[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේල්වල සුමේධ නා හිමියෝ අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

ලේල්වල සුමේධ නා හිමියෝ අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබති

ගාලු ගඟබඩපත්තුවේ වඳුරඹ ලේල්වල නම් ගම්මානයේ දී 1950 පෙබරවාරි මස 15 වෙනි දින පින්බර දරුවෙකු බිහි විය. එල්.එම්. සිලිනෝනා සහ කේ.එල්. මානගේ එම පින්වත් දරුවාගේ දයාබර මව්පිය දෙපළ විය. එම කුමරුවන් සහෝදරයින් හතර දෙනෙකු සහ සහෝදරයන් දෙදෙනකු සහිත පවුලේ සුවිශේෂී ව බැබළෙන්නා බවට පත්විය. වසර 12 ක් වනතුරු එම සෝමසිරි දරුවා ගා/ලේල්වල කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගත්තේ ය. 1962 පෙබරවාරි මස එම දරුවාට තම දිවිමග වෙනත් මඟකට යොමු කිරීමට කැමැත්ත පළ කරන ලදී. පිළගොඩ කනිෂ්ඨ විද්‍යාලයත්, දිවිතුර ශ්‍රී ධම්මතිලක විද්‍යාලයත්, පිළගොඩ පූර්වාරාමයත්, දිවිතුර උත්තරපබ්බතාරාමයත් පිහිටුවා වදාළ බද්දේගම ශ්‍රී ධම්මතිලක නාහිමිගේ ගුරු පරපුරේ උරුමක්කරුවෙකු වන්නට වාසනාව ලැබී ය. එම වාසනාවන්ත දිනය 1962 මාර්තු මස 15 වන දින උදාකර ගන්නේ රාජකීය පණ්ඩිත කම්මට්ඨනාචාර්ය ගාලු පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පරදුව පදුමජෝති නාහිමිගේ ආචාර්යත්වයෙනි.

1974 පොසොන් මස පෑලියගොඩ ගංගාරාම උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ලබා ගත්හ. ගාල්ල ගල්වඩුගොඩ විද්‍යාරාජ විශ්වවිද්‍යාල පිරිවෙන සහ හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාල පිරිවෙන මූලික අධ්‍යාපනයේ තෝතැන්න කරගත්හ. 1974 කැලණි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් අතර, කැලණිය පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියද ලබාගත්හ. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබාගත්හ. 1976 මොණරාගල ඉඟිනියාගල ප්‍රදේශයට වැඩම කළ උන්වහන්සේ මො. ඉඟිනියාගල මහා විද්‍යාලය මුල්කොටගෙන විශාල මෙහෙවරක යෙදුණහ. 1979 ගා/ යක්කලමුල්ල මාගෙදර මහා විද්‍යාලය ද තම සේවාව බෙදාදීම සඳහා උපකාර කර ගත්හ. 1983 දී තම ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ උපස්ථානය අරමුණු කර ගනිමින් පිළගොඩ කනිෂ්ඨ විද්‍යාලය තම නැණ නුවන බෙදා දීමේ මධ්‍යස්ථානය කරගත්තේ ය. තම සේවයෙන් විශ්‍රාම ලබන තෙක් එම විද්‍යාලයේ විදුහල්පති වශයෙන් උන්වහන්සේ කළ මෙහෙවර අගය කළ යුතු ය. ආගමික ශාසනික මෙහෙවරෙහි යෙදෙන උන්වහන්සේ අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ ගාලු පළාත් සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ප්‍රධාන ලේඛකාධිකාරී යන තනතුරු හොබවනු ලැබූහ. වර්තමානය වන විටත් උන්වහන්සේ එම නිකායේ සහකාර ලේඛකාධිකාරී වශයෙන් ක්‍රියා කරනු ඇත.

බද්දේගම පිළගොඩ පූර්වාරාමය අද වන විට ලබා ඇති දියුණුව අති විශාල ය. වර්තමානය වන විටත් නව බුද්ධ මන්දිරයක් සහිත ධර්ම ශාලාව ඉදිවෙමින් පවතී. උන්වහන්සේ ග්‍රාමයේ මං මාවත් සැකසීම සහ පොදු පහසුකම් සැලසීම සඳහා මූලික ව ක්‍රියා කර ඇත. එසේම උන්වහන්සේට උපහාරයක් වශයෙන් අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ මහා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාව මඟින් සිරි ධම්මතිලක වංශාලංකාර සුගතපාල පදුමජෝති වංශද්වජ විනය කීර්ති ශ්‍රී විචිත්‍ර භාණක යන ගෞරව නාමය සහිතව ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන්නට යෙදුණි.

නවම් අව අටවක පෝය 

නවම් අව අටවක පෝය පෙබරවාරි 15 වන දා සෙනසුරාදා අපරභාග 04.29 ට ලබයි. 16 වන දා ඉරිදා අපරභාග 03.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]