[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

  වරකාගොඩ ශ්‍රී ඤාණරතන
මහා නා හිමි

 

සසුන් කෙත පොබ කළ යතිවර දිවියක උදාර නාමය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමි

හාරිස්පත්තුව වරකාගොඩ දූල්දෙණිය රාජකරුණා නවරත්න අතපත්තු වාසල මුදියන්සේලාගේ මුදියන්සේ සහ හිඟුල්වල අලකොලදෙණියේ දුග්ගන්නා රාළලාගේ පිංචි අම්මා දම්පතීන්ගේ තෙවන දරුවා ලෙස 1942 මාර්තු 18 වන දා පින්වන්ත කුමරුකු මෙලොවට බිහි විය. එම කුමරුවා දොළොස් වන වියෙහි දී උඩපිටියේ ශ්‍රී සුමංගල නා හිමි, මැදගොඩ පඤ්ඤානන්ද නාහිමි, අළුදෙණියේ රතනපාල නාහිමි සහ රඹුක්වැල්ලේ සද්ධානන්ද නාහිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් එවකට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දර ව වැඩ විසූ, යටවත්තේ ධම්මරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී 1955 අප්‍රේල් 07 වන දා පැවිදි බිමට පත්වූහ. වරකාගොඩ ඤාණරතන හිමි නාමයෙන් එසේ පැවිදිබිමට පත්ව ශාසනික වත් පිළිවෙත් මැනවින් හැදෑරූහ. අස්ගිරි මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී 1962 ජුනි 09 වන දා උපසම්පදාව ලැබූහ. බදුල්ල විද්‍යාත්තංස පිරිවෙනින් සහ වත්තේගම ශ්‍රී ධර්මදීප පිරිවෙනින් ද මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ අස්ගිරි මහා විහාර පිරිවෙනින් සහ පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනින් ද අධ්‍යාපනය ලැබූහ. 1970 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් වරකාගොඩ ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ බදුපොල විද්‍යාලයෙන් ගුරු භූමිකාව ආරම්භ කළහ. අනතුරුව මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, කොත්මලේ මඩකුඹුර විද්‍යාලය, පාතදුම්බර මහා විද්‍යාලය, පොල්ගොල්ල මහා විද්‍යාලය යන පාසල්වල ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස විසි පස්වසරක පමණ කාලයක් සේවය කරමින් පාසල් දරුවන්ගේ නැණ නුවණ දියුණු කිරීමට උදාර මෙහෙවරක් ඉටු කළහ.


මැදින් අව අටවක පෝය 

මැදින් අව අටවක පෝය මාර්තු 16 වන දා සඳුදා පූර්ව භාග 03.19 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 23 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසළොස්වක

අප්‍රේල් 07


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]