුණාවත්, හිතවත් බවත් ය.

බෞද්ධයින් විශ්වාස කරන්නේ දැනට පින් දහම් කරමින් ආගමානුකූල ජීවිත ගත කරන්නවුන් මිය පරලොව ගොස් යළි මිනිසුන් ලෙසින් මෛත්‍රෙය බුදුන් දවස ඉපදී ගෞතම බුදුන් දක්වා ලූ නිර්වාණය ම ලැබිය හැක්කවුන් බව ය. ඒ අනුව උන්වහන්සේ ගේ ධර්ම දේශකත්වයෙන් විමුක්තිය ලබා ගන්නෝ ය. උන්වහන්සේ ගේ ධර්මය ඈත අනාගතයේ සියලු දෙනා ගේ බලාපොරොත්තුව යි. ඒ කෙසේ වෙතත් බුදු දහම අනුව නිවන් සුවය බුදුවරයකු පහළ වූවත් නොවූවත් කවර අවස්ථාවක දී වූව ද ලබාගත හැකි ව න්නේ ඒ සඳහා යථාර්ථවාදී ව ක්‍රියාකාරී වුවහොත් පමණි.

“යම්තාක්කල් මා ගේ ශ්‍රාවකයෝ පවිත්‍ර ආගමික ජීවිතයක් ගත කෙරෙත් ද ඒ තාක් කල් රහතුන් ගේ හිඟයක් නො වන්නේ ය.”

මහා පරිනිර්වාණ සූත්‍රය

   පොසොන් අව අටවක පෝය 

  පොසොන් අව අටවක පෝය ජුනි12 සිකුරාදා අපර භාග 10.52 න් අව අටවක ලබා 14 ඉරිදා පූර්ව භාග 00.59 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 20 වනදා
සෙනසුරාදා
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]