[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චෙන්නායි මහා බෝධියේ වෙසක් සැමරුම

චෙන්නායි මහා බෝධියේ වෙසක් සැමරුම

සාක් රටවල් අතුරින් වැඩිම පිරිසක් කොරෝනා රෝගයට ගොදුරුව ඇත්තේ අසල්වැසි ඉන්දියාවේ ය. කොරෝනා රෝගය පැතිරයාමත් සමඟම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සමස්ත රටම දින 21 කට වසා දමන ලදී.

එවන් තත්ත්වයක් මත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව පිරිනිවන් පෑ රටේ වෙසක් සැමරීමට සිතීම පවා ඉමහත් දුෂ්කර කාර්යයක් විය. එහෙත් කෙසේ හෝ අඛණ්ඩව ම වෙසක් සැමරුම සිදු කළ යුතු හෙයින් ඉන්දියාවේ චෙන්නායි මහබෝධි මධ්‍යස්ථානාධිකාරී කලවානේ මහානාම හිමියන් විසින් චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය තුළ වෙසක් අසිරියෙන් සිරි ගන්වන ලදී.

ඒ අනුව බෞද්ධ කොඩි 100 කට අධික ප්‍රමාණයක් සහ වෙසක් පහන් කූඩු ද 100 කට අධික ප්‍රමාණයක් සකස් කර බුදුරජාණන් වහන්සේට ගෞරව පුද සත්කාර කළහ. එමෙන්ම පිරිත් සජ්ඣායනා කරමින් මේ රෝබිය තුරන් කිරීම උදෙසා කටයුතු කරන ලදී.

රටක් වසා තිබියදී මෙන්ම එළියට බැසීමටවත් නොහැකි ලෙසින් විශාල ගැටලු රැසකට මැදිව වෙනත් කිසිදු බෞද්ධයකු අහල පහළින් සොයා ගැන්මට නොහැකි අවස්ථාවක උන්වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ උදෙසා කරන ලද මේ පූජෝපහාරය සුළුපටු නොවේ.

 වෙසක් අමාවක පෝය 

  වෙසක් අමාවක පෝය මැයි 21 බ්‍රහස්පතින්දා අපර භාග 09.36 න් අමාවක ලබා 22 සිකුරාදා අපර භාග 11.08 න් ගෙවේ. සිකුරාදා සිල්
 

මීළඟ පෝය 30 වනදා
සෙනසුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 22

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසෙලාස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]