| 
මහනුවර ඇසළ පෙරහර ගමන් මඟ
 
 
 
 
 
 
 
 
 
 
 
ශ්‍රීමත් ශාලි වාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් 1941 වැන්නේ මතු විෂ්ණු විංශතියට අයත් 
පිතර යුග පඤ්චාබ්දයෙහි තෙවන ඉධාවත්සර භේද නාමධාරී ‘චන්ද්‍ර’ දේවතාධිපති’ විකාරි’ 
නම් මෙම වර්ෂය වනාහි කටක රවි දාහත් භාග වූ චන්ද්‍ර මාස ක්‍රමයෙන් නිකිණි මස පුර 
දියවක නම් තිථිය ලත් ගුරු දින ශුද්ධ සූර්යෝදයාදී පැය 57 පසුවී විනාඩි 52 ට හෙවත් 
ව්‍යවහාර වර්ෂයෙන් 2019 වැන්නෙහි අගෝස්තු මස 02 වෙනි කිවි දින පෙ.ව. 05 පසුවී 
විනාඩි 10 ට උතුරු දිශාභිමුකව සිරිත් පරිදි පේකොට තබන ලද ‘පණස’ වෘක්ෂයේ ශාඛාවක් ගෙන 
මහනුවර සිව් දේවාලයන් ප්‍රධානකොට ඇති සියලු විහාර, දේවාලයන්හි පූර්වාභිමත්ව ඇසළ 
‘කප්’ සිටුවීමට සුබයි.  
 
කුඹල් පෙරහර 
රාජ්‍ය වර්ෂ 2019 ක් වූ අගෝස්තු මස 05 දින සඳු දින සම්මත වේලාවෙන් අපරභාග 06 පසු වී 
විනාඩි 01 ට දකුණු දිශාභිමුඛව දේවාලයන්හි පෙරහර පිටත්ව, සිරිත් පරිදි ශ්‍රී 
දන්තධාතු මන්දිරය ඉදිරිපිට ට පැමිණි පසුව, රාත්‍රී 07 පසුවී විනාඩි 02 ට දකුණු 
දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය), ඩී.එස්. සේනානායක වීදිය 
(ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ, දේවවීදිය, කොළඹ වීදිය (ශ්‍රීමත් 
බෙනට්සොයිසා වීදිය) , යටිනුවර වීදිය, රජ වීදිය, ඔස්සේ ඉහළවිටත් ගෙවදීම. 
 
අගෝස්තු මස 06 වන දින, කුජ දින රාත්‍රී 07 ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා 
වීදිය (වෝඩ් වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) ඔස්සේ රජවීදියෙන් 
ඉහළටවිත් ගෙවදීම. 
අගෝස්තු මස 07 වන දින, බුධ දින රාත්‍රී 06 පසුවී විනාඩි 52 ට දකුණු දිශාභිමුඛව 
පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) 
කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය) ඊ.එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල 
වීදිය) ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.  
අගෝස්තු මස 08 වන දින, ගුරු දින රාත්‍රී 06 පසුවී විනාඩි 50 ට වයඹ දිශාභිමුඛව පෙරහර 
පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) ඊ.එල්. සේනානායක වීදිය(කොටුගොඩැල්ල වීදිය) ඔස්සේ 
රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.  
අගෝස්තු මස 09 වන දින, කිවි දින රාත්‍රී 07 පසුවී විනාඩි 45 ට දකුණු දිශාභිමුඛව 
පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය) යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළවිටත් 
ගෙවදීම.  
 
රන්දෝලි පෙරහර 
2019 අගෝස්තු මස 10 වැනි දින, ශනි දින රාත්‍රී 06 පසුවී විනාඩි 23 ට දකුණු 
දිශාභිමුඛව සිව්දේවාලයන්හි රන්දෝලි බහා එදින සවස 7 පසුවී විනාඩි 18 ට සිරිත් පරිදි 
දකුණු දිශාභිමුඛව රන්දෝලි පෙරහර පිටත්ව ශ්‍රී දන්තධාතු මන්දිරය ඉදිරිපිටට පැමිණ 
පසුව රාත්‍රී 07 පසුවී විනාඩි 32 ට දකුණු දිශාභිමුඛව ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර සමග 
දළදා වීදිය (වෝඩ්වීදිය) ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) පන්සල පාරේ ඉහළට 
පැමිණ දේවවීදිය කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය) ඊ.එල්. සේනානායක වීදිය, 
(කොටුගොඩැල්ල වීදිය) රජවීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීම.  
අගෝස්තු මස 11 වන දින, රිවි දින රාත්‍රී 06 පසුවී විනාඩි 40 ට දකුණු දිශාභිමුඛව 
පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), 
කොළඹ වීදිය (ශ්‍රීමත් බෙනට්සොයිසා වීදිය), යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් 
ගෙවදීම.  
අගෝස්තු මස 12 වන දින, සඳු දින රාත්‍රී 07 පසුවී විනාඩි 10 ට නිරිත දිශාභිමුඛව 
පෙරහර පිටත්ව දළදා වීදිය, (වෝඩ්වීදිය) ඊ.එල්.සේනානායක (කොටුගොඩැල්ල වීදිය), හරස් 
වීදිය ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම. 
 
අගෝස්තු මස 13 වන දින, කුජ දින රාත්‍රී 07 පසුවී විනාඩි 38 ට දකුණු දිශාභිමුඛව 
පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය), යටිනුවර වීදිය, හරස් වීදිය, ඩී.එස්.සේනානායක 
වීදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම.  
අගෝස්තු මස 14 වන දින, බුධ දින රාත්‍රී 08 පසු වී විනාඩි 05 ට දකුණු දිශාභිමුඛව 
පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ්වීදිය) යටිනුවර වීදිය, කන්දෙ වීදිය (හිල් වීදිය), 
ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවදීම. 
 
 
දියකැපුම් පෙරහර 
2019 අගෝස්තු මස 15 වන ගුරු දින රාත්‍රී 02 පසුවී විනාඩි 12 ට දකුණු දිශාභිමුඛව 
ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිව්දේවාලයන්හි පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය 
(වෝඩ්වීදිය), ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය), ඔස්සේ ගෙඩිගේ විහාරයට 
(ආදාහන මළුවට) ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට සිව්දේවාලයන්හි 
පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේවපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට 
ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජාව ඉටු 
කිරීමද,  
 
දවල් පෙරහර 
2019 අගෝස්තු මස 15 වැනි දින ගුරු දින, දවල් 11 පසුවී විනාඩි 52 ට නැගෙනහිර 
දිශාභිමුඛව ගණදෙවි කෝවිලෙන් පෙරහර පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය, 
ඊ.එල්.සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය) කන්දේ වීදිය (හිල් වීදිය) ඔස්සේ ඩී.එස්. 
සේනානායක වීදියේ (ත්‍රිකුණාමල වීදිය), මංසන්ධියට පැමිණ එදින සවස 03 පසුවී විනාඩි 12 
ට නැගෙනහිර දිශාභිමුඛව (ආදාහන මළුව) ගෙඩිගේ විහාරයෙන් පිටත්වන ශ්‍රී දන්තධාතු 
මන්දිරයෙහි පෙරහර කැටුව, ඩී.එස්.සේනානායක වීදිය (ත්‍රිකුණාමල වීදිය) පන්සල පාර, 
ඔස්සේ දේව වීදියෙන්, රජවීදියට හැරී මාළිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණාකොට සවස 
05 පසුවී විනාඩි 07 ට නැගෙනහිර බලා ගෙවදීම ශුභ වේ යැයි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන 
නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.  |