[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ පාරමිතා පෙරහර මැදින් පෝදා

අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ පාරමිතා පෙරහර මැදින් පෝදා

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන ‘දසපාරමිතා පෙරහර’ 29 වෙනි වරටත් අඛණ්ඩ ව පැවැත්වේ. එය මැදින් පෝදා රාත්‍රී 07 ට පමණ ආරම්භ වේ.

1991 වර්ෂයේ මල් පෙරහරක් වශයෙන් ආරම්භ වූ එම පාරමිතා පෙරහර කොළඹ පුරවරයේ දර්ශනීය අත්‍යලංකාර පෙරහරක් බවට පත්වී ඇත.

පාරමිතා පෙරහරේ නියමුවා කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ‘අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානය, බොරැල්ල චන්ද්‍රලේඛා මාවතේ භික්ෂු ගිලානෝපස්ථානයේ ද ආධිපත්‍යය හොබවනු ලබන අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායයේ අනුනායක බොරැල්ලේ අතුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. අතුල නාහිමි විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමකි.

දහම් සිසිලෙන් ජනතාව සනසන උන්වහන්සේ වැඩම නොකළ ගම්මානයක් නැති තරම් ය. අතුල නාහිමියන්ට මෙවන් දර්ශනීය අත්‍යලංකාර පාරමිතා පෙරහරක් පැවැත්වීමට දායකකාරකාදීන්ගෙන් මෙන්ම වෙනත් ප්‍රභූන්ගෙන් ලැබෙන සහයෝගය, ශක්තිය ඉතා වැදගත් ය. අලි ඇතුන් සහිත උඩරට , පහතරට, සබරගමු ආදි නර්තනයන්ගෙන් හා පෞරාණික සංස්කෘතිකාංගයන්ගෙන් පාරමිතා පෙරහර අලංකාරවත් වේ. වර්ෂ 29 ක් අඛණ්ඩව මෙවන් පෙරහරක් පැවැත්වීමට නාහිමියන්ට විශේෂ ශක්තියක් වී ඇත්තේ දැන උගත් බුද්ධිමත් ශිෂ්‍යවරයන් වහන්සේලා නිසාය. කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරි හල්පිටි හේවාගම් රයිගම් කොරළත්‍රයේ උප ප්‍රධාන සංඝ නායක බෝගහවැව රතන නාහිමියන්ද , බ්‍රිතාන්‍යයේ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක වඳුරඹ කස්සප නාහිමියන්ද, පණ්ඩිත බොරැල්ලේ මංගල හිමියන්ද, එම ශිෂ්‍යවරයන් අතරවේ. මෙම පාරමිතා පෙරහර නැරඹීම සඳහා දේශීය විදේශීය විශාල පිරිසක් සහභාගි වෙති. ඔවුන්ගේ අභිලාෂයන් මල්ඵල ගන්වමින් බෞද්ධාලෝක මාවත, බොරැල්ල, ආදි ප්‍රධාන නගරයන්හි වීථී සංචාරය කෙරේ. පාරමිතා පෙරහරේ මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම විශ්‍රාමික මේජර් ජෙනරාල් රාජ්‍ය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මැතිතුමන්ගේ සුරතින් සිදු කිරීමට නියමිත ය.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]