[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පැන විසඳුම් ජයග්‍රාහිකාව

මගේ පාසල

පිළියන්දල නගරයේ ඇති එකම බාලිකා පාසල පිළි /ධර්මසේන ආටිගල බාලිකාව නම් වන මගේ පාසලයි. “නැණ නුවණින් ඔපවත් වූ, ගුණ දහමින් සවිමත් වූ, චරිතවත්, අභිමානවත් දියණියන් දේශයට තිළිණ කිරීම” අප විද්‍යාලයීය දැක්ම වේ. මගේ විදු මෑණියන් සිසු දරුවන් මැනවින් හික්මවමින් නැණවත්, ගුණවත් දරු පරපුරක් බිහිකිරීමට හැමවිට උත්සාහ කරයි. සිසුවියන් දෙදහස් පන්සියයකට අධික පිරිසක් ඉගෙනුම ලබන අප පාසලේ ගුරුවර, ගුරුවරියන් එකසිය පනහක් පමණ සේවය කරයි. 1 සිට 13 වසර දක්වා ඉගෙනුම ලබන දැරියන් සිටින අති රමණීය වූ විද්‍යාල භූමිය අලංකාර කිරීම සිසුවියන්ට බෙදා දී ඇත. අප පාසලේ බෞද්ධ සිසුවියන් මෙන්ම වෙනත් ආගම්වල සහෝදරියන් ද ඉගෙනුම ලබයි. අපි එක මවගේ දරුවන් සේ විදු මව් භූමියේ හැදී වැඩෙමු. ඉගෙනුමට පමණක් නොව ක්‍රීඩා කිරීමට ද දම්සෙන් බාලිකාවියෝ සහජ දක්ෂතා දක්වති.

****

අද මැදින් පෝ දිනයයි

අද වගේ මැදින් පෝ දවසකයි අපේ බුදුරජාණන් වහන්සේ විසිදාහක් මහ රහතන් වහන්සේ සමඟ තම පියාණන් වූ සුද්ධෝදන රජතුමා බැලීමට රජ මාලිගයට වැඩම කිරීම සිදුවූයේ. ඒ වගේම යශෝදරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීමත්, ශාක්‍ය වංශයේ නෑදෑයින්ගේ මානය දුරු කිරීම සඳහා යමාමහ පෙළහර පෑමටත් මුලාරම්භය වුයේ අදවන් මැදින් පෝ දිනයක යි.

****

අපේ පන්සල

පන්සල ගැන දුරට පෙනෙන
සුදෝ සුදට අහස සිඹින
ජීවමාන බුදුන් ලෙසින
පළමුව දාගැබට වඳිමු

බෝ පත් සිළි සිළියෙ නඟන
බෝ සතුනට සෙවන දුන්න
බුදු රජුන්ගෙ දෙනෙත් පිදුන
දෙවනුව බෝ සමිඳු වඳිමු

බුදු හිමි සමවතෙහි යෙදෙන
අප හමුවේ දහම් දෙසන
විහාර ගෙයි වැඩ හිඳිනා
පිළිම වහන්සේ නමඳිමු

****

මැදින් පෝය දා

වසරක් දැන් ගත වී ගොසිනි
ශාක්‍ය ඥාතින් දක්නට සිතිනි
විසි දහසක සඝ රුවනක් මැදිනි
කිඹුල්වතට වැඩියා බුදු රජුනි

යශෝධරාවන් නිති වැළපෙන්නේ
තම හිමියන් නිති සිහියට එන්නේ
වැඩි බුදු හිමියන් දෙපා වඳින්නේ
පහදා දීමෙන් දුක සංසිඳුණේ

****

ආදරණීය අම්මා

දස මසක් කුස දරා ගෙන
කවා පොවා මා හදා ගෙන
දුක් ගිනි සිතෙහි නිවා ගෙන
අම්මා සඳකි නිති මා වෙත සිසිල දෙන

ඉරු පායන්නට පෙර නැගිටලා
හොඳ නරක නිතරම කියා දීලා
හුස්මක් පාසා මාළඟ ඉඳලා
මගේ දුක ඔබ ගත්තා මගේ දුක් නිවලා

****

ලෝභකමේ විපාකය

බෝසතාණෝ එක් භවයක ස්වර්ණ හංසයෙක් වී ඉපදුණහ. පෙර පින් බලයෙන් ජාතිස් මරණ ඥානය ලැබු මේ හංසයාට තමාගේ පෙර භවය දැකිය හැකි විය. දරු දෙදෙනෙකු හා බැමිණිය සමඟ තමා සතුටින් ජීවත් වූ බවත්, හදිසියේ ම සිදු වු තමාගේ මරණයෙන් දරු පවුල අසරණ වූ බවත් දුටුවේ ය. බැලමෙහෙවර කරමින් අසරණව ජීවත් වූ තම දරු පවුලට පිහිටවීමට අදහසක් හංසයාට පහළ විය. දිනපතා තමාගේ රන්පිහාටුවක් ඔවුන්ට දමා ගියේ ය. ඔවුහු ජීවිතය සැපවත්කර ගත්හ. දිනක් ඉක්මණින් ධනවත්වීමට සිතූ බැමිණිය හංසයා අල්ලා රන් පිහාටු සියල්ල එකවර ගැලවී ය. එසේ ගැලවූ පිහාටු එකක්වත් රන් නොවූ අතර, බැමිණිය පසුතැවීමට පත් වූවා ය.

****

මගේ දහම් පාසල

මගේ දහම් පාසල ශ්‍රී විදර්ශී දහම් පාසලයි. එය ආරම්භයේ දී කුඩා පන්සලක් පැවතිණි. ටිකෙන්ටික දහම් පාසල දියුණු විය. අපට උගන්වන සෑම ගුරුවරයෙක් ම අපිට කීවේ “මට පුළුවන්” කියන අධිෂ්ඨානයෙන් ඉගෙනීමේ වැඩ කටයුතු වගේ ම සියලු වැඩ කරන්න කියලයි. පාඩම් උගන්වන අතරම හොඳ නරක තේරුම් කර දුන් අතර ගුණවත්, නැණවත් බොදු දරු පිරිසක් ශ්‍රී විදර්ශී දහම් පාසලේ ඉගෙනුම ලබති. ඔබේ දහම් පාසලට ගෞරවයක් ගෙන දෙන්න ඔබත් දායක වෙන්න. මම සෑම පෝයකට ම සිල් සමාදන්වන, හැම ඉරුදිනක ම දහම් පාසල් යන බොදු දැරියක් වෙමි.

*****

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

මේ සිරිපා වාරය යි. උතුම් ශ්‍රී පාදස්ථානය පිළිබඳව නිර්මාණාත්මකව කෙටියෙන් ලියා අප වෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]