[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධාභිවන්දනා සර්වරාත්‍රික බුදුගුණ දේශනාවක් 28 දා

බුද්ධාභිවන්දනා සර්වරාත්‍රික බුදුගුණ දේශනාවක් 28 දා

ඓතිහාසික අනුරාධපුර ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස බළංගොඩ රාධ හිමියන් විසින් පවත්වනු ලබන බුදුගුණ දේශනා පින්කමක් මේ මස 28 වැනිදා සවස් කාලයේ දී පැවැත්වේ.

සම්මාදිට්ඨි ජාත්‍යන්තර සංවිධානය මගින් එම පින්කම සංවිධානය කරයි. 27 වැනිදා මහ සෑ සළපතල මළුව ස්වභාවිකව සකසාගත් සුවඳ පැණින් දෝවනය කරන අතර, 28 වැනිදා සවස සෑ රදුන් වහන්සේට මල් කඤ්චුකය පැළඳවීම සිදුකෙරේ. සිව් බුදුවරයන් වහන්සේලා සිහි ගන්වමින් මහ සෑ රජුන්ගේ සිවු රූප තැන්පත් කෙරෙන ප්‍රතිමා වහන්සේලා අබියස සුගත චීවර, අෂ්ට පරිෂ්කාර, විජිනිපත්, සහිත අෂ්ඨපාන ගිලන්පස ආදී තැන්පත් කෙරේ. බුද්ධ පූජාව කහගොල්ලේ සෝමවංශ නා හිමියන් විසින් මෙහෙයවනු ඇත.

සවස 6 ට බුදුගුණ දේශනාව ආරම්භ වන අතර, එය පසුදා උදෑසන 6 දක්වා පැවැත්වේ. දේශනාව අවසන සෑ මළුවේ සිවු බුදුරජාණන් වහන්සේලාට ද විජය ශ්‍රී බෝධිරාජයාණන් වහන්සේ ප්‍රමුඛ අටමස්ථානයට ද දක්ෂිණෝදක පූජාව, කැවිලි, පලතුරු සහිත ක්ෂිරපායාස පූජාව පවත්වා වැඩමවා වදාළ ශතාධික සංඝ රත්නය උදෙසා මහා සංඝගත දක්ෂිණාව පැවැත්වීමෙන් පින්කම අවසන් වේ. පැමිණෙන සැදැහැවතුන් උදෙසා ජලය, ගිලන්පස, දන්සල් මෙන්ම සනීපාරක්ෂක පහසුකම් සලසා ඇත.

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]