[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දෙලොව සතුට සදන ත්‍රිවිධ පින්කම්

ඉධ නන්දති පෙච්ච නන්දති - කත පුඤ්ඤෝ උභයත්ථ නන්දතී
පුඤ්ඤං මේ කතං ති නන්දති- භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතො

පින්කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි. සුගතියට පත්ව බොහෝ සේ සතුටු වෙයි. සැවැත් නුවර අනේපිඬු මහ සිටුතුමා විසින් පනස් හතර කෙළක් (පනස් හතර කෝටියක්) ධනය වියදම් කර දෙව්රම් මහා විහාරය ශාසනයට පූජා කරන ලදී.සිටුතුමා සිය මාලිගයේ දී දිනපතාම භික්ෂූන් වහන්සේට දන්දීම හා වත් පිළිවෙත් මනාව සිදු කරයි. සැවැත්නුවර පුරවරයේ ද විවිධ ස්ථානවලදී දානමාන පින්කම් සාර්ථකව සිදු කළේ ය. සිය මාලිගයේ ද භික්ෂුන් වහන්සේට පුද සත්කාර, උවටැන් හා දන් පූජා කිරීමට මහා සුභද්‍ර, චුල්ල සුභද්‍ර, සුමනාදේවි යන දූ කුමරියන්ට පවරන ලදී. එම දාන මාන පින්කම් ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් සිදු කිරීම තුළින් හා දහම් ශ්‍රවණය කිරීම නිසා වැඩිමහල් කුමාරිකාවෝ දෙදෙනා උතුම් සෝවාන් භූමියට පත්වූහ. පසුව සුමනා දේවිය උත්තරීතර සකදාගාමී මාර්ගයට පත්ව තුසිත දෙව්ලොව ප්‍රතිසන්ධිය (උප්පත්තිය) ලැබූ බව අසා සිටුතුමා ඉමහත් සතුට ට පත්විය. පින් කරන අය ඉමහත් සේ සතුට ට පත්වන අතර උතුම් සැප සම්පත් ලබන බව සම්බුදුපියාණන් වහන්සේ මනාව දේශනා කළ සේක. මිනිසත් බව ලැබූ ගිහි පැවිදි සැම දෙනා විසින්ම සිදුකර ගැනීමට හැකියාව ඇති පින්කම් විවිධ වේ. එම පින්කම් මෙහිදී ත්‍රිවිධ පින්කම් ලෙස නම් කිරීමට පිළිවන. එනම් දාන, සීල, භාවනා යනුවෙනි. දානය හෙවත් පරිත්‍යාගය සුවිශාල වශයෙන් පැතිරී ගිය මහා පුණ්‍ය කර්මයකි. ධර්ම දානය සියලු දානයන්ට වඩා දිනන්නේ ය. ධර්ම රසය සියලු රසයන්ට වඩා දිනන්නේ ය. ධම්ම රතිය (ධර්මයේ ඇලීම) සියලු රතීන්ට වඩා දිනන්නේ ය. තෘෂ්ණාක්ෂය (තෘෂ්ණාව නැති කිරීම) සියලු දුක්ඛයන් ම දිනන්නේ ය.


පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි 02 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.05 ට ලබයි. 03 වන දා බදාදා පූර්ව භාග 00.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 02 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 09 වන දා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]