[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

මල්වතු මහා විහාරයේ ස්ථාපිත කළ සී.සී.ටී.වී කැමරා පද්ධතියට අදාළ ලියකියවිලි මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පිළිගැන්වූ අයුරු.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානාහිමි නිල ආරාමයේ සවි කළ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීමෙන් පසු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන් සමඟ සුහද පිළිසඳරක නිරත වූ අයුරු. ඡායාරූප - රුවන් මීගම්මන

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ජාතික, ශාසනික, සමාජයීය මෙහෙවර සිහිකරනු වස් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අසල ජපන් මිත්‍රත්ව මාර්ගයට යාබදව ඉදිකරන ලද ‘සාධාරණ සමාජයක අපේක්ෂාව’ ස්මාරකය පසුගියදා (25) පස්වරුවේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් නිරාවරණය කළ අයුරු. එම අවස්ථාවට නාහිමිවරුන්, මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, කතානායක කරු ජයසූරිය මහතා, මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ. ඡායාරූපය රුක්මාල් ගමගේ

කුලකුමරුවන් විසි දෙනෙක් සසුන් ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවයක් ආණමඩුව වඩත්ත සිරිසරණංකර පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි. මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාරපාර්ශ්වයේ අනුනායක කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරාධිපති ආණමඩුවේ ධම්මදස්සි අනු නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම පුණ්‍ය මහෝත්සවය පැවැති අතර එම අවස්ථාවට ඔට්ටුකුලමේ පුඤ්ඤානන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය සහ වයඹ ආණ්ඩුකාර පේෂල ජයරත්න, වයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ.

දමයන්ති ජයකොඩි මහත්මිය විසින් ලියන ලද අලුත්ම ග්‍රන්ථය “ගෞතම බුද්ධ චරිතය - 6, අසිරිමත් උතුම් තිසරණය බුද්ධ ධම්ම සංඝ’ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහයියෝ බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝප්පකන්දේ සුමනජෝති හිමියන්ට පිළිගන්වන ලදී. එම අවස්ථාවට අලුත්ගම චන්දානන්ද හිමි, ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතා, මධුරංගි ගුණසේන මෙනෙවිය, කාංචනා ගුණසේන මහත්මිය සහ මහාචාර්ය වාසනා සුමනසේකර මහත්මිය ද සහභාගි වූහ.

නාවින්න දුම්රිය මාවත සුබ සාධක සමිතිය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා වෙත බාරදුන් අවස්ථාව. සේයාරුවේ වමේ සිට භාණ්ඩාගාරික දයානන්ද ලියනගේ, සභාපති අනුර පෙරේරා, අධ්‍යක්ෂකතුමා, ප්‍රධාන සංවිධායක තිලක් පුෂ්ප කුමාර මහත්වරු ද මෙහි වෙති. සාමාජික ඉන්දික නිශාන්ත පෙරේරා මහතා ඇතුළු සාමාජික සාමාජිකාවන්ගෙන් ලද ආධාර මුදල ඒ සඳහා යෙදවූ බව ද සිහිපත් කරති. පොසොන් පොහොය දින කඩල දන්සලක් ද, පසුදින සුප් දන්සලක් ද එම වැඩසටහනට සමගාමීව පවත්වන ලදී.

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි 02 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.05 ට ලබයි. 03 වන දා බදාදා පූර්ව භාග 00.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 02 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 09 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]