[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපදේශනාත්මක බණ කතා සාහිත්‍යය: මිනිස්කම දුරලන මසුරුකම

මිනිස්කම දුරලන මසුරුකම

තුන් ලෝකයම ලෝකානන්ද කර වූ අප බුදුරජාණන් වහන්සේ ෂඩ් වර්ණ රශ්මි දහරා විහිදුවමින් ශ්‍රාවක මහා සංඝරත්නය ද පිරිවරාගෙන බුද්ධ ලීලාවෙන් දුටුවන් සනහවමින් අහර පිණිස පිඬු සිඟා වැඩියහ. මගට පිළිපන් ස්වාමිපුරුෂයා හා ගැබ්බර මාතාව බුදුරජාණන් වහන්සේ දැක අපමණ ප්‍රසාදයට පත්ව වැඳ පුදා ගනිමින් එකත්පසට වූ හ.

බුදුරජාණන් වහන්සේ ද ඔවුන් දෙදෙනා සෝවාන් වන බවට හේතු සම්පත්තිය ඇති බව දැනගෙන සරණ ශීලයෙහි පිහිටුවා කිසියම් දුකක් කරදරයක් ඇතිවුවහොත් එවිට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන ලෙසටත් දැන්වූ හ. එපමණක් ද නොව, විශේෂයෙන් රාජ, චෝර හා සතුරු උපද්‍රවයන් ඇති වුවහොත් ඒ අවස්ථාවන් හිදී ද, ප්‍රේත පිසාච සිංහ ව්‍යාඝ්‍ර, නයි , පොළොන්, ගිනි, අව්, සුළං වැනි උපද්‍රවයන් ඇතිවන අවස්ථාවන් හිදී ද බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන ලෙස ද වදාළහ. මෙම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මැනවින් පිළිගත් අඹු සැමි යුවළ නැවතත් පසඟ පිහිටුවා වැඳ වන්දනා කොට සොහොයුරාගේ නිවසට යාමට පිටත් වූ හ.

සහෝදරයාගේ නිවසට ගිය ගැබ්බර නැගනිය හා ස්වාමිපුරුෂයා සොහොයුරා විසින් පිළිගෙන ප්‍රශස්ත ආකාරයෙන් ඇප උපස්ථාන සිදු කළේ ය. අනතුරුව ගැබ්බර මව සහෝදරයාගේ ගෙදර නැවතින. ඇගේ ස්වාමිපුරුෂයා දුරබැහැර ඇති නිවස කරා කඩිනමින් පිටත් විය. පසුව ගැබ්බර තැනැත්තියගේ සොහොයුරා තම බිරිඳ සමීපයට ගොස් කැඳවා ගැබ්බරව සිටින ස්වකීය නැගනියට කළමනා සියලු ඇප උපස්ථාන කරන ලෙසට විධානය කළේ ය. ඇප උපස්ථාන කරමින් සිටි ඇයට ගැබ්බර මාතාව අඳින පළඳින කනකර ආභරණ කෙරෙහි දැඩි ලෙස ලෝභයක් උපදවාගත්හ ඒ බව තම ස්වාමියාට නොකියා ගිලන් එකියක මෙන් බඩ සයින් යුතුව ඇඳෙහි වැතුරුණා ය.

ඉක්බිතිව ස්වාමිපුරුෂයා හෙවත් ගැබ්බර මවගේ සොහොයුරා ඇඳේ වැතිර සිටින්නා වූ තම බිරියගෙන් කරුණු විමසීය ඇය ස්වාමියාට නිසි පිළිතුරක් නොදී එලෙසම වක ගසාගෙන සිටියා ය. ස්වාමියා නැවත නැවත අසන විට තමනට ගැබ්බර මාතාවගේ හෘදය, මාංශ ආහාරයට ගැනීමට දොල්දුකක් හටගත් බව කීවා ය. එසේ කියා සිටියේ ඇය මරා ඇයගේ කන කර ආභරණ පැහැර ගන්නා අටියෙනි.

මෙම ලිපියේ ඉතිරි කොටසක් ඉල්මස පුරඅටවක පොහොදා (නොවැම්බර් 04) පත්‍රයේ පළවේ.

වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා අපර භාග 12.23 ට ලබයි. 28 වන දා සඳුදා පූර්ව භාග 09.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය.

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]