[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපදේශනාත්මක බණ කතා සාහිත්‍යය: සාරධර්ම ආරක්ෂා කළ යුතුය

සාරධර්ම ආරක්ෂා කළ යුතුය

මෙම ලිපියේහි කොටසක් වප් අමාවක පොහොදා (ඔක්තෝබර් 27) පත්‍රයේ පළ විය.

තම අඹුවගේ බස් ඇසූ කෲර ස්වාමියා තම ගැබ්බර නැගනියන් ළගට කැඳවා සිය දෙමව්පියන් අසල්වාසින්ට ණයට දී ඇති වස්තුව බොහෝ බවත්, ඒවා ගෙන ඒමට එහි යා යුතු බවත් කියා ගැබ්බර මව යානාවකට නංවා බොරුකියා අසල ඇති කැලයකට ගෙනගොස් රථයෙන් බස්වා ඝාතනය කිරීම සඳහා කෙස් වැටියෙන් අල්වා ගත්තේ ය.

අකැමැත්තෙන් බිම හෙළී ය. එවිට හදිස්සියේම ඇයට දරුවා ප්‍රසූත විය. එවිට අසල ඇති නුගරුකක් මුලට ඇදගෙන ගොස් ඝාතනය කිරීමට සූදානම් විය. එවිට රන්පියුමක් සේ සිටින අලුත උපන් දරුවා දෙස බලා තමා නොමරන ලෙස ආයාචනා කළා ය. කෲර මිනිසා මදකදු නොවිමසා ඇය මැරීමටම සූදානම් විය. මව කෑ ගැසුවහොත් අසල්වාසීන් පැමිණෙන්නේ යැයි සිතා සදාචාරසම්පන්න ව බුදුරජාණන් වහන්සේ සිහිපත් කොට සරණ ශීලය ඇය ආයාචනා කළාය. තමා මැරීමට යන සොහොයුරා කෙරෙහි මෛත්‍රිය ම පැතිරුවා ය. එම අවස්ථාවේ නුග ගසට අධිගෘහිත වූ දෙවියෙක් බුද්ධානුභාවයෙන් මෙපමණ සීලසම්පන්න වූ ගුණවත් කාන්තාවක් මරන්නේ නම්, මට දේව සභාවට යා නොහැකි බව සිතා අසරණ ව සිටි මවගේ ස්වාමියා ලෙසින් එතනට ගොස් කෲර පුරුෂයා භය ගන්නවා ඈතට එළවා අසරණ මව රථයට නංවාගෙන ඇතුලුනුවර ශාලාවක තබා අතුරුදන් විය. සිද්ධිය දැනගත් ස්වාමිපුරුෂයා අහම්බෙන් එතැනට අවුත් ඇය නිවසට කැඳවාගෙන ගොස් කුමාරිකාවන්ගේ දෙමව්පියන්ට දැනුම් දුන්නේ ය. දෙමව්පියන් බුදුරජාණන් වහන්සේ නිවසට වැඩමවා මහ දන් දී දියණියට ලැබුණු පුත්‍රයාට “සරණ” යන නම ද තැබූහ. සරණ කුමරා නිසි වයසේහි දී බුදු සසුනෙහි පැවිදි වී සසුන බැබළුහ. බුදුසරණ පිහිටීම, එයින් ලැබෙන ආනිශංස කෙබඳු දැයි යන්න මෙම කතාවෙන් මැනවින් පැහැදිලි වේ. පව් නොකිරීමේ ආනිශංස ද එයින් ප්‍රකාශ වේ. එම කතාවෙන් ලබාදෙන ආදර්ශවත් පණිවිඩ කිහිපය මෙසේ ය.

කෙනෙක් ආගම දහමට අනුකූල ව ජීවත්විය යුතුය. ඕනෑම අයෙකු සංවර විය යුතුය, සහෝදර බැම්ම ආරක්ෂා කළ යුතු ය.

අවිනීත භාර්යාවන්ගේ කුරිරු ක්‍රියාවන්ට හා ඔවුන්ගේ බසට අවනත නොවිය යුතු ය, ස්වයං විනයෙහි ඇති අගය දැනගෙන ක්‍රියා කළ යුතු ය. අනවශ්‍ය රාගය විනාශයට හේතුවන බව කියාදෙයි, සාරධර්ම ආරක්ෂා කළ යුතු බව මෙම කතාවෙන් කියාපායි , ඔබත් මේ පිළිබඳව සිත යොමා ක්‍රියාකිරීම ඉතා වැදගත් ය.

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා පූර්ව භාග 02.56 ට ලබයි. 05 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 04 වන දා සඳුදා ය..

මීළඟ පෝය නොවැම්බර් 12 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]