[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ලෝකය නුවණින් දැකීම

කො ඉමං පඨවිං විඡෙස්සති - යමලෝකං ච ඉමං සදේවකං කෝ ධම්මපදං සුදේසිතං -
කුසලෝ පුප්ඵමිව පචෙස්සති
සැදැහැවත් පින්වත්නි, අද වප් අමාවක පෝදා ධර්ම දේශනාව වශයෙන් මා තෝරා ගත්තේ ධම්මපදයේ පුප්ඵවර්ගයට අයත් පළමු ගාථාවයි. බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළේ සැවැත්නුවර ජේතවන විහාරයේ දී භික්ෂූන් වහන්දේ පන්සිය නමක් වෙතය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් පන්සිය නමක් සමඟ චාරිකාවේ වැඩම කර සවස නැවත විහාරයට වැඩම කළහ. විඩාව සංසිඳවා ගැනීමට විවේකී ව සිටි භික්ෂූන් වහන්සේ චාරිකාවේ දී තම තමන් වැඩම කළ මග තොට ගැන කියති. ‘මේ මහ පොළොව පිහිටා ඇති ආකාරය පුදුමයි. පස් පොළොව, දිය පොළොව, වා පොළොව යැයි පොළොව කොටස් තුනකි. එය දැක ගත හැක්කේ බුදු නුවණින් පමණි’ යනුවෙන් සාකච්ඡා වුණි. අසවල් ගමට යන කල පොළොව තැනිතලාවට තිබූ නිසා ගමන පහසු වූ බව කෙනෙක් කියන විට, පොළොවේ ගල් බොරළු ආදිය හේතුවෙන් තමන් වහන්සේට ගමන අපහසු වුණු අයුරු තවත් කෙනෙක් කියති. අසවල් ගමට යන පාර මඩ වළවල් ඇති නිසා ගමන ඉතාම අපහසු වුණු බව වෙනත් කෙනෙක් කී හ. පොළොව රන්වන් පැහැයෙන්, තඹවන් පාටින් යුතුව අසවල් ප්‍රදේශයේ තිබුණු බව ඒ ඒ අය සාකච්ඡා කළහ. එක් එක් කෙනා ගමන් කළ මාර්ගය පිළිබඳ විස්තර කරන අතර බුදුරදුන් එතැනට වැඩම කළහ.


වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා අපර භාග 12.23 ට ලබයි. 28 වන දා සඳුදා පූර්ව භාග 09.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය.

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 04 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]