[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර පුර අටවක 2019.09.06

සරල ජීවන රටාව සතුට ගෙන දෙයි

සමාජය උඩු යටිකුරු වී ඇතැයි ද, විය යුතු දේ හැර නොවිය යුතු දේ ම සිදු වෙතැයි ද විවිධ පිරිස් චෝදනා නගති. සාර ධර්ම ගිලිහී විෂමාචාර වර්ධනය වූ සමාජයේ හෙට දවස කෙසේ විසඳේ දැයි තවත් කෙනෙක් අවිනිශ්චිත බව පළ කරති. මේ චෝදනා අතර අප කළ යුතු කුමක් ද? වරදට චෝදනා කරමින්, වැරැදි මතු කර පෙන්වනවාට වඩා ඒවා නිවැරැදි කර ගන්නට සුදුසු යෝජනා ක්‍රියාත්මක කරවීම ය. උත්සාහ කළ යුතු අපගේ දරු පරපුර, හිත මිතුරන්, අසල්වැසියන් ඒ තැනට පත් නො කරන්නට ය. ඒ සඳහා නිවැරැදි මග පෙන්වීම් සම්බුදු දහම තුළ අපට උගන්වා ඇත.

ඒ දහම් මග යමින් ආචාර ධර්මයන්ට අනුකූලව ජීවත්වන පුද්ගලයා තමන්ට මෙන් ම, අන්‍යයන්ට ද අහිතකර වන කිසිදු කාර්යයක නො යෙදෙන්නේ ය. එවැනි පුද්ගල කණ්ඩායමකින් සැදුම් ලත් සමාජය අධ්‍යාත්මික බවින් සුපෝෂිත ය. ධාර්මික ය. එහි මිනිසුන්ට සේ ම සතා සිවුපාවුන්ට ද සැකයෙන්, බියෙන් තොරව නිදහසේ ජීවත්වීමට පුළුවන. ගහකොළ, ගංගා, ඇළ දොල ඇතුළු ස්වභාවික සම්පත් ද මනාව සුරැකෙන්නේ ය.

බුදුරජාණන් වහන්සේ දේශීත බෞද්ධ ආචාර ධර්ම මාලාව ලෞකික මෙන් ම, ලෝකෝත්තර ජීවිතයෙහි ද සුවය පිණිස ම ය. බෞද්ධ ආචාර ධර්මයන් හි පදනම ගොඩනැගී තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ය. එහි පස්වන මාර්ගාංගය නිවැරැදි ජීවිතය හෙවත් සම්මා ආජීවය යි. ගිහි පැවිදි වශයෙන් දෙයාකාරවන සම්මා ආජීවය තුළ ගිහියන්ට අවධාරණය කරන්නේ වැරැදි ජීවත වෘත්තීන්වලින් මිදී ජීවිතය පවත්වා ගන්නා ලෙස ය. එනම්, සදාචාරාත්මක වශයෙන් පිළිගත හැකි ජීවන වෘත්තියක් තෝරා ගැනීම යි. තමන්ට, සමාජයට,පරිසරයට හානිදායක ප්‍රතිඵල අත්කර දෙන කවර හෝ වෘත්තියක නියැළී ම බුදු දහමෙහි සපුරා ප්‍රතික්ෂේප කෙරේ.

ජීවන වෘත්තීන් තුළ නො කළ යුතු වෙළෙඳාම් අතර වස - විස වෙළෙඳාම ද අවධාරිත ය. මෙහි දී අප විසින් වස විස වෙළෙඳාම මාතෘකා කරනු ලැබුයේ එය මහා පිළිලයක් සේ පැතිර යන්නට ආරම්භ වී ඇති සෙයක් හැඟෙන නිසා ය. අද අප කන බත් පතෙහි ද වස විෂ ය. බීමට ගන්නා ජල බිඳුවෙත් වස විෂ ය. එහි ප්‍රතිඵල ද අපි නිරන්තරයෙන් අත් දකිමු. අප අතරින් වැඩි දෙනෙක් රෝගීහු ය. ඒ අතර ද සුවකළ නො හැකි දරුණු රෝගාබාධයන් ය. අපගේ නිරෝගි බව රැකදෙන ප්‍රධානතම සාධකය වන්නේ ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව ය.

ගොවිතැන බුදු දහම අනුව කරන ධාර්මික ජීවනෝපායයකි. මඩ සෝදා ගත් කල ගොවියා රජකමට ද සුදුසු බව අපේ ජනවහරෙහි කියැවෙන්නේ ය. එහෙත් මහපොළොව සමග ගැටෙමින් බෝග නිෂ්පාදනය කරන්නට හෙළන දහදිය බිඳු ගැන ධාර්මික සතුටක් ලද හැක්කේ කීයෙන් කී දෙනාට ද?

සරල ජීවන රටාවෙන් මිදී සමාජ සංකීර්ණ වෙත් ම අනුන් ගැන හිතන ක්‍රමවේදය ගිලිහී යමින්, අධ්‍යාත්මික ගුණ ධර්ම පිරිහීම වේගවත් විය. දිනෙන් දින නිර්මාණය වන අවශ්‍යතා සපුරා ගන්නට මිනිසා මුදලට ම, ලාබයට ම මුල්තැන දෙන්නට පටන් ගැනීම තුළ බත් පතට ද විස විෂ එක් විය. වැඩි අස්වනු ලබන්නට අද ඇතැම් අය කෘෂි භෝග වගාවන්ට අවිධිමත් ලෙස රසායනික ද්‍රව්‍ය එක් කරති. වැඩි ආයාසයකින් තොරව වගා කළ හැකි පලා ටිකට ද වස විෂ එක් කරන බවට තොරතුරු වාර්තා වන්නේ ය.

ඇතැම් අය තමන්ගේ පරිභෝජනයට වෙන ම කොටසකුත්, අලෙවියට වෙනම කොටසකුත් බෝග වගා කරනු දැක ඇත්තෙමු.

ඒ තමන් වස විස කන්නට බිය හෙයිනි. ගොවිතැන ධාර්මික ය. එහෙත් ආර්ථික වාසි බලාපොරොත්තුවෙන් ඒවාට අවිධිමත් ලෙස වස විස මිශ්‍ර කරනවා නම්, ඒ ධාර්මික ජීවනෝපායයක් නො වන්නේ ය. ඒ බව භෝග ජීවිතවලට අන්තරායකර ය. තමන් ගැන සේ ම අනුන් ගැන ද සිතමු. එවිට හෙට දවස ලස්සන වන්නේ ය.

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 05 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 08.49 ට ලබයි. 06 වනදා සිකුරාදා අපරභාග 08.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 06 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 13 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

Full Moonඅමාවක

සැප්තැම්බර් 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]