[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් බැහැ දැක පසුගිය (22) දා ආශිර්වාද ලබා ගත්තේ ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය (23) දා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාව

අභිනව අගමැති මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා ශ්‍රී දළදා මාළිගාවට පසුගිය (23) දා පැමිණියේ ය. එහි දී දළදා සමිඳුන් පිදීමට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත මල් වට්ටියක් පිළිගැන්වූ අයුරු.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ දී මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද සුබ මොහොතින් පසුගිය (25) දා වැඩ භාරගත්තේ ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය (23) දා අස්ගිරි මහා විහාරයට පැමිණි අවස්ථාවේ දී ඒ මහතා අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ආණමඩුවේ ධම්මදස්සී නා හිමියන් වෙතින් ආශිර්වාද ලබා ගත්තේ ය.

ජපානයේ ටෝකියෝ හි හාචිඔජි ප්‍රදේශයේ පිහිටා ඇති ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ නිගතා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කම් පසුගියදා සිදු කෙරිණ. එම විහාරස්ථානයන්හි විහාරාධිපතිත්වය හොබවනු ලබන්නේ උඩරට අමරපුර නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති යාලගමුවේ ධම්මිස්සර නාහිමිපාණන් වහන්සේ විසිනි. ජපානය නිගතා ප්‍රාන්තයේ මීට වසර හතරකට පෙර යාලගමුවේ ධම්මිස්සර නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා යටතේ නව විහාරස්ථානයක් ආරම්භ කරන ලදී. එම විහාරස්ථානයේ ද මෙවර කඨින පින්කම සිදු කෙරුණු අතර , එහි විහාරාධිකාරි බුත්තල ධම්මදස්සි හිමියන් හා විහාරවාසී මහියංගනයේ ධම්මකුසල හිමිවරුන්ගේ අනුශාසනා යටතේ පින්කම් සංවිධානය විය.

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 03 වනදා අඟහරුවාදා අපරභාග 11.14 ට ලබයි. 5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 04 වනදා බදාදා ය.

මීළග පෝය දෙසැම්බර් 11 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]