[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංකල්ප විහාරයේ වාර්ෂික මල් පූජා පින්කමක්

සංකල්ප විහාරයේ වාර්ෂික මල් පූජා පින්කමක්

පිළියන්දල මාකන්දන සංකල්ප විහාරයේ වාර්ෂිකව සිදුකරන මල් දස ලක්ෂයක් පූජා කිරීමේ පින්කම නිමිත්තෙන් පැවැත්වෙන පින්කම් මාලාව මාර්තු 24 දින සිට ආරම්භ වේ. එදින සිට 28 දක්වා පෙරවරු 5.00 ට කිරි ආහාර බුද්ධ පූජාවද ඊට සමගාමී ව සවස 6.00 ට අටවිසි ගිලන්පස බුද්ධ පූජාවද පැවැත්වෙන අතර එම දින පුරාවට රතන සූත්‍ර දේශනාව සහ රාත්‍රී 9.00 ට ධම්මචක්කපවත්තන සූත්‍රය සහ මහා සමය සූත්‍රය දේශනා කෙරේ. මාර්තු 25 සර්ව රාත්‍රික පිරිත් දේශනාව පැවැත්වෙන අතර, පසුදින උදෑසන සාංඝික දානය පැවැත්වේ. මාර්තු 24 වනදා බෝධි පූජාව මෙහෙයවීම කතළුවේ රතනසිහ හිමි. 25 වනදා මිරිස්වත්තේ ඉන්ද්‍රසිරි හිමි. 26 වනදා රාත්‍රී 7.00 ට උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ධර්ම දේශනාවද 27 වනදා රාත්‍රී 7.00 ට ගල්නෑවේ සුගත විහාරි හිමියන්ගේ ධර්ම දේශනාව ද 28 සන්ධ්‍යාවේ පිච්ච මල් 200000 ක්, රෝස මල් 200000 ක්, නෙළුම් මල් 200000 ක් අරලිය මල් 200000 ක් , ඉන්දියාවෙන් ගෙන්වන ලද දාස් මල් 100000 ක්, කපුරු, ඩේලියා සහ අනෙකුත් මල් වර්ග 100000 කින් සමන්විත දස ලක්ෂයක් මල් පූජා කිරීමේ අසිරිමත් පින්කම පැවැත්වේ. මල් බාරගැනීමේ විශේෂ කාර්යාලයක් මාර්තු 28 දින පෙරවරුවේ සිට විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අභියස පැවැත්වේ. මල් පූජාව පැවැත්වීම වැල්ලවත්තේ පඤ්ඤාසිරි නා හිමියන් විසිනි. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප විහාරස්ථ දායක සභාව, මැදින් මල් වසන්තය පින්කම් කමිටුව සහ සංකල්ප විහාරස්ථ සංවිධාන ජාලය එම පින්කම් මාලාව සංවිධානය කර ඇත. එම අවස්ථාවන්ට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල , නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමා, ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගි වීමට නියමිතය.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]