[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොඩි හාමුදුරුවෝ

ආදරණීය පොඩි හාමුදුරුවන් වෙත ලියමි

මං අද උදේ පාන්දරින් ම තැපැල් කන්තෝරුවට ගිය නිසා පන්සල පැත්තෙ එන්න ලැබුණෙ නෑ. මඳ වේගයෙන් බයිසිකලය පදවාගෙන යනකොට මං දැක්ක ඔබ වහන්සේ උදේ පාන්දරින් ම නැඟිටල සේපාලිකා ගහ සොලවල බිම වැටුණ මල් අහුලන හැටි...

ඒ දර්ශනය පන්සලකට ඉතා අගෙයි... උදේ පාන්දර ම නැගිටින එක ඉතා හොඳ සිරිතක්... ඉස්සර අපේ ලොකු හාමුදුරුවෝ මට කියල තියෙනවා උදේ පාන්දරම, ඒ කියන්නේ උදේ 4.00ට විතර නැඟිටිනව නම් ඒක ඉතා හොඳයි කියලා. ඒ වෙලාවට ‘බ්‍රහ්ම මුහුර්තය’ කියල ලු කියන්නේ. ඒකෙ තේරුම උතුම් ම වේලාව කියන එක යි. ඒ වේලාවට වායු ගෝලය ඉතා ම පිරිසුදු යි ලු... ඒකනං මටත් දැන් හොඳට තේරෙනව...දවල් වෙන්න...දවල් වෙන්න පාරෙ යන වාහන සංඛ්‍යාව වැඩි වෙනවා. ...හැම වාහනයකින් ම පිටවන දුම අපට අහිත කරයි...ඒකට කියන්නෙ කාබන් ඩයොක්සයිඩ් කියල...වායු ගෝලයේ තියෙන ඔක්සිජන් කොටස තමයි අපට හිතවත් වායුව, වාහන වලින් නැඟෙන දුම නිසා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා... එහෙම වුනාම අපට ජීවත් වීමට තියෙන හොඳම ශක්තිය විද්‍යාත්මක දියුණුව නිසා නැති වෙනවා... එතෙන් දී අප අතරමං වෙනවා. .. දියුණුවත් අවශ්‍ය යි...ජීවත් වීමත් අවශ්‍ය යි...ඉතිං මම කියන්න හැදුවෙ මේකයි... උදේ පාන්දරම නැගිට්ටහම වායු ගෝලය අපිරිසුදු වෙන්න ඉස්සරවෙලා හොඳ ඔක්සිජන් ටිකක් උරාගන්න අපට පුළුවන්කම ලැබෙනවා...සමහර පොඩි හාමුදුුරුවරු දවල් වෙනකං නිදාගන්නවා...ඒකෙන් දන්නෙම නැතුව වෙන්නෙ, කාලයාගේ ඇවෑමෙන් තමන් ලෙඩෙක් වෙන එකයි... ඒ විතරක් නෙමෙයි, පොඩි හාමුදුරුවෝ සේපාලිකා අහුලන්න ගිහිල්ල දන්නෙම නැතුව පොඩි ව්‍යායාමෙකුත් කරනවා...මල් අහුලන ගමන් නැගිටිනවා...නැවතත් එහෙමයි...නැගිටිනව...වාඩිවෙනවා...මේක හොඳ ව්‍යායාමයක්...ඒ විතරක් නෙමෙයි, ඇඟිලිවල තියෙන කේශ නාලිකා ඉතා හොඳින් වැඩ කරන්න පටන් ගන්නවා...ඒකට හේතුව අහුලන මලක් ගානේ ඉතා පරිස්සමින් මල අල්ලන්න වෙනව...මලින් මලට එහෙම කරන්න එපායැ.. මල පොඩි නොවන විධියට පරිස්සමින් අල්ලන්න ඕන...එතන හොඳ ඉවසීමක් පුරුදු වෙනවා...කලබලකම් අඩු වෙනවා...මලට හානියක් නොවන්නට වග බලා ගන්නවා...මේක හොඳ අභ්‍යාසයක්...සුපරීක්ෂාකාරී බව මනස තුළ පෙළ ගැහෙනවා... ඒ විතරක් නෙමෙයි...ඒ සියුම් අභ්‍යාසයට මොළයත් පුරුදු වෙනව...

ඒ වගේම, උදේ පාන්දර ම නැහැයට දැනෙන ප්‍රසන්න මල් සුවඳ! හරි අපූරු යි! ...ඒ සුවඳින් සිත ප්‍රබෝධමත් වෙනව...අලුයම ලැබෙන හොඳ අත් දැකීමක්...මමත් දැක්කේ යන්තං...මම පන්සල ළඟින් යනකොට 5.30ට වගේ ඇති...මට වෙන ගමනක් යන්න තිබුණ නිසා කථා නොකරම ගියා...අපේ ගෙදර හැදෙන ළමයෙකුට වඩා, කොහොම වුණත් ඔබ වහන්සේ පින් කරලා තියෙනවා. පොඩි හාමුදුරුවො හොඳ හොඳ දේ ඉගෙන ගෙන අපට බණ කියන තුරු අපි බලාගෙන ඉන්නෙ...ගමේ උපාසක අම්මලා කීප දෙනෙකුත් ඔබ වහන්සේ ගැන කථා කළා...සතුටින්!...හොඳ කෙනෙක් ගැන කථා කරන්න ලැබෙන එකත් කොච්චර හොඳ ද? නේද? ...පුංචි රාහුල හාමුදුරුවෝ ගැනත් තවම හොඳ කියනවා...කාලය අවුරුදු දෙදාස් හයසීයත් ඉක්මවල ගිහිල්ලා...ඒත් හොඳකීම ඉවරයක් නෑ. අපිත් පොඩි හාමුදුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ අන්න ඒ ටික ම යි...එහෙම කිව්වට කමක් නෑ... නේ... නේද හාමුදුරුවනේ?

ඉතිං අදට මං නතර වෙනව...

ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා!

බුදු සරණයි!

මීට, තැපැල් මාමා

****

මුළාව

මොහඳුර දුරලීම
තිලොවග ගුරු සොයන ඔබ
මුළාවී හරි මඟ සොයන ඔබ
සිව්සස් දම් දැන
අරි අටැඟි මඟ යන්න
යළි නොමුළා ව
නිවන් පහන් සිල
දකී

****

පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාගේ ධර්ම සන්නිවේදන කුසලතාවයන් වැඩි දියුණු කර ගැනීමට අතදීම සඳහා 'පොඩි හාමුදුරුවෝ' තීරය වෙන්වේ. ගැදි පැදි නිර්මාණ කර්තෘ, බුදුසරණ, ලේක්හවුස්, කොළඹ ලිපිනයට යොමු කරන ලෙස ගෞරවණීය ස්වාමීන් වහන්සේට ඇරයුමයි.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]