[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු මහා සමුළු කඨින පුණ්‍ය මහෝත්සවය

බොදු මහා සමුළු කඨින පුණ්‍ය මහෝත්සවය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධාලෝක පුනරුද ක්‍රියාවලිය යටතේ ජාතික, ආගමික, ආර්ථික දර්ශනය වැඩපිළිවෙළ ක්‍රියාවට නංවමින් විවිධ ප්‍රදේශයන් හි විහාරස්ථානවල අඩුපාඩු සොයා බලා විහාරස්ථාන දියුණු කිරීමට බොදු මහා සමුළුව මහත් පරිශ්‍රමයක යෙදෙයි.

මේ අනුව 2010 වර්ෂයේ දී මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතාමත් දුෂ්කරතා ඇති විහාරස්ථාන කිහිපයක් වන කොටාගොඩ කොටවෙහෙර පුරාණ විහාරය, මුතුකණ්ඩිය ඛෙත්තාරාම විහාරය, බිලඔය ශ්‍රී බෝධි විහාරය, මඩුගම ගංගාරාම විහාරය මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තම්පලාවල ධර්මරාජ යන විහාරස්ථානවල ගොඩනැගිලි නවීකරණය කර එයට අවශ්‍ය වැසිකිළි කැසිකිළි පහසුකම්, ජලනල පහසුකම්, විදුලි ආලෝකය වැනි දේ සපුරාලමින් මෙම විහාරස්ථාන පහේම කඨින පුණ්‍ය මහෝත්සවය සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනුග්‍රාහක දායකත්වය ලබා දුන්නේ ය.

ඉන්පසු 2012 වර්ෂයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සිට කි.මි. 10ක් පමණ දුරින් පිහිටා ඇති ඓතිහාසික වටිනාකමින් යුත් හෙනන්නේගල ආරණ්‍ය සේනාසනයට අවශ්‍ය පහසුකම් සපයා දී එහි කඨින පුණ්‍ය මහෝත්සවයට ද බොදු මහා සමුළුව අනුග්‍රහය ලබා දුන්නේ ය.

එපමණක් ද නොව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන මාර්ගයේ වනඅලින්ගෙන් ගහණය වී ඇති හැලඹගස්වැව ශ්‍රී සංඝාරාමය 1950 වර්ෂයේ ආරම්භ කර ඇති මුත් කාලයාගේ ඇවෑමෙන් යුද වාතාවරණයත් සමඟ අභාවයට පත්ව තිබී 2011 වර්ෂයේ දී නැවත ආරම්භ කරන ලද මෙම විහාරස්ථානයේ සියලුම අඩුපාඩු සොයා බලා ඒවා ප්‍රතිසංස්කරණය කර 2013 වර්ෂයේ කඨින පුණ්‍ය මහෝත්සවය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පූර්ණ දායකත්වයෙන් සිදුකෙරුණි.

2017 වර්ෂයේ දී දුෂ්කරතාවලින් පිරි වැලිඔය කල්‍යාණිපුර මයුරවාපී විහාරස්ථානයේ කඨින පින්කම සඳහා ද බොදු මහා සමුළුවේ දායකත්වය ලබා දුනි.

2018 වර්ෂයේ දකුණු පළාතේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ කඨින පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට ද දායක විය.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 2019 වර්ෂයේ කඨින පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට සූදානම් වෙමින් පවතින්නේ වසර 30ක යුද්ධයකින් පසු පීඩාවට පත්ව තිබෙන ඉතා දුෂ්කරතාවලින් පිරිපුන් මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක. 240 දරණ කල්කුඩා ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති සිරි විවේකාරාම විහාරස්ථානයේ ය. මෙම විහාරස්ථානයේ කඨින පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට පාදක වන්නේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා සහ සම්මේලනයේ නිලධාරීන් පිරිස විසින් නැගෙනහිර පළාතේ සංචාරයක යෙදෙන අවස්ථාවේ දී, එම විහාරස්ථානය ද නිරීක්‍ෂණය කිරීමට යාමෙනි. එහි දී එම විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ සම්මේලනයේ නිලධාරීන් පිරිස සමඟ කියා සිටියේ අඩක් නිම කර ඇති විහාරස්ථානයේ ඉදිරි කටයුතු නිම කිරීමට මේ ප්‍රදේශයේ සිටින දුෂ්කරතා ඇති මිනිසුන්ට ධන පරිත්‍යාගයක් කිරීමට අපහසු බැවින් එහි කටයුතු ප්‍රමාද වී ඇති බවයි.

ඉන්පසු බෞද්ධ සම්මේලනයේ සභාපතිතුමා මෙම විහාරස්ථානයේ ඉදිරි වැඩකටයුතු නිම කර මෙහි ප්‍රථම කඨින පුණේ‍යීත්සවය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කරන ලදී. අනතුරුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ජාතික ආගමික සංස්කෘතික මණ්ඩලයේ සභාපතිනි සමන්තා සුමතිපාල මහත්මිය ඇතුළු නිලධාරී මණ්ඩලය ඔක්තෝබර් මස 23 සහ 24 දෙදින තුළ කඨින පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතී.

2019 ඔක්තෝබර් මස 23 වන දින සවස බෝධි පූජා පින්කමක් ද, පිරිත් සජ්ඣායනාවක් ද පැවැත්වෙන අතර, ඔක්තෝබර් 24 වන දින උදෑසන කඨින චීවරය රැගත් පෙරහර ද පෙරවරුවේ කුල දරුවන් පස් දෙනෙකු සසුන්ගත කිරීමේ පින්කම ද, දහවල සංඝගත දක්‍ෂිණාව ද පැවැත්වීමට සියක් වසක් සපිරෙන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මේ වන විට සියලු වැඩකටයුතු සූදානම් කරමින් පවතී.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 13 වන දා ඉරිදා පූර්ව භාග 00.36 ට ලබයි. 14 වන දා සඳුදා පූර්ව භාග 02.37 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 13 වන දා
ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]