[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

මැල්ලගල ආරණ්‍යය

ශ්‍රී ලාංකික බෞද්ධයාට දායාදයක් බඳු වූ, පුණ්‍ය භූමිවලින් එකක් ලෙස ගල්ලෙන් කිහිපයකින් සෑදුණු පුරාණ මැල්ලගල ආරණ්‍යය සේනාසන භූමිය හඳුන්වා දිය හැකිය. මැල්ලගල ආරණ්‍යය සේනාසනය පිළිබඳව තොරතුරු හමුවන්නේ අහඹුවක් ලෙසිනි. මෙම ගල් ලෙන් පිළිබඳව පළමුවෙන් තොරතුරු අනාවරණය වන්නේ මලියදේව මහරහතන් වහන්සේ හා සම්බන්ධවයි. එකී සාක්ෂීය මෙම පුණ්‍ය භූමිය ඈත අතීතයේ සිට භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බව සනාථ කරයි. මලියදේව මහරහතන් වහන්සේ ගෙන් පසුව මැල්ලගල ආරණ්‍යය සේනාසන ගල් ලෙන් කිහිපය භික්ෂූන් වහන්සේලා හෝ මිනිසුන්ගෙන් ශුන්‍ය භූමියක් වී ඇති අතර කාලය ඇවෑමෙන් ඝන කැළයක් සහ මිනිසුන්ට ළඟා වීමට නොහැකි, මාර්ග පහසුකම් නොමැති, උස් කඳු පෙදෙසක් වී තිබිණි. එවැනි දුෂ්කර ප්‍රදේශයක් වූ ගල්ලෙන් සමූහයක් තිබූ මෙම භූමිය, අපවත් වී වදාළ අස්මඩලේ ශ්‍රී රතනපාල නාහිමියන් හා අපවත්වී වදාළ කෙහෙල්පන්නල ශ්‍රී සුමන නාහිමියන් විසින් තම භික්ෂු ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා යෝග්‍ය පරිසරයක් සොයමින් යන මොහොතේ කෑගල්ල, දීවල, පල්ලේගම ආසනයේ පිහිටි ලෙන් සමූහයක් පිළිබඳව දැන ගන්නට ලැබී ඇත.


ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 31 වන දා බදාදා පූර්ව භාග 11.57 ට ලබයි. අගෝස්තු 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 31 වන දා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 07 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]