[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 පැවිදි දිවියේ අඩසියවස සමරන නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි

 පැවිදි දිවියේ අඩසියවස සමරන නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි

නෙළුවාකන්දේ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවිදි දිවියට ඇතුළත්ව වසර 50 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් උන්වහන්සේට ආශිර්වාද පිණිස පවත්වන අභිනන්දන ප්‍රණාම උළෙල ගම්/ දෙකටන , රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ දී ජුනි 30 වෙනි දින ( ඉරිදා) පස්වරු 2.00 ට සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් තෛ‍්‍රනිකායික ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහභාගිත්වයෙන්, මැති ඇමතිතුමන්ලා හා දායක පින්වතුන්ගේ දායකත්වයෙන් පැවැත්වේ.

ජුනි 29 දින පස්වරු 3.00 ට මනෝවිද්‍යා සායනය (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ මෙහෙයවීමෙන්), 7.00 ධර්ම දේශනාව කොටපොල අමරකිත්ති හිමි ජුනි 30 දින 2.00 අභිනන්දන ප්‍රණාම උළෙල අභිනව දානශාලාව විවෘත කිරීම, දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම ද, දේශක විශ්‍රාමික මහාචාර්ය දේවාලේගම මේධානන්ද නාහිමි , ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රසේකර මහතා විසිනි.6.00 ආශිර්වාද බෝධිපූජා, මෙහෙයවීම රුවන්පුර ඤාණවිමල හිමි, පස්වරු 7.30 ට සියක් නමක් විෂයෙහි පිරිනමන පිරිකර සහිත ගිලන්පස දානය පැවැත්වේ.

1956 මැයි 23 දින, 2500 බුද්ධ ජයන්ති වෙසක් දිනය දා මාතලේ නෙළුවාකන්ද ග්‍රාමයේ දී උපත ලැබීය. සහෝදර සහෝදරියන් 5 දෙනෙක් වන අතර උන්වහන්සේගේ මව හා පියා ජීවතුන් අතර නැත. මූලික අධ්‍යාපනය, නෙළුවාකන්ද බෞද්ධ විද්‍යාලයෙන් ලබා 1969 මැයි 12 වෙනි දින පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේදී පැවිදි බිමට පත්විය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙන්පති සියඹලංගමුවේ ගුණරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්ව පිරිවෙන් අධ්‍යාපනය නාරම්මල ශ්‍රී සීලවතී මහ පිරිවෙන , පේරාදෙණිය ශ්‍රී සාරානන්ද විද්‍යායතන පිරිවෙන, කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් ලැබීය.

ශාස්ත්‍රවේදී උපාධිය පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා (පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්ද ශාස්ත්‍රපති උපාධිය ) බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන්ද, විද්‍යෝදය අවසානය හා අධ්‍යාපනපති උපාධිය ( කොළඹ විශ්ව විද්‍යාලය) ආදී විද්‍යාස්ථානයන් වෙතින් ලබා ඇත.

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.12 ට ලබයි. 26 වන දා බදාදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 25 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 02 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]