[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපදේශනාත්මක බණ කතා සාහිත්‍යය: කෘතඥබව ගිලිහීම පිරිහීමයි

කෘතඥබව ගිලිහීම පිරිහීමයි

රාජ පුරුෂයෝ මුතුහර සමඟ පෙර කී සද්පුරුෂයා රජතුමාට ඉදිරිපත් කළහ. රජතුමා ද මුතුහර ලැබූ සද්පුරුෂයා දකුණු වාසල් දොර උල තබා ඝාතනය කරවන ලෙස රාජ පුරුෂයන්ට නියෝග කළේ ය. රාජ පුරුෂයෝ ද, අසද්පුරුෂයා අල්ලාදුන් මුතුහර සහිත සද්පුරුෂයා බැඳගෙන ඔහු මරණයට පත්කිරීම සඳහා වධකස්ථානයට යාම ආරම්භ කළහ.

වධකයන් සමඟ මරණයට යන සද්පුරුෂයාට පෙර උපකාර කළ නාග රාජයා සිහිපත් කොට තුඹස ආසන්නයේ දී “දීර්ඝ” යනුවෙන් ඇමතී ය. වහාම පිටතට පැමිණි නාගරාජයාට දෙඅත බැඳ මරණයට රැගෙන යන සද්පුරුෂයා පෙනුණේ ය. හැකි විගසින් උපකාර කිරීමට සිතී ය. නා රජා අනතුරුව වහා මිනිස් වෙසක් මවාගෙන රාජපුරුෂයන් ළගට ගොස් තමා එනතෙක් මුතුහර සොරාගත් පුරුෂයා නොමරා රඳවාගෙන සිටින ලෙස ප්‍රකාශ කොට රාජදේවිය වෙත ගොස් ඇයට දෂ්ට කොට සිහිමුර්ඡාවට පත් කළේය. නැවත මිනිස් වෙසක් මවාගෙන වධයට රැගෙන යන්නා වූ පුරුෂයාගෙන් රාජදේවියට බේතක් ගන්නා ලෙස ළග සිටි පිරිසට කී ය. අනතුරුව වධයට ගෙන යන මිතුරා ළඟට නොගොස් පැන් ඉස දේවිය සුවපත් කරන ලෙස ද දැන්වීය. වධයට ගෙන යන පුරුෂයා ද එසේම කළේ ය. දේවිය සිහි ලැබූ බව දැනගත් රජතුමා පුරුෂයා මරණයෙන් බේරා තෑගි බෝග සහ ගම්වර ලබා දී සතුටු කළේ ය. සද්පුරුෂ පුද්ගලයා ද චංචල නිශ්චල ධන ධාන්‍ය ලබා යහතින් කල් ගෙවී ය. දිනක් එම සද්පුරුෂයා රජතුමා වෙත ගොස් පුරුෂයාගේ හා තිරිසනුන් දෙදෙනාගේ ගති ලක්ෂණ කියා පෑවේ ය. ඔවුන් තිදෙනා ජරා වළෙන් ගොඩගත් බවත්, ගිරවා හා නාගරාජයා කළ ගුණ දත් බවත්, තමාට උපකාර කළ බවත් පෙන්වූ අතර තමාගෙන් උපකාර ලබාගත් අකෘතඥ මිනිසා ආත්මාර්ථකාමීව තමා ව්‍යසනයන්ට ගොදුරු කළ බවත් රජු ඉදිරියේ දී කියා පෑවේ ය. රජතුමා ඔහුට තුති කුසුම් පිදී ය.

එදාටත් වඩා අද්‍යතන සමාජයේ මිනිසුන් ලෙසින් පෙනී සිට තිරිසනුන්ටත් වඩා පහත් ලෙස ක්‍රියාකරන පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය විමසිල්ලට බඳුන් කරන්න.

කුඩා කල මව්පියෝ තමනට නොලැබුණු සම්පත් දරුවන්ට ලබාදෙති. වෙහෙස මහන්සියෙන් ධනය උපයාගෙන දරුවන් පෝෂණය කරති. දරුවන්ට අධ්‍යාපනය, ආහාරපාන හා ඇඳුම් පැළ ඳුම් ලබාදෙති. රෝග පීඩාදියෙන් වළක්වා ගනිති. සමාජයේ නිසි තැන ලබාදෙති. ධන ධාන්‍ය මගින් පොහොසත් කරවති. එහෙත් දරුවෝ අධ්‍යාපනය ලබා උසස් තත්ත්වයට පත්වෙති. උසස් රැකියා ලබාගනිති. සමහර තරුණ තරුණියෝ පිටරට පවා ගොස් රැකියා ලබාගෙන එහිම පුරවැසිභාවය ලබා ගනිති. මෙරටින් පිටරටවලට ඇදෙන සමහරු ධනය උපයාගෙන මෙරටට අවුත් මව්පියන් පෝෂණය කරති. ඔවුන් සන්තෝෂයට පත් කරති. විදේශගත වී උසස් රැකියා ලබාගෙන මෙරටට පැමිණ මව්පියන් අතහැර, ඔවුන් ගැන නොබලාම තම අඹුදරුවන් පෝෂණය කරති. අකෘතඥව ක්‍රියා කරති. ඔවුහු මුල්කාලයේ තමනට අතහිත දුන්නේ කවුරුන්දැයි සිහිපත් නොකරති. කෘතඥභාවය වර්තමාන සමාජයේ බොහෝ දෙනාගෙන් ගිලිහී හමාර ය. ඔවුනට යහළු මිතුරන්, ගුරුවරුන් පමණක් නොව මව්පියන් ද අමතක වීම පුදුමයට කරුණක් ද? කෘතඥභාවය අප අතින් ගිලිහී ගිය හොත් අපගේ පිරිහීම අප අත ළගම බව අවධාරණය කරගන්න.

මෙම ලිපියෙහි ඉතිරි කොටස අමාවක (සැප්තැම්බර් 28) පොහොදා පත්‍රයේ පළවේ.

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 21 වන දා සෙනසුරාදා අපර භාග 08.20 ට ලබයි. 22 වන දා ඉරිදා අපර භාග 7.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා ඉරිදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]