[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහා විහාරයේ උඳුවප් පොහෝ දින දාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා මහා විහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී පහළතලාවේ සුමනසිරි හිමියෝ සංවිධානය කරති.

පෙරවරු 6.00 අට සිල් සමාදන්වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යය වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය, මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, 10.30 බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව භාණක රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 01.00 ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කුඹුගොඩ ආරේ පඤ්ඤාලෝක හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය සහභාගිත්වය කුඹුගොඩආරේ පඤ්ඤාලෝක හිමි, මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, 4.00 භාවනා වැඩසටහන ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල් පවාරණය.

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරය

උඳුවප් පෝදා පෙරවරු 06.00- 06.30 සීල සමාදානය සහ බුද්ධ පූජාව මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි , 08.00-09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි 09.00-10.00 ධර්මදේශනාව ශාස්ත්‍රවේදී අතුරුගිරියේ සුබෝධ හිමි, 10.00-11.00 ධම්ම පදයෙන් බිඳක් . කොලොන්නාව පුරාණ විහාරවාසී , කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00-11.30 දිවා බුද්ධ පූජාව, ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි,

පස්වරු 12.15-02.00 සීල භාවනා සමිතිය 02.00-03.00 විශේෂඥ වෛද්‍ය දේශනය , 03.00-04.00 පස්වරු ධර්ම දේශනාව බලබෝවේ විමලකිත්ති හිමි ,04.00-05.00 ධර්ම සාකච්ඡාව 05.00-06.00 භාවනා වැඩසටහන ශ්‍රී කල්‍යාණි උභය රජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 06.00-07.00 ගිලන්පස බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී,කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00-08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව උඩවෙල කෝලිත හිමි .

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලන ආගමික වැඩසටහන් මාලාව මෙසේය.

පෝදා පෙරවරු 06.15-07.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම බලංගොඩ දේවානන්ද හිමි, 07.15-09.45 ධර්මදේශනාව / භාවනාව ගම්පහ සිරි සීවලී හිමි, 10.00-11.00 ධර්ම දේශනාව හා දවල් බුද්ධ පූජාව මෙහෙයවීම ලේනව මංගල හිමි,

පස්වරු 01.00-02.45 ධර්ම දේශනාව විදුරුපොල ආනන්ද හිමි, 03.00-04.30 ධර්මදේශනාව කොස්ගම ධම්මදස්සන හිමි, 04.45-06.00 ධර්මදේශනාව , සිල් පවාරණය හා අලුත් කිරීම, කහගොල්ලේ සෝමවංශ හිමි, 06.15-07.00 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත්වු බෝධි පූජාව (පටිගත කරන ලද)

7.10-08.30 ධර්ම දේශනාව ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන, නව අරහාදී පහන් පූජාව, 8.45 සතිපට්ඨාන දේශනය ගල්කිස්සේ සමාහිත හිමි

ශ්‍රී සම්බෝධි විහාරය

පෝදා පෙරවරු 5.30 - 6.00 කිරි ආහාර පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි 08.00 -09.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 09.15-10.15 ධර්ම දේශනාව මාලිම්බඩ පඤ්ඤාසාර හිමි 10.30-11.00 ව්‍යංජන 108 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි

පස්වරු 12.30-02.00 ප්‍රත්‍යවේක්ෂා පෝදා ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 02.00-3.00 ධර්ම දේශනාව, කහගොල්ලේ සෝමවංශ නාහිමි, 03.30-4.30 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 4.30-5.30 ධර්ම දේශනාව තපෝවනයේ අරියධජ හිමි. 5.30-6.00 මහා ඖෂධ පූජාව, සහ සිල් පවාරණය මෙහෙයවීම හාපිටිගම විජිත හිමි

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 05.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව, 6.00 සීල සමාදානය හා ධර්මානුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 08.00-09.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 09.00-10.30 ධර්ම දේශනාව සහ භාවනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30 -11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව පස්වරු 12.15-1.00 ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව, 1.00-2.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 02.00-03.00 ධර්ම දේශනාව මුවගම්මන සන්තධම්ම හිමි, 03.30-05.00 ධර්ම සාකච්ඡාව මහකෙලියේ ලොකු ස්වාමීන් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 5.00 පුණ්‍යානුමෝදනාව කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය, 6.00 ඖෂධ 108 ක් සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව සහ ධාතු වන්දනාව

බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 06.00 - 07.15 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 08.00-09.00 දහම් දෙසුම කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කරපුටුගල රේවත හිමි, 09.00-10.00 ගිහි දේශනය මනෝ වෛද්‍ය විශේෂඥ පුෂ්පකුමාර කඳපලආරච්චි මහතා ,10.00-11.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව – සිරි වජිරාරාමාධිකාරි සිරි වජිරාරාම දහම්පාසල් අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමි, 01.15-02.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම්පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 03.00-04.00 භාවනාව සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී පිටිපන සාසනරතන හිමි, 04.00-05.00 ධර්මානුශාසනාව – සිරි වජිරාරාමවාසී ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි, 05.00-06.00 ධර්මානුශාසනාව ගොතටුව චන්දන විහාරාධිපති රාජකීය පණ්ඩිත හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 06.00-06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම සිරි වජිරාරාමවාසී ස්වාමීන් වහන්සේලා.

අම්පිටියේ රාහුල නා හිමිපාණන් වහන්සේගේ 106 වන ජන්ම දිනය සහ අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේගේ 16 වන ගුණ සමරුවට සමගාමීව පොහොය වැඩසටහන පැවැත්වේ.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණසීල සමාදාන පින්කම

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 8.00 - 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 10.00 - 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 - 3.00 වෙසෙසි දෙසුම තොරතුරු තාක්ෂණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් මහතා, 3.00 - 4.00 ධර්ම දේශනාව ඔක්කම්පිටියේ කස්සප හිමි, 4.15 - 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 06.00-07.00 සීල සමාදානය 07.00-07.30 තෙරුවන් වන්දනාව, 8.15-10.00 භාවනාව, 10.00-11.00 ධර්මදේශනය 11.00-11.30 තෙරුවන් වන්දනාව පෙරවරු වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, පස්වරු 12.30-01.00 සූත්‍ර සජ්ඣායනාව , 1.00-2.00 ධර්ම දේශනය පරපාමුල්ලේ සිරිවිමල හිමි, 02.00-03.30 ධර්ම සාකච්ඡාව තිස්සමහාරාමයේ නන්දවිමල හිමි, 04.00-05.00 ධර්ම දේශනය, මීගොඩ සුඛිත හිමි, 05.00-06.00 ධර්ම දේශනය වලපනේ ඤාණසේන හිමි, රාත්‍රී 07.00 අටවිසි බුද්ධ පූජාව පැවැත්වීම

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ දී උඳුවප් පුන් පොහෝ දින අලුයම 05.30 ට ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ද පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 - 9.00 දහම් දෙසුම ගැමුණුපුර සෝමවංශ හිමි, 9.30 - 10.30 දහම් දෙසුම ආටිගල අමිතදේව හිමි, 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 - 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 - 2.00 භාවනා වැඩසටහන මෙහෙයවීම කැලණියේ අජිත හිමි 2.30 - 3.30 දහම් දෙසුම වල්ගම සුමන හිමි, 3.30 - 4.30 දහම් දෙසුම කහටපිටියේ පඤ්ඤාසාර හිමි, සවස 6.00 අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ දායකත්වයෙනි.

තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පොහෝ දින වැඩසටහන සිදු කෙරේ. අලුයම 05.30 කිරිපිඬු දානය සහිත පෙරහර, 6.30 - 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව දම්පහළ ඤාණරතන නාහිමි, 8.30 - 9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.00 - 10.40 ජාතක කතා දේශනය හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 10.45 දවල් අටවිසි සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 - 3.00 ගිහි දේශනය හා භාවනාව ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා 3.15 - 4.00 ධර්ම දේශනය වැලිමඩ ඤාණාරාම හිමි, 4.00 - 5.00 මහා සමය සූත්‍රය දේශනාව සහිත පිරිත් සජ්ඣායනය, 5.00 සිල් පවාරණය සිදු කිරීම, 6.30 - 7.30 බෝධිපූජාව සහ පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නා හිමි, බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදාදීමේ දායකත්වය කටුබැද්ද සාමවිනිසුරු චමින්ද පි‍්‍රයංකර මහතා ඇතුළු මිතුරු කැළ විසිනි.

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

සීදුව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දී උඳුවප් පෝදා පින්කම් මාලාවක් විහාරාධිපති, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන, මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංශ නාහිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරේ. අලුයම 5.00 ට කිරි ආහාර පූජා කිරීම, උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව සීදුවේ සුමනවංස නාහිමි, 6.45 ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව 8.00 - 9.00 ධර්ම දේශනාව, කැලණිය මානෙල්වත්ත නාගානන්ද විශ්වවිද්‍යාලයේ නැදගමුවේ සෝම හිමි 9.00 - 10.45 ධර්ම සාකච්ඡාව, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක ප්‍රියදර්ශන, ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්. ඉන්ද්‍රසේකර, ධර්මාචාර්ය අනුර සිරිමාන්න, ශාස්ත්‍රපති නීල් ධම්මපි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්. ආර්. දයානන්ද ඇතුළු වියතුන් සහභාගී වෙති. 10.45 බුද්ධ පූජාව පස්වරු 12.00 12.30 සක්මන් භාවනාව, 12.30 - 1.00 තෙරුවන් වන්දනාව, 1.00 - 2.00 කාව්‍යමය ධර්ම දේශනාව, වනාතවිල්ලුවේ විපස්සි හිමි, 2.00 - 3.00 භාවනාව මෙහෙය වීම, දෙමංහන්දිය ජපන් බෞද්ධ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මුතුවාඩියේ උපසීහ නා හිමි, 3.30 - 4.30 ජාතක ධර්ම දේශනාව රද්දොළුවේ වජිර හිමි, 4.30 - 5.30 ධර්ම දේශනාව, මොණරාගල සෝමසාර හිමි, 6.00 අටවිසි බුද්ධ පූජාව, රාත්‍රී 7.00 ආශිර්වාද ජයපිරිත් දේශනය.

කොටගල පබ්බතාරාමය

කොටගල පබ්බතාරාම පුරාණ විහාරස්ථානයේ දී පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කෙරේ. මහියංගනයේ ධම්ම මෛත්‍රී හිමියන් විසින් සිදුකරනු ලබන බෝධි පූජාව සහ ධර්මදේශනය සහ සාරිපුත්‍ර දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් බැති ගී ගායනයක් ද ඉදිරිපත් කිරීම ද පැවැත්වේ. එදින පෙහෙවස් සමාදන් කරවීම සිදු කරනු ලබන්නේ පබ්බතාරාම විහාරාධිපති තිස්සමහාරාමයේ ධම්මජෝති නාහිමියන් විසිනි.


ශ්‍රී සම්බෝධි විහාරයේ පෝදා පින්කම්

පෝදා පෙරවරු 5.30 - 6.00 කිරි ආහාර පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි 08.00 -09.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 09.15-10.15 ධර්ම දේශනාව මාලිම්බඩ පඤ්ඤාසාර හිමි 10.30-11.00 ව්‍යංජන 108 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි

පස්වරු 12.30-02.00 ප්‍රත්‍යවේක්ෂා පෝදා ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි, මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා, 02.00-3.00 ධර්ම දේශනාව, කහගොල්ලේ සෝමවංශ නාහිමි, 03.30-4.30 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 4.30-5.30 ධර්ම දේශනාව තපෝවනයේ අරියධජ හිමි. 5.30-6.00 මහා ඖෂධ පූජාව, සහ සිල් පවාරණය මෙහෙයවීම හාපිටිගම විජිත හිමි

බම්බලපිටිය සිරි වජිරාරාමයේ ළමා සීල සමාදානය

පෝදා පෙරවරු 8.00 - 8.45 සීල සමාදානය සහ අනුශාසනාව සිරි වජිරාරාමාධිකාරී කඹුරුගමුවේ මහානාග හිමි, 8.45 - 09.30 භාවනාව වින්ධ්‍යා වරකාගොඩ මෙනවිය, 9.45 - 10.30 ගිහි දෙසුම ආචාර්ය ලීලා ගුණසේකර මහත්මිය, 10.30 - 11.15 දහම් කතාව සහ බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී බෙලිඅත්තේ විමල හිමි. පස්වරු 12.30 - 1.00 සෙත් පිරිත් සජ්ඣායනාව ඇඹිලිපිටියේ චන්දිම හිමි, දියතලාවේ මෙත්තෙය්‍ය හිමි, 1.00 - 2.00 ධර්මානුශාසනාව මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී, ගබ්බෙල වජිර හිමි, 2.30 - 4.00 දහම් පිළිසඳර සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය මීගොඩ සුඛිත හිමි, සිරි වජිරාරාම දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය, වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් පි‍්‍රයන්ත මායාදුන්නේ මහතා

කොටගල පබ්බතාරාමය

කොටගල පබ්බතාරාම පුරාණ විහාරස්ථානයේ දී පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කෙරේ. මහියංගනයේ ධම්ම මෛත්‍රී හිමියන් විසින් සිදුකරනු ලබන බෝධි පූජාව සහ ධර්මදේශනය සහ සාරිපුත්‍ර දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් බැති ගී ගායනයක් ද ඉදිරිපත් කිරීම ද පැවැත්වේ. එදින පෙහෙවස් සමාදන් කරවීම සිදු කරනු ලබන්නේ පබ්බතාරාම විහාරාධිපති තිස්සමහාරාමයේ ධම්මජෝති නාහිමියන් විසිනි.

කොරඹුරුවාන දී ධර්ම දානය පතා බුදුසරණ බෙදා දීමක්

මාතර කොරඹුරුවාන සමෘද්ධි ප්‍රජා මුල සංවිධානය කරන ආගමික වැඩසටහන උඳුවප් පෝදා කොරඹුරුවාන තුන් බෝධි විහාරස්ථානයේ දී පැවැත්වේ. එදින සීල සමාදානය සඳහා සහභාගිවන සිල් පිරිස සඳහා දවල් දානය පිරිනමන අතර සවස 1.00 ට ධර්මදේශනයක් ද පැවැත්වේ. උපාසක උපාසිකා සියලු දෙනාට බුදුසරණ පෝදා කලාපයේ පිටපත් ධර්ම දානයක් ලෙස පිරිනැමීමට කටයුතු සංවිධානය කර ඇත. මෙහෙයවීම හා සංවිධානය ධර්මසිරි හල්පගේ කොරඹුරුවාන සමෘද්ධි සංවර්ධන නිලධාරි විසිනි.

මාකඳුර සරණංකරාරාමයේ සඟමිත් පෙරහර පෝදා

ගෝනවිල (වයඹ) මාකඳුර ශ්‍රී සරණංකරාරාමයේ වාර්ෂික සංඝමිත්තා පෙරහර දෙසැම්බර් (11) දා උඳුවප් පොහෝ දින සවස වීථි සංචාරය කෙරේ. විහාරාධිපති පොල්ගම්පොළ පියනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පෙරහර කමිටුවේ අනුශාසක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අලුත්ගම විමලරතන හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ කුලඟන සමිතිය ,සංඝමිත්තා පෙරහර කමිටුව, දායක සභාව ශ්‍රී සරණංකර දහම් පාසල සහ ප්‍රදේශවාසීන්ගේ ද දායකත්වයෙන් පෙරහර පැවැත්වීමට කටයුතු යොදා ඇත.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 11 වනදා බදාදා පූර්වභාග 10.59 ට ලබයි. 12 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 11 වනදා බදාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 19 වනදා බ්‍රහස්පතින්දා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]