[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සඟ සතු කර පූජා කිරීම 15 දා

සඟ සතු කර පූජා කිරීම 15 දා

ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරය 1974 වර්ෂයේ දී පමණ හොලිවුඩ් ප්‍රදේශයේ ඉතා කුඩා නිවසක අරඹන ලද්දේය. 2000 දී තුසදිනා නුවරට එය ගෙන ගොස් පුරා වසර විස්සක මහ මෙහෙවරක් සිදුකොට බොහෝ දෙනාගේ පහසුව හා ආරාමික පරිසරය ඉඩකඩ සලකා වත්මන් විහාරාධිපති අහංගම ධම්මාරාම නා හිමියන්ගේ පූර්ණ ආශිර්වාදය ඇතිව විහාරාධිකාරි මාකදුරේ ධම්මපිති හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා ශ්‍රී ලංකා ඇමරිකා බුද්ධධම්ම සංගමයේ කාර්ය සාධක සමිතියේ මහත් උත්සාහයෙන් පරලොව සැපත් වෛද්‍ය දොන් එඩ්රියන් ජයසිංහ පියාණන්ගේ පස් සැත්තෑ වැනි ගුණානුස්මරණය වෙනුවෙන් වෝල්ටර් ජයසිංහ මහතා සහ අයේෂා ජයසිංහ මහත්මියගේ මූලික ධන පරිත්‍යාගයෙන් හා සෙසු දානපතින්ගේ දායකත්වයෙන් එම ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරය යළදු කොවීනා ප්‍රදේශයෙහි පිහිටුවා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරය දැරූ අග්ගමහා පණ්ඩිත මඩිහේ ශ්‍රී පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආගමික සේවාව සුපවත් කරුණු පිණිසත්, පන්සාළිස් වසරෙක විහාරිය උතුම් සදහම් සේවාව සමරනු පිණිසත් භාවනා මධ්‍යස්ථානයක් වශයෙන්ද වැඩි දියුණූු කොට. අමරපුර ධර්මරක්ෂිත මහ නිකායේ මහානායක බම්බලපිටිය වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමියන් ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පූජාකිරීමට කටයුතු යොදා ඇත. මහා සංඝරත්නය වෙත සඟ සතු කොට පූජා කිරීමේ මා හැඟි පින්කම් මාලාව 2020 මාර්තු මස 15 ඉරු දින සවස 3 ට සිට සිදු කෙරේ. 16 වැනි සඳුදා දින සිට 21 වන සෙනසුරාදා දක්වා සෑම දිනකම සවස 7 සිට පින්කම් මාලාවක් සංවිධානය කොට ඇත.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]