[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෝදා පෙරවරු 06.00-06.30 සීල සමාදානය, ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 06.30-07.00 උදෑසන බුද්ධ පූජාව ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, ,08.00-09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති , කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00-10.00 පෙරවරු ධර්මදේශනාව අතුරුගිරියේ සුබෝධ හිමි, 10.00-11.00 ධම්මපදයෙන් බිඳක් කොලොන්නාව පුරාණ විහාරවාසී, කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංස හිමි, 11.00-11.30 ධම්මපදයෙන් බිඳක් කොලොන්නාව පුරාණ විහාරවාසී, කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00-11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසි, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15-02.00 සීල භාවනා සමිතිය, 02.00-03.00 වෛද්‍ය දේශනය, 03.00-04.00 පස්වරු ධර්ම දේශනාව විලච්චියේ සුමනසිරි හිමි, 04.00-05.00 පස්වරු ධර්ම දේශනාව කොලොන්නාව පුරාණ විහාරවාසී, කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය , ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 05.00-06.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00-07.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසි, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00- 08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව අනුරාධපුරයේ අරියඤාණ හිමි

****

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ උපදෙස් මත මැදින් මස පුර පසළොස්වක පෝය දින කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරයේදී පින්කම් රැසක් පැවැත්වේ. පෙරවරු 08.30 ට ධර්ම දේශනාව මානින්ගමුවේ කුසලසිරි හිමි 10.00 සදහම් වන්දනාව හා දවල් සම්බුද්ධ පූජා වන්දනාව මෙහෙයවීම හොරණ ශී‍්‍ර අනුලාරාමවාසී ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, සවස 01.30 භාවනා වැඩසටහන වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ , 03.30 ධර්ම දේශනාව, මොරටුවේ සුසීලවංශ හිමි, රාත්‍රී 7.00 ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා පින්කම මෙහෙයවනු ලබන්නේ වීරියගම අනුරුද්ධ හිමි

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරය

සීදුව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දී මැදින් පෝදා පින්කම් මාලාවක් විහාරාධිපති, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන – මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව, ප්‍රජාපතී කුළඟණ සමිතිය හා විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම්පාසලේ ද සංවිධානයෙන් පැවැත්වේ.

අළුයම 5.00 ආහාර කිරි ආහාර පූජා කිරීම, උදෑසන 6.00 ට සීල සමාදානය මෙහෙයවීම සීදුවේ සුමනවංස නාහිමි, බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 8.00-9.00 ධර්ම දේශනාව, කැලණිය මානෙල්වත්ත නාගානන්ද විශ්ව විද්‍යාලයේ නැදගමුවේ සෝම හිමි, 9.00-10.45 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම – කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අශෝක පි‍්‍රයදර්ශන මහතා, ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්. ඉන්ද්‍රසේකර මහතා, ධර්මාචාර්ය අනුර සිරිමාන්න මහතා, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර මහතා, ධර්මාචාර්ය කේ.ඒ.එස්. ආර්. දයානන්ද මහතා 11.00 මුල්තැන් බුද්ධ පූජාව පස්වරු 12.00-12.30 ,සක්මන් භාවනාව, 12.30-1.00 තෙරුවන් වන්දනාව හා පිරිත් සජ්ඣායනය , 1.30-2.30 ධර්ම දේශනාව, දෙමංහන්දිය ජපන් බෞද්ධ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මුතුවාඩියේ උපසීහ නාහිමි, 2.45-3.45 ධර්ම දේශනාව, ශාස්ත්‍රවේදී මාදූවේ කෝලිත හිමි, 4.15-5.15 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදි ඇඹිලිපිටියේ සාරද හිමි,

6.00 නව වසරට ආශිර්වාද කිරීම සඳහා අටවිසි බුද්ධ පූජාව හා බෝධි පූජා පින්කම පවත්වා රාත්‍රී 7.00 ට ආශිර්වාද තුන්සූත්‍ර, ධම්මචක්ක , ගිරිමානන්ද, ජය පිරිත් දේශනා කරමින් දැනට පවතින කොරෝනා වසංගතය ඉක්මනින් දුරුවේවායි ප්‍රාර්ථනා කිරීමටත්, සැමට ආශිර්වාද කිරීම සඳහාත් සංවිධානය කර ඇත.

****

බම්බලපිටියේ සිරි වජිරාරාමය

මැදින් පෝදා 06.00- 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි ,08.00 -09.00 ධර්මානුශාසනාව අධ්‍යාපනවේදී කැලණියේ සාසනවංශ හිමි, 09.00-10.00 භාවනාව, අනුශාසනාව , ජර්මනියේ හැම්බර්ග් සිරි වජිරඤාණ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තල්පාවිල කුසලඥාණ හිමි, 10.00-11.15 ධර්මානුශාසනාව හා බුද්ධ පූජාව – රාජකිය පණ්ඩිත ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි, පස්වරු 12.30- 01.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව – සිරි වජිරාරාමාධිකාරි සිරි වජිරාරාම දහම්පාසල් අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමි , 01.15-2.30 ධර්ම සාකච්ඡාව – සිරි වජිරාරාම දහම්පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි,03.00- 04.00 භාවනාව සහ අනුශාසනාව – සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 04.00-05.00 ගිහි දේශනය– රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා, 05.00-06.00 ධර්මානුශාසනාව – මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනාධිපති උඩඊරියගම ධම්මජීව හිමි, 06.00-06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා

****

කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ මැදින් මස පුරපසළොස්වක පොහෝදා සීල, භාවනා ,ධර්ම දේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ. එදින පෙරවරු 6.00- 6.30 උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි. 7.00-7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නා හිමි 8.00-9.00 භාවනාව ශ්‍රී ජයශේඛරාරාමවාසි ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15-10.15 ධර්ම දේශනය ශ්‍රී ජයශේඛරාරාම විහාරවාසී, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ආචාර්ය ශාස්ත්‍රපති, බුලනවැවේ වජිර බුද්ධි හිමි, 10.30-11.00 දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නා හිමි . පස්වරු 12.15-12.45 සෙත්පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමීන් වහන්සේලා 2.15-3.15 ධර්ම දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසී සෙවණගල අජිත හිමි, 3.30-4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ජයශේඛරාරාමවාසී තලල්ලේ ධම්මදේව හිමි 4.30-5.30 ධර්ම දේශනය, මරදාන බෞද්ධාරාමයේ විහාරාධිපති ශාස්ත්‍රපති ලුණුගම්වෙහෙරේ විමලානන්ද නා හිමි, 6.00 සිල් පවාරණය , රාත්‍රී 6.45-7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව .

****

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි මැදින් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්ද්‍රරතන, ඇලපිටිවල නන්දවිමල , වේවැල්දූවේ ධම්මකිත්ති, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

****

සුවඳ දුම් පූජාවක්

ඓතිහාසික කැලණි රජමහා විහාරස්ථානයේ දී වැල්ලම්පිටිය වෙන්නවත්ත ශ්‍රී කල්‍යාණි වංශිකාරාම පුරාණ මහා විහාරස්ථානයේ සිට සවස 2 ට සුවඳ දුම් රැගත් පෙරහර අඹතලේ ප්‍රධාන මාර්ගය ඔස්සේ කැලණි පුදබිමට ළඟාවීමට නියමිත ය.

අසූහාර දහසක් ධර්මස්කන්ධය උදෙසා සුවඳ දුම් පූජාවද, අඩි 25 උස හඳුන්කූරු දැල්වීම, කන්චුක පූජා , ඖෂධ ගිලන්පස පූජා, සෙත් පිරිත් දේශනා පැවැත්වේ. ශාස්ත්‍රපති ලුණුවිල දීපසිරි හිමියන් විසින් එම පූජාව මෙහෙයවනු ලැබේ. දෙමටපිටියේ රතනසිරි හිමියන් විසින් එම පින්කම සංවිධානය කර ඇත.

****

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන මැදින් පෝදා ආගමික වැඩසටහන් මාලාව මෙසේය. පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම නාපිටියේ විජිතනන්ද හිමි ,07.30- 09.45 ධර්මදේශනාව / භාවනාව – දොරවක සුසීම හිමි, 10.00-11.00 ධර්ම දේශනාව ගොම්බද්දල දමිත හිමි ,පස්වරු 01.00- 02.45 ධර්ම දේශනාව,දැරණියගල ශෛලගිරි ආරණ්‍ය සේනාසනයේ දොරපනේ රතනසාර හිමි, 03.00-04.30 ධර්ම දේශනාව, උණවටුනේ වංශානන්ද හිමි, 04.45-06.00 ධර්ම දේශනාව, සිල් පවාරණය හා අලුත් කිරීම, පිරිවෙන් සම්බන්ධීකරණ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක, කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 06.15 -07.00 පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත්වූ බෝධි පූජාව (පටිගත කරන ලද) 7.10-08.30 ධර්මදේශනාව – ධර්මාචාර්ය කේ.පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

මැදින් පෝදා පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 08.00-09.00 භාවනාව මෙහෙයවීම වැලිමඩ පසන්නමානස හිමි, 09.00-10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත වේපතඉර හේමාලෝක හිමි, 10.00-11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, පස්වරු – 12.25- 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30-01.00 පිරිත් හා තෙරුවන් ගුණ – ඇරැව්වල සමිත හිමි, 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 02.00-03.00 වෙසෙසි දෙසුම මනෝවිද්‍යා උපදේශක සුරංග අමරකෝන් මහතා, 03.00-04.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත හාපිටිගම විජිත හිමි, 4.15-5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 -6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00-6.30 බෝධිපූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.

****

මහනුවර තරුණ බෞද්ධ සංගමය

පෙරවරු 06.45-7.30 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව මහනුවර, අස්ගිරි මහා විහාර පිරිවෙන් , විහාරවාසී වීරවිල පුණ්‍යරතන හිමි, 08.30-10.30 ධර්මානුශාසනාව හා භාවනාව – කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසපු විහාරධිපති, නාලන්දේ පවර හිමි, 10.30-11.30 දවල් බුද්ධ පූජාව–මහනුවර, අස්ගිරි මහා විහාර පිරිවෙන් විහාරවාසී කරල්ලියද්දේ සුමනසිරි හිමි, පස්වරු 12.30-01.30 ධර්ම සාකච්ඡාව – මහනුවර, මාපනාවතුර සම්බෝධි විහාරාධිපති ,රණවන ජනරජ විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති ඇකිරියේ පඤාඤානන්ද හිමි 01.30-02.30 ධර්මානුශාසනාව – මහනුවර ,වට්ටාරන්තැන්න,සමාධි සංස්කෘතික කේන්ද්‍ර විහාරවාසී,හේනේගම ශ්‍රී සංඝානන්ද විද්‍යායතන පිරිවෙණේ ආචාර්ය අත්තරගම කුශල හිමි,03.00-04.15 ධර්මානුශාසනාව හා සිල් පවාරණය – පැනිදෙණිය භාරතීය පිරිවෙණේ නියෝජ්‍ය පරිවෙනාධිපති ආචාර්ය කොළඑළියේ සුදස්සී හිමි.

****

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 5.30 - ක්ෂීරපායාස බුද්ධ පූජාව, 6.00- සීල සමාදාන හා ධර්මානුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි,8.00-9.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 09.00-09.30 භාවනාව මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 09.30-10.30 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 10.30-11.00 දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15- 1.00 ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව, 01.00-2.00 ධර්ම දේශනාව, උඩුදුම්බර කාශ්‍යප හිමි, 02.00-03.00 ධර්ම දේශනාව මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 3.30-5.00 ධර්ම සාකච්ඡාව මහකෙලියේ ලොකු ස්වාමින් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 5.00 පුණ්‍යානුමෝදනාව , කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය , 6.00 ඖෂධ 108 සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව සහ ධාතු වන්දනාව

****

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පුජාව පැවැත්වීම, ජර්මනියේ හැම්බර්ග් වජිරාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත විනයාචාර්ය තල්පාවිල කුසලඤාණ හිමි 08.00 - 09.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 09.00 - 10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00 - 11.00 ධර්ම දේශනාව දෙමටගොඩ ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පිටිගල විජිත නාහිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව සෙල්ලකතරගම සංහිඳ හිමි, කිඹි ඇල ඤාණවාස හිමි, පස්වරු 12.15 - 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 - 01.00 පිරිත් හා තෙරුවන් ගුණ ඇරැව්වල සමිත හිමි, බලංගොඩ සුගතවංස හිමි, 01.00 - 02.00 ධර්ම සාකච්ඡාව, වජිරාරාමවාසී ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි, 02.00 - 03.45 ධර්ම දේශනාව නෙළුම්දෙණිය ඉසිපතන ආරණ්‍ය සේනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අස්වැද්දුමේ කමලසීල හිමි, 04.00 - 05.00 ධර්ම දේශනාව මහරගම ප්‍රඥානන්ද මහපිරිවෙණෙහි පරිවේණාධිපති රාජකීය පණ්ඩිත විද්‍යාවේදී වෑගම හේමසාර හිමි, 05.00 - 06.00 ධම්ම පදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 06.00 - 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

****

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ මැදින් පොහෝ දින දාන, සීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මැදින් පෝදා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහාවිහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. මැදින් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී මොරගොල්ලේ සිරිරතන හිමියෝ සංවිධානය කරති. පෙරවරු 6.00 අටසිල් සමාදන්වීම, 06.30 බුද්ධ පූජාව, 08.00 ධර්ම දේශනාව, ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි, 09.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 09.15 ගිහි දේශනය, මාතෘකාව මහින්ද ප්‍රසාද් මස්හිඹුල මහතා, 10.30 බුද්ධ පූජාව මධ්‍යහ්න 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි. 1.00 ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ දාපනේ චන්දරතන හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය, සහභාගිත්වය, ශාස්ත්‍රපති පාහියංගල සුමංගල හිමි, ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහත්වරු, 4.00 භාවනා වැඩසටහන, මෙහෙයවීම, කිරළෝගම සුබෝධි මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 05.00 බෝධි පූජාව, මෙහෙයවීම, ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය.

****

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී මැදින් පෝදා පින්කම් රැසක් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරේ. උදෑසන සිල් සමාදන් කරවීම, මල් පහන් කිරි ආහාර පූජාවන් ද උදේ ධර්ම දේශනාව ධර්ම ශාලාවේ පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මළුවේ පැවැත්වේ. පෝදා බත් දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව අබියස දානශාලාවේ පැවැත්වේ. කිරිබත් දන්සල එම ස්ථානයේ පැවැත්වේ. සවස මහාසේන සිල් සමිතියේ මල් පෙරහර චෛත්‍ය මලුවේ සිට අෂ්ට ඵල බෝධීන් වහන්සේ වෙතට වැඩම කර මල් පහන් ගිලන් පස බෝධි පූජාව පැවැත්වීම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදු කරණු ලැබේ. රාත්‍රී පහන් 5000 ක ආලෝක පූජාවක් කිරිවෙහෙර 3 වන මළුව සමීපයේ පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, මහාසේන සිල් සමිතිය, ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 06.00 - 07.00 සීල සමාදානය, 07.00 - 07.30 තෙරුවන් වන්දනාව, 08.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව පෙරවරු වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. පස්වරු 12.30 - 01.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනය මොරාවත්තේ සුබෝධි හිමි, 2.00 - 3.30 ධර්ම දේශනය වලපනේ ඤාණසේන හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය අනුරාධපුරේ පසන්නඤාණ හිමි , 05.00 - 6.00 ගලගම කරුණාකර හිමි.

****

හේවගෙවත්ත ශ්‍රී පන්ථාරාම පුරාණ විහාරස්ථානයේදී පින්කම් මාලාවක්

මාතර කැකනදුර හේවගෙවත්ත ශ්‍රී පන්ථාරම පුරාණ විහාරස්ථානයේ දී බෝගස්ඉඳිවැව සරණතිස්ස නා හිමියන්ගේ 85 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ මහා පින්කම සහ 80 මහා ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා නිරාවරණය කිරීමේ පින්කමක් මැදින් පෝ දින අලුයම සිදු කෙරේ. පන්ථාරාම විහාරස්ථානයේ මැදින් පොහොය දින දවස පුරා පැවැත්වෙන සීල සමාදාන වැඩසටහන සඳහා සෙසු දහම් පාසල් හතරක් නියෝජනය කරමින් දරුවන් සහ ඇදුරු මඬුල්ල උපෝෂථ අෂ්ටාංග සීලය සමාදන් කරවන අතර, සතර පේරුවේ උවසු උවැසියන් 500 ට අධික පිරිසක් සීල සමාදානයේ යෙදීමද සිදු කෙරේ. නා හිමි ජන්ම දිනය මහා පින්කමේ සියලු කටයුතු සංවිධානය කරනු ලබන්නේ සිරි පියරතන දහම්පාසලේ ප්‍රධාන ආචාර්ය අකුරුගොඩ පඤ්ඤාතිස්ස හිමියන් ඇතුළු විහාරස්ථ මහා සංඝරත්නය විසිනි.

පෝදා පෙරවරු 4.00 - පිරිත් දේශනාව, 5.00 විශේෂ ශබ්ද පූජාව (තේවාව) 5.44- සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය , 5.48- අසූ මහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ ප්‍රතිමා නිරාවරණය , 6.00- උදෑසන බුද්ධ පූජාව හා කිරි ආහාර සම්බුද්ධ පූජාව පෙරහරෙන් විහාරස්ථානයට වැඩමවීම, 6.45- උපෝෂථ අෂ්ඨාංග සීලය පිහිටුවීම හා උදෑසන බුද්ධ වන්දනාව , 7.30 - බුදු ගුණ පිරිත, 8.00- හීල් දානය, (සිරි/පියරතන ධර්ම විද්‍යාලයේ ඇදුරු මඬුල්ල දෙමව්පියන් හා දූ දරුවන් විසින්) 8.45 දායකත්ව ධර්ම දේශනාව, 9.45 භාවනාව (ආචාර්ය බණ්ඩාර මහතා) 10.00 ගිලන්පස (ගමගෙවත්ත වෙල්පහළ දායක පිරිස) 10.45 දවල් සම්බුද්ධ පූජාව, 11.20 දවල් දානය (සතරපේරුවේ දායක පිරිස) පස්වරු 1.00– කාව්‍යමය ධර්ම දේශනාව, 2.00- ජාතක කතා ධර්ම දේශනාව , 3.00 - දායකත්ව ධර්ම දේශනාව , 4.00- ගිලන්පස (ඔසුපැන්) 4.15- ධර්ම කථිකාව (විශ්‍රාමලත් විදුහල්පති නන්දසේන විදානගම මහතා) 5.15 -සිල් පවාරණය , 5.30 අසූ මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා උදෙසා අෂ්ඨපාන ගිලන්පස පෙරහර , පස්වරු 6.30 අසූ මහා ශ්‍රාවක මහා රහතන් වහන්සේලා උදෙසා පවත්වන විශේෂ පූජාව.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]