[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

ඕල්කට්තුමා

ඕල්කට්තුමා උපත ලැබුවේ වර්ෂ 1832 අගෝස්තු 02 දින ඇමරිකා එක්සත් ජනපදයේ දී ය. ඔහු උපතින්ම ඇමරිකානු ජාතිකයකු වූ අතර ක්‍රිස්තියානි භක්තිකයෙකි. ඔහු විවිධ සමාජසේවාවන්හි නිරත වූවෙකි. ඔහුගේ ප්‍රධාන පිළිගැනීම වූයේ සත්‍යයට වඩා උසස් ආගමක් නැත යන්නයි. 1860 පමණ වනවිට අපේ රටේ බෞද්ධ අධ්‍යාපනය, බුදු දහම විදේශීය බලය ඉදිරියේ දී පිරිහී පැවතුණි.

එම නිසා වසර ගණනාවක් ආගම පිළිබඳ වාද විවාද ඇති විය. එම වාද විවාද “පංච මහා වාද” නමින් ප්‍රසිද්ධ විය. ඔහු ලංකාවට පැමිණියේ 1880 මැයි 17 දා බුදුදහම ගැන දැන ගැනීමට දැඩි කැමැත්තක් දැක් වූ නිසා ය. කොළඹ පරම විඥ්ඥානාර්ථ බෞද්ධ සමාගම බිහිවුණේ ඔවුන්ගේ මූලිකත්වයෙනි. එම සමාගමේ මූලික අරමුණ වන්නේ ජාතික හැඟීම් වර්ධනය කිරීම හා බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමයි.

1880 මැයි 25 වන දින ගාල්ලේ වැලිවත්ත විජයානන්ද විහාරස්ථානයේ දී පන්සිල් සමාදන් වී එතුමා බෞද්ධයෙකු බවට පත්විය. 1885 දී වෙසක් පෝය දිනය පළමුවරට රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට උනන්දු වූවේ ය. බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමේ දී එතුමා පුරෝගාමීව ක්‍රියා කළේ ය. “සරසවි සඳරැස” නම් වූ සිංහල පුවත්පත ආරම්භ කළේ එතුමා ය. පෙර අපර දෙදිග රටවල් රැසකට බුදු දහමේ පණිවුඩය රැගෙන යාමට එතුමා කටයුතු කළේ ය. වර්ෂ 1907 දී එතුමා මියගියේ ය.

****

සුරාවෙන් වෙන්වෙමු

වර්තමානයේ සමහර වැඩිහිටියන් මෙන්ම සමහර දරුවන් ද සුරාපානයට ඇබ්බැහි වී ඇත. එනිසා ඔවුන්ට විවිධ ගැටලුවලට මුහුණදීමට සිදු වේ. ඒ අතර මාර්ග අනතුරු ප්‍රධාන වේ. විවිධ උත්සව අතරතුර මත්වතුර පානය කර, සිහි විකල් වී තමන්ට තමන් පාලනය කරගත නොහැකිව මාරාන්තික අනතුරුවලට මුහුණ දෙයි. තමන් පමණක් නොව, අනතුර සිදුවන විට තමන් අවට සිටින පිරිස ද අනතුරට මුහුණ දෙයි.

ඒ වගේම මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් වවිධ රෝගාබාධවලට මුහුණ දීමට සිදුවෙයි. පිළිකා වැනි රෝග අතීතයේ දුලබ වුවත් වර්තමානයේ සුලබ ය. මෙම රෝග පීඩා ඇති වීම නිසා මිනිසුන් දුක්විඳ මියයයි. හෘදයාබාධ ඇතිවීමත් වර්තමානයේ සුලබ රෝගයකි. මේවාට යම් විදිහකින් මත්ද්‍රව්‍ය බලපෑමට ඉඩ ඇත. මෙම දුක්පිඩාවලින් වැළකීම සඳහා නිවැරැදි ව ජිවිතය පැවැත්වීම වැදගත් ය.

****

අනු බුදු මිහිඳු හිමි

ලක්දිවට බුදු සමය දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ පුතණුවන් ය. ශ්‍රී මහා බෝධිශාඛාව වැඩම වූ සඟමිත් තෙරණියගේ සොහොයුරා ය. සම්බුද්ධ ශාසනයේ භාරකරුවෙකු වනු වස් ධර්මාශෝක අධිරජුගේ ඉල්ලීම පරිදි මිහිඳු කුමරු බුදු සසුනේ පැවිදි විය. මොග්ගලීපුත්ත තිස්ස තෙරුන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බව ලැබූ මිහිඳු හිමියන් තෙවන ධර්ම සංගායනාවේ සාධනීය ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ධර්ම දූත සේවාවේ දී තම්බපණ්ණි දේශය නම් වූ සිරිලකට ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර හා භණ්ඩුක උපාසක සමඟ දෙවනපෑතිස් රජ දවස මිහින්තලයට වැඩම කළහ. චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීමෙන් ලක්වැසි යක්ෂ, දේව, නාග ගෝත්‍රිකයන් තුළ අධ්‍යාත්මික පරිවර්තනයක් සිදු කළහ. අතීතයේ පටන් තුන්කල් දක්වා ම සිව්වනක් පිරිසෙන් මගඵල ලබා සතර අපාදුකින් නිදහස් කළ ඒ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට කෘතගුණ සලකනු වස් උත්තිය රජු කර වූ මිහිඳු මහාසෑය අදත් සුවඳ මලින් පුද ලබයි.

****

පිහිට

මිනිසුන් දැක ඇයි නොහඬා ඉන්නේ
මළ කඳ දැක මහ හයියෙන් වැලපෙන්නේ
අද සිටි මිනිසා හෙට මළ කඳකුයි වන්නේ
ඇති තතු හැඳින නුඹවත් මින් ගැලවෙන්නේ

මිනිසුන් සැම කලම ගිනි ගොඩකයි ඉන්නේ
මෝහය නිසා ඒ ගැන නෑ වැටහෙන්නේ
ත ැවි තැවි ගෙවෙන මේ දිවියෙන් ගැලවෙන්නේ
දහමයි නුඹේ අවසන් පිහිටට එන්නේ

****

මංගල ධර්ම දේශනාව

****

මාර පරාජය

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 31 වන දා බදාදා පූර්ව භාග 11.57 ට ලබයි. අගෝස්තු 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 31 වන දා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 07 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]