[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

චේතියඝර

ඝර යනු ගෘහය යි. චේතිය යනු දාගැබ යි. එනිසා මෙය දාගැබ් ගෙය යනුවෙන් ද හඳුන්වයි. අතීත ලංකාවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ස්ථූප ආවරණය කොට ගෙවල් සාදා ඇති බවට උදාහරණ ලෙස ථූපාරාම, ලංකාරාම වැනි දාගැබ් වටා වර්තමානයේ තවමත් ඉතිරිව ඇති ගල් කුළුණු පේළි සාක්ෂි දරයි. චේතිය ඝරයේ ප්‍රධානතම කාර්යය නම් චෛත්‍යයට ආරක්ෂාව සැපයීම යි. එමෙන් ම අව්වෙන්, වැස්සෙන් පීඩා නො විඳ, සැදැහැ සිතින් චෛත්‍ය වන්දනාමාන කිරීමට ඉඩ සැලසීම යි. මෙම චේතියඝර දාගැබ් පමණක් නොව, මුළු මහත් බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය ද ආරක්ෂා කරගනිමින්, පෝෂණය කරනු ලබන විස්කෘතාලංකාර දායාදයකි.


නිවනට යන මග

බලයට රසයට ලොබ මිනිසුන්නේ
මරණින් මතුවට කොහිදැයි යන්නේ
කාමය සොයලා ඇයි වෙහෙසෙන්නේ
නිවන් මගයි කවිකර පවසන්නේ

පායන හිරු අහසින් බැස යයි නම්
විකසිත මල් පෙති පර වී යයි නම්
පුංචි බිළිඳු නිති වයසට යා නම්
ජීවිතයක් ගැන කුමටද සරදම්


හෙළ ගොවි සිරිත්

බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි හොඳ රැකියාවක් වන ගොවිතැන ක්‍රම දෙකකට සිදු වේ. ඒවානම් ගොඩ ගොවිතැන හා මඩ ගොවිතැන යි. ඒ අතරින් ගොඩ ගොවිතැන යනු හේන් වගාව යි. මඩ ගොවිතැන යනු කුඹුරු වගාව යි. මෙයින් කුඹුරු වගාව හෙවත් මඩ ගොවිතැනේ දී සිදුුකළ යුතු දේ ගොවි සිරිත් ලෙස හැඳින්වේ. ගොවි කර්මාන්තයේ දී ගොවියා බොහෝ ක්‍රියාකාරකම්වලට යොමු වේ. වේලි බැඳීම, වී වැපිරීම, ගොයම් සිටුවීම, ගොයම්වලට සාත්තු කිරීම හා ගොයම් කැපීම එවැනි ක්‍රියාවලට නිදසුන් ය. ගොවිතැනේ දී භාවිත වන වචන සාමාන්‍ය ව්‍යවහාරයේ දී භාවිතවන වචනවලට වඩා වෙනස් ය. ගොවි මහත්වරු මහත් සේ දුක් විඳ බොහෝ සේ මිල මුදල් වියදම් කර රට ට බත සපයති. අපේ ගොවියා නිසා අපේ රට ස්වයංපෝෂිත රටක් බවටත් පත් වී ඇත. පිටරැටියන්ට ණය නො වී ජීවත්වීමට අපට ගොවිතැන උපකාර කර ගත හැකි ය.


ප්‍රථම ස්ථූපය

සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කළ ස්තූපයක් නොමැති වීම අඩුවක් කොට සැලකූ මිහිඳු මහරහතන් වහන්සේ ඒ බව දේවානම් පියතිස්ස රජුට දැන් වූ සේක. ‘මම සෑය ඉදි කරමි. ඔබ වහන්සේ ධාතුන් වහන්සේ සොයා දෙනු මැනැවැයි’ රජු පැවැසී ය. මිහිඳු මාහිමියන් සුමන සාමණේරයන් වහන්සේ අමතා “සුමන, දඹදිවට ගොස් ධර්මාශෝක රජු හමු වී ලංකාවෙහි දෙවනපෑතිස් රජු ස්තූපයක් කරවනු කැමැත්තෙන් සිටින බවටත්, ඒ සඳහා ධාතුන් වහන්සේලා රැගෙන නැවත දෙව්ලොවට ගොස් සක් දෙව්ගෙන් දකුණු අකුධාතුන් වහන්සේ ලබාගෙන එන ලෙසත් උපදෙස් දුන් බව පොත පතේ සඳහන් වෙයි. දෙවන පෑතිස් රජතුමා ඒ ධාතුන් වහන්සේ නිදන් කොට ථූපාරාම චෛත්‍ය කරවී ය.


සිරි දළදා පෙරහර

දළදා පෙරහර යනු දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන මහා පෙරහරකි. එය දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් ඇසළ මාසයේ ලංකාවට පැමිණෙයි. මෙම පෙරහර බොහෝ සංචාරකයන් අතර ප්‍රසිද්ධ මහා පෙරහරකි. මෙහි ඉතා දුර්ලභ, සාම්ප්‍රදායික නැටුම් ගැයුම් අන්තර්ගත වී තිබෙන අතර, දළදා කරඬුව වඩමවන හස්තිරාජයා පවා කරඬුව වැඩමවීමේ දී ඉතා ගරු කටයුතු ලෙස එම ක්‍රියාව සිදු කරන අයුරු පෙනෙයි. දළදා පෙරහර ආරම්භ කරනු ලැබුවේ කිත්සිරි මෙවන් රජතුමා විසිනි.


සමගිය

සිටියත් ජාති ආගම් වශයෙන් බෙදී
නේක වර්ණ ලේ ධාතුන් ඇත්තේ නැතී
නො සිටින්න තවත් අලසව වැනි වැනී
එක්වෙන්න නංවන්න රට දැය පෙළ සැදී

එක් වුණු දිනක අප සැම ලක් මෑණිගේ තුරුලේ
වැජඹෙයි නිබඳ අප සැම ඇගේ හද පත්ලේ
තරහව, ක්‍රෝධය ඉවතට දමමින්නේ
අපි සැම සුව විඳිමු එතැනයි සැන සිල්ලේ


චීවර මාසය

වස්සාන කාලයේ දී වෙහෙර විහාර ස්ථානවල විවිධ ආකාරයේ පින්කම් සිදු කරයි. මල් පූජා, ඖෂධ පූජා, ධර්ම දේශනා, දානමාන ආදී බොහෝ අනුසස් ලැබෙන පින්කම්වල සැදැහැවතුන් නිරත වේ. උපාසක උපාසිකාවන් වන අප සෑම දෙනාට ම නිවන කරා ගමන් කිරීමට මේ පින් උපකාරී වේ.


පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න.

ගුණවත්, නැණවත් දරු පිරිසක් බිහි කිරීමට වෙර දරන ඔබගේ දහම් පාසල පිළිබඳව නිර්මාණාත්මකව කෙටියෙන් ලියා අපවෙත එවන්න.

ජයග්‍රාහි දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් අගනා ත්‍යාගයක් පිරි නැමේ.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

555 ඕෂධි හිමාසා ලක්මිණී
5 වන ශ්‍රේණිය
රතනජෝති දහම් පාසල, රත්මලාන

556 කවීන් නිම්සර විජේතුංග
2 වන ශ්‍රේණිය
ශ්‍රී සද්ධර්ම ප්‍රචාරක දහම් පාසල, ගල්අතුර

557 ඩී.කේ.ජී. සේජා බණ්ඩාර
04 වන ශ්‍රේණිය
ශ්‍රී සුධර්මා දහම් පාසල, අම්පිටිය

558 තෙවිඳු තරින්ද බණ්ඩාර
05 වන ශ්‍රේණිය
විදුර විදුහල, තලවතුගොඩ

559 දෙනුක නවරත්න
09 වන ශ්‍රේණිය
 පාසල - රාගම


ගවමස් නොකමු

පී. දමිතරක්ඛිත හිමි
03 වන ශ්‍රේණිය
ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙන මහරගම

අපි පන්සල් යනවා

ඩී.පී. මිනුදි නෙහන්සා
04 වන ශ්‍රේණිය
ශ්‍රී ගුණානන්ද දහම් පාසල පොල්ගහවෙල


බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 21 වන දා සෙනසුරාදා අපර භාග 08.20 ට ලබයි. 22 වන දා ඉරිදා අපර භාග 7.50 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වන දා ඉරිදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]