[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

අධර්මය ධර්මයෙන් ජය ගැනීම

පොසොන් සඳ එළියත් සමඟ තුන්සිංහලය සිසාරා ගලාගිය සම්බුද්ධ සදහම් පණිවුඩය තුළ මුලින්ම දැක්වෙන්නේ පංච ශීලය යි. පංච ශීලයේ දී මුලටම ඇත්තේ “පාණාතිපාතා” ලෙස අප කියවන පරපණ නැසීමෙන් වැළකී සිටීමේ සිල්පදය යි. අද වැනි යුගයක අපේ රටේ කොයි කවුරුත් දිනපතාම පාහේ මෙනෙහි කළ යුතු සිල්පදය වන්නේ “පාණාති පාතා” සිල් පදය යි. සටන වෙනුවට සාමය ඇතිකිරීමෙන් හිතේ ඇතිවන සමාධිය ගැන සම්බුදු හිමියන් ධම්මපදයේ දී මනා ලෙස විවරණය කර තිබේ. සටනක දී මිනිසුන් මරා දමා ජයග්‍රහණය කළත් එය ජයග්‍රහණයක් නොවන බවත්, සැබෑ ජයග්‍රහණය වන්නේ තමා ජයගැනීම බවත් සම්බුදු හිමියන් පැහැදිලිව දක්වා ඇත. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති නමුත් අවෛරයෙන් වෛරය නැතිකොට මෛත්‍රී චින්තනයෙන් සාමය ඇතිකර ගත හැකි ය. සියලුම දෙනා දඬුවමට ද, මරණයට ද බියවෙති. මේ යථාර්ථය තුළ පිහිටා ආත්ම දමනය ඇතිකරගෙන තමා විසින්ම තමා පාලනය කර ගැනීමෙන් මුළු මහත් මානව සමාජය තුළ සාමය ඇතිකර ගත හැකි ය. ලෝකයේ ඉතාමත් අසීරු දෙය වන්නේ තමා විසින් තමා දමනය කර ගැනීම ය. කළ යුතුව ඇත්තේ අමාරුවෙන් හෝ තමන් දමනය වී අනුන් දමනය කරන්නට යාම ය. අනුන්ට අවවාද අනුශාසනා කරන්නට පෙර තමා ඒ තුළ පිහිටිය යුතු ය. ක්‍රෝධ කරන්නා මෛත්‍රියෙන් ජය ගත යුතු ය. අසත්පුරුෂයා සත්පුරුෂකමින් ජය ගත යුතු ය. මසුරු මිනිසා ත්‍යාගදීමෙන් ජයගත යුතු අතර බොරු කියන මිනිසා සත්‍යයෙන් ජයගත යුතු ය. සම්බුද්ධ ධර්මය මෙය යි. 


පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.12 ට ලබයි. 26 වන දා බදාදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 25 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 02 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]