[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ දසවස් සැමරුමට ආගමික වතාවත් රැසක්

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ දසවස් සැමරුමට ආගමික වතාවත් රැසක්

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ දසවන සංවත්සරය නිමිත්තෙන් විශේෂ ආගමික වතාවත් රැසක් පසුගියදා පැවැත්විණි. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් විජිත රවිපි‍්‍රය මහතාගේ ප්‍රධානත්වයෙන් එම සර්ව ආගමික වතාවත් පැවැති අතර යුද හමුදා රණවිරුවන් විසින් එම වැඩසටහන් ක්‍රියාවට නංවන ලදී.

2009 වසර මැද භාගයේ දී කිලිනොච්චිය ඉරණමඩු ජලාශය අභියස දී ස්ථානගත කළ එම මූලස්ථානය මගින් යුද්ධය නිමාවීමෙන් පසු අවතැන් වූ සිවිල් ජනතාවගේ ජනජීවිතය නගා සිටුවීම සඳහා පුරෝගාමී මෙහෙවරක නියැළී ඇත. එම ආරක්ෂක සේනා මූලස්ථානය මගින් යුද හමුදාව කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සිවිල් ජනතාවගේ යහපත වෙනුවෙන් සිදුකරන ලද සේවාවන් ඉතා විශාල බවත්, ඉදිරියේදීත් එම ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා විශාල වැඩකොටසක් සිදුකිරීමට තමා බලාපොරොත්තුවන බවද මේජර් ජනරාල් විජිත රවිපි‍්‍රය මහතා සඳහන් කළේ ය.

බෞද්ධ ආගමික වතාවත්වලට මූලිකත්වය දෙමින් ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසුදින මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිරිනැමීම සිදු කෙරිණි. ඉරණමඩු හින්දු කෝවිලේ දී හින්දු ආගමික වතාවත් ද, ජුම්මා පල්ලියේදි ඉස්ලාම් ආගමික වතාවත් ද, කතෝලික ආගමික වතාවත් ශාන්ත තෙරේසා දේවස්ථානයේ ද පවත්වා දැනට සේවයේ යෙදී සිටින, යුද හමුදා රණවිරුවන්ට හා සටන්බිමේ දී තුවාල ලබා ආබාධිත තත්ත්වයේ පසුවන රණවිරුවන්ට ශක්තිය, ධෛර්ය ප්‍රාර්ථනා කිරීමත්, මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත් ආගමික වතාවත් පැවැත්වීමේ මූලික අරමුණ බවද මේජර් ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 07

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]