[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

මානය හමුවේ ඤාණය දුරු වේ

පුත්තා මත්ති ධනං මත්ති - ඉති බාලෝ විහඤ්ඤති, අත්තාහි අත්තනො නත්ති - පුත්තෝ කුතෝ ධනං අර්හත්වයට පත් නොවූ සෑම දෙනාගේ ම සිත තුළ අඩු වැඩි වශයෙන් පවතින ක්ලේෂ ධර්මයන් ලෙස මානය හැඳීන්වෙනවා. මානයෙහි මූල නිෂ්පාදකයා වන්නේ මෝහය යි. ඤාණය දුරු කරන ප්‍රබල ක්ලේෂ ධර්මය වන්නේ ද මානය යි. මානය නම් මැනීම යනුයි. භෞතික වශයෙන් ද්‍රව්‍ය සහ ද්‍රව විවිධ මිණුම්, කිරුම් උපකරණ භාවිත කර ගනිමින් මානනය කළ හැකි ය. එහෙත් පුද්ගල සිත තුළ ගොඩනැගෙන මානය පුද්ගල බද්ධ ය. කෙනෙකුට ධනය හේතුවෙන් මානය ඇතිවිය හැකියි. බලය හේතුවෙන් මානය ඇති විය හැකියි. කුලය, ගෝත්‍රය හේතුවෙන් මානය ඇති විය හැකියි. පැවිද්දෙකුට පැවිද්දෙකුගේ භෞතික සිතුවිලි මත පිහිටන තනතුරු, වරප්‍රසාද, ගරු නාම හේතු කොට ගෙන මානය ඇතිවිය හැකියි. පුද්ගල බද්ධ ව මානය සිත තුළ ගොඩනැගීමට හේතුව ලෙස මම කියා පුද්ගලයෙක් සිටීම, මම කියන පුද්ගලයා සැපෙහි යෙදවිය යුතුයි, දුකින් මිදවිය යුතුයි යන අනාර්ය ආකල්ප මත පිහිටීම ආදිය හේතු වේ. නිරතුරුව ම සිත මානයට සිතුවිලි සකස් කර ගනී .ඒ අනුව පංචස්කන්ධය යනු මම ය, මෙම පංචස්කන්ධය තුළ සිටිනුයේ මම ය, මෙම පංචස්කන්ධය තමාට අභිමත පරිදි පාලනය කර ගත හැකිය යන සාවද්‍ය වැටහීමක් තුළ නිරන්තරයෙන් ම මිනිස් සිත තණ්හා, මාන, දිට්ඨි, අවිද්‍යා ආදී වූ අකුසලගත ව ක්‍රියා කරයි.


නවම් අව අටවක පෝය 

නවම් අව අටවක පෝය පෙබරවාරි 15 වන දා සෙනසුරාදා අපරභාග 04.29 ට ලබයි. 16 වන දා ඉරිදා අපරභාග 03.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]