[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රතිපත්ති ප්‍රතිපත්ති

ප්‍රතිපත්ති පූජාව


උඩුගං බලා ගමන් කරන පටිසෝතගාමි පුද්ගලයා ලෙස බුදුපියාණන් වහන්සේ දේශනා කර ඇත්තේ “කාමංච න පටිසේවතී “ “පාපංච කම්මං න කරෝතී” යනුවෙනි.

ඔවුන්ගේ දර්ශනය සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි යන චේතනා මත ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය පරිපූර්ණ කර ගැනීමයි. එබැවින් පටිසෝතගාමී පුද්ගලයන් අතරින් නැවත නැවත කාමය ලුහුබැඳීම සිදු නො වන්නකි. යමක් අනිත්‍ය නම්, එය දුක නම්, එය මම, මගේ, මගේ ආත්මය නොවේ යැයි නිවැරැදිව වටහා ගත් නිසාම පටිසෝතගාමී පුද්ගලයා ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයන්ගෙන් වෙන් වී, අරමුණු ගෙන සියලු පාපී කර්ම නවතා දමා බුදුපියාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට වෑයම් කරයි.

එබැවින් පටිසෝතගාමී පුද්ගලභාවයේ වටිනාකම සියලු දෙනා අවබෝධ කරගත යුතු වන අතර, ඔවුන් ආරණ්‍යවල, විහාරවල පමණක් ජීවත්වෙනවා යැයි නිගමනයකට ඒමට අපට කිසිදු අයිතියක් නොමැත. ඔවුන්ගේ දර්ශනය නිවැරැදි නම්, ඔවුන් නිවෙස්වල ද ජීවත් වෙනවා දැකිය හැකියි. දානය, ශීලය, භාවනාවතුළ නිවැරැදි දර්ශනය නොමැති නම්, ආරණ්‍යවල ද, පන්සල්වල ද අනුසෝතගාමීන් හමු නො වනුයේ දර්ශනය මත නො පිහිටීම හේතුවෙනි.

පටිසෝතගාමී පුද්ගලයා සතුව කාමය නැවත නැවත නො කිරීමටත්, පව්කම් නො කිරීමත්, වඩා පරිපූර්ණ වූ බඹසරක හැසිරීම ඔහු අතින් සිදුවේ. සියලු දුක් කරදර පීඩා ඉදිරියේ ඔහු බඹසර වීම සිදුකර ගනී. දුකේ දී, කරදරයක දී, විපතේ දී පලිගැනීම, හැඬීම,ඇණකොටා ගැනීම, දිවි නැසීම සිදුවෙනවා නම්, ඒ අනුසෝතගාමී පුද්ගල ස්වභාවය යි. එයින් දැනගත යුතු විශේෂ කරුණු වනුයේ දුකක දී, කරදරයක දී, විපතක දී, පටිසෝතගාමී වීම සිදුකරගත හැකි බවයි.

එය යෝනිසෝමනසිකාරය වඩවා ගැනීමකි. මම, මගේ, මගේ ආත්මය සංකල්ප තුළ කර්මයන් රැස්වන බැවින්, පටිසෝතගාමි පුද්ගලයා කර්ම ක්ෂය කර ගනිමින් මම කියන තැන මම නොවන ආකාරයට මුහුණ දේ. මගේ කියන තැන දී ඔහු මගේ නො වන බව වටහා ගනිියි. ලෝභයේ දී, ද්වේශයේ දී, මෝහයේ දී ඒවාට ප්‍රතික්‍රියා දක්වමින් ඉවසීමෙන් යුතුව කර්ම රැස්කිරීමේ මාවතේ ගමන් නො කරමින්, කර්ම ක්ෂය කිරීමේ මාවතට ප්‍රවේශය ලබා ගනියි.

වර්තමාන සමාජයතුළ පවත්නා ගිනි ගන්නා ගැටලු විසඳා නො ගැනීමටත්, සියලු සිත් රිදවා ගැනීම්වලටත් ප්‍රධානම හේතුව වී ඇත්තේ පටිසෝතගාමින් ජීවත් නොවන සමාජයක් වීම ය. සැබෑවටම කරුණා, මෛත්‍රිය පූර්ණ කරන්නා, සැබෑවට ම ප්‍රතිපත්ති පූජාවලින් බුදුන් පිදීම අරඹන්නා, සැබෑවටම පටිසෝතගාමී පුද්ගලයා බවම ප්‍රකාශ වීම නියම බෞද්ධ ප්‍රතිපදාව විය යුතුයි. එසේ ජීවත් වන්නා “ධම්මං සරණං ගච්ඡාමි” යනුවෙන් පැවසීම ඉතා සාධාරණ බව කිවයුතු වේ. බුදුපියාණන් වහන්සේ වෙත ප්‍රතිපත්ති පූජාවෙන් නියම පුදන්නා වනුයේ අනුසෝතගාමී පුද්ගලභාවයෙන් මිදී පටිසෝතගාමි පුද්ගල භාවයේ ගමන් කිරීම බව ඔබ සියලුදෙනාට ම අවබෝධ වේවා! පටිසෝතගාමි පුද්ගලභාවයතුළ ගමන්කර, මෙම නිර්මල සම්මා සම්බුදු සසුනතුළ දී ම නිවන් දොරටු විවර කර ගැනීමට ශක්තිය ලැබේවා.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 25 වනදා සඳුදා අපරභාග 10.40 ට ලබයි. 26 වනදා අඟහරුවාදා අපරභාග 08.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 26 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 04 වනදා බදාදාය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]