[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

වස් කාලය සහ කඨින පින්කම

වස් කාලයෙහි භික්ෂූන් වහන්සේට ආරාධනා කොට වස් වසවා ගැනීමත්, සිවු පසයෙන් උපස්ථාන කිරීමත්, වස් අවසානයෙහි කඨින සිවුරු පූජා කිරීමත් බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව ප්‍රකට කෙරෙන අවස්ථාවකි. මේ බව ලංකාවේ බෞද්ධයන් වෙනත් රටවල බෞද්ධයන්ට වඩා උද්‍යෝගයෙන්, සුවිශාල පරිත්‍යාගයන් සිදු කිරීමෙන් කඨින පින්කම් පැවැත්වීමෙන් පෙනේ. අපේ සිංහල රජවරු ද එබඳු මහා පරිත්‍යාග කළ බව ඉතිහාසයේ සඳහන් වේ. සියමය, බුරුමය යනාදී රටවල බෞද්ධයින් ද කඨින පින්කම් උත්සවාකාරයෙන් පවත්වයි. එසේ උසස්, දුර්ලභ , ශක්තිමත් කඨින පින්කම සම්බුද්ධ ශාසනයේ බැබළීමටත්, ජනතාවගේ ගුණධර්ම දියුණුවටත් බෙහෙවින් උපකාරි වේ. කඨින පින්කම එක් විහාරයක දී වර්ෂයකට එක් වරක් පමණක් පැවැත්විය හැකි දුර්ලභ ගණයේ මහා පින්කමකි. ඒත් පෙරවස් පවාරණය කළ භික්ෂූන් වහන්සේ වැඩ සිටී නම් පමණකි. මේ නිසා භික්ෂූන් වහන්සේ විනයානුකූලව වස් වසා, එය රැක ගැනීම අත්‍යවශ්‍ය වේ. “කඨින” යන වචනයේ තේරුම ශක්තිමත්, ස්ථිර, ප්‍රබල යනාදී වශයෙන් දැක්වීමට පිළිවන. කඨින පින්කම හා එහි අනුසස් ද එම නිසා සෙසු පින්කම්වලට වඩා ප්‍රබල ය. සතර අපායාදී දුකින් නිදහස් වන්නට, සුගති සැප ලබන්නට උපකාර වන්නකි. බෞද්ධයාගේ පරමාර්ථය විය යුත්තේ සසර දිග්කර ගැනීම නොව සසරින් එතරව නිවනින් සැනසීමයි. ඊට මහෝපකාරි වන්නේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් දියුණු කිරීම ය. එයට වස් කාලය තුළ යෙදෙන පින්කම් ඉවහල් වේ. මේ අනුව වස් කාලය හා කඨින පින්කම අපට සුගති සැප හා නිවන් සැප ලබාදීමට ඒකාන්තයෙන් පිටුවහල් වේ.


වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 13 වන දා ඉරිදා පූර්ව භාග 00.36 ට ලබයි. 14 වන දා සඳුදා පූර්ව භාග 02.37 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 13 වන දා
ඉරිදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 21 වන දා සඳුදා ය

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]