[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් නැති ලොවනොවේ සසොබන

දහම් නැති ලොවනොවේ සසොබන

"ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීම සඳහා ධර්මශාස්ත්‍ර ඥානය නමැති ඇස් දෙක තිබිය යුතු ම ය. ලෝකය කෙබඳු ද? ඒ ලෝකයේ කුමක් කළ යුතු ද? කුමක් නොකළ යුතු ද? කුමක් සැපතට හේතු වේ ද? කුමක් දුකට හේතු වේ ද? යනුවෙන් උභයාර්ථ සාධනය සඳහා බොහෝ ඇසූ පිරූ තැන් මිනිසෙකු සතුවිය යුතු ය."

විශ්වය අප දකින, අසන, දැනෙන දෙයට වඩා බොහෝ සංකීර්ණ ය. සංකීර්ණ විශ්වයේ යථා ස්වභාවය අවබෝධ කරගත් එකම ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ ය. එම නිසා බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ යනුවෙන් හඳුන්වති. මේ ලෝකය පිළිබඳ ව දැනගැනීම ඉතාමත් දුෂ්කර ය. නොයෙක් පුදුම දේවලින්, පුදුම කරුණුවලින් පිරී පවතී. ඒ සියල්ල ම මසැසට විෂයව පවතින දේ නොවෙති. ලෝකයේ ඇසින් බලා අවබෝධ කරගන්නා වූ දෙයට වඩා එසේ දැනගත නොහැකි දේ බොහෝ වෙති. ධර්ම ශාස්ත්‍ර දෙක වනාහි ප්‍රකෘති ඇසට අවිෂය වූ, බොහෝ දේ පිළිබඳව ස්මරණය අවදි කරන්නා වූ දිව්‍ය ඹෟෂධයකි. මිනිසෙකුහට මෙලොව සැප ඇතිව, ගරු නම්බු ඇතිව කල් ගත කිරීම හා මරණින් මතු සුගතියට පැමිණීම යන දෙක ඇසට පෙනීමෙන් ම වන දැනීමෙන් පමණක් කිසි කලෙකත් සිදු කර ගත හැකි නොවේ.

ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීම සඳහා ධර්මශාස්ත්‍ර ඥානය නමැති ඇස් දෙක තිබිය යුතු ම ය. ලෝකය කෙබඳු ද? ඒ ලෝකයේ කුමක් කළ යුතු ද? කුමක් නොකළ යුතු ද? කුමක් සැපතට හේතු වේ ද? කුමක් දුකට හේතු වේ ද? යනුවෙන් උභයාර්ථ සාධනය සඳහා බොහෝ ඇසූපිරූ තැන් මිනිසෙකු සතු විය යුතු ය. මෙසේ ධර්මය පිළිබඳව ප්‍රාමාණික හෝ අවබෝධයක් නොමැති පුද්ගලයා දෙ ඇස් ම නොපෙනෙන අන්ධයෙකු හා සමාන ය.

පෙර විසූ බොහෝ මිනිසුන් ධර්මය ශ්‍රවණයට බොහෝ සෙයින් ප්‍රිය කළහ. සාක්ෂරතාවය මද වුවත්, ධර්මය ජීවිතයට ප්‍රායෝගික කර ගනිමින් ජීවිතාවබෝධය සලසා ගත්හ. දඹදෙණි යුගයේ දී දෙවන ධර්මසේන යතිවරයන් වහන්සේ සද්ධර්මරත්නාවලිය රචනා කරන ලද්දේ සාක්ෂරතාවය නොමැති මිනිසුන්ට සද්ධර්මයේ ස්පර්ශය ලබා දීමට ය.

ගිහියන් විසින් මුදල් උත්පාදනය සඳහා ශිල්ප ශාස්ත්‍ර උගත යුතු ය. එහෙත් එය භෞතික ය. මේ භවයට පමණක් සීමා වන්නකි. ආධ්‍යාත්මික ලෝකයත්, භෞතික ලෝකයත් යන දෙඅංශය ම ගිහියා විසින් ප්‍රගුණ කළ යුතු ය. එසේ නොකොට උදර පෝෂණය ම ප්‍රධාන කොට වාසය කරන්නාට සඟමොක් සැප ලැබීම දුෂ්කර වේ. එබැවින් ගිහියන් විසින් ද හැකිතාක් ධර්මය උගත යුතු ය.

පෙර බෞද්ධයන් එක බණ පදයක් ඇසීමට තිස්සමහාරාමයේ සිට අනුරාධපුරයට ද, අනුරාධපුරයේ සිට තිස්සමහාරාමයට ද ගොස් තිබේ. මහත් රාජ කාර්යන්හි නියුක්ත වූ සද්ධාතිස්ස ආදී රජවරු පවා ඒ සා මහත් කටයුතු තිබිය දී තුන්යම් රැය මුලුල්ලෙහි සිටගෙන ම බණ අසා තිබේ.

සතුරන්ට අසුවී මිය යෑමට වඩා සියදිවි නසා ගැනීම මැනවයි සිතූ අනුරාධපුරයෙහි විසූ තුන්වන දෙටු තිස් රජතුමා සිය පෙම්වතිය වෙත අන්තිම පෙම් හසුන යැවුයේ මෙසේ ය.

‘මහාදේවීනි ඔබ පැවිදි වැ, ආගම ධර්මය හදාරා, අභිධර්මය කියා, රජහට පින් දුන මැනව‘ යනුවෙනි.

මෙසේ අපේ පුරුෂ පක්‍ෂය මෙන් ම, ස්ත්‍රී පක්‍ෂය ද දුරාතීතයේ පටන් ම ධර්මය උගෙනීමෙහි මහත් ලැදිකමක් දැක් වූ බව නොරහසකි. අනඳ මහතෙරුන් වහන්සේගෙන් නිතර ධර්මය ඉගෙන ගත් මල්ලිකා දේවිය ප්‍රමුඛ පන්සියයක් ස්ත්‍රීන්ගේ කථා පුවත ද, තමා ඇසූ ධර්මය ඒ වූ පරිදි එක අකුරකුදු අඩු වැඩි නොකොට එසේ කියා දීමෙන් සාමාවතී දේවිය ප්‍රමුඛ කොට ඇති පන්සියයක් බිසෝවරුන්ට මාර්ගඵලාවබෝධය පවා ලබා දුන් බුජ්ජුත්තරාවගේ පුවත ද මෙහිලා නිදසුන් වෙති

බණ ඉගෙනීම තුළින් බොහෝ සම්පත් ලද උපාසිකාවන් ගැන ද බෞද්ධ සාහිත්‍ය තුළ මනාව පැහ