තථාගත ශ්‍රී සද්ධර්මය අනාගතයට දායාද වූ අයුරු
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ පන්සාළිස් වසරක් පුරාවට, නික්ලේශී හද
මඬලක් දරා වැඩ සිටිමින් අමා නිවන් මඟ පෙන්වා දෙන මිහිරි ශ්‍රී සද්ධර්මය වදාළ සේක.
සතර අපායෙන් අත්මුදවන, සුගති සැප සලසාදෙන, අමා නිවනට පමුණුවාලන ඒ තථාගත සද්ධර්මය
බුදුරජාණන් වහන්සේ ජීවමාන අවධියේ දී නවාංග ශාස්තෘ ශාසනය නමින් හැඳින්විණි.
සුත්ත –
පොදුවේ බුද්ධ දේශනා මේ නමින් හැඳින්වුණි. විනය ප්‍රඥප්තිය නවාංග ශාස්තෘ
ශාසනයේ දී ඇතුළත් වූයේ මෙම කොටසට ය.
ගෙය්්‍ය – දහම් දෙසුමක් අවසානයේ දී එහි අරුත් කැටි කොට, ගාථාවන් දේශනා කරන ධජග්ග
සූත්‍රය වැනි දේශනා මෙනමින් හැඳින්වුණි.
වෙය්්‍යාකරණ – දම්සක් පැවතුම් සූත්‍රය ආදි ගාථා රහිත දේශනය
ගාථා – ධම්මපදය වැනි ගාථාවලින් වදාළ දහම් පරියායන් ය.
උදාන – ප්‍රසාද සංවේග හටගත් අවස්ථාවන්හි දී, සම්බුදු මුවින් නිරායාසයෙන් නිකුත්වෙන
දහම් කරුණු ය.
ඉතිවුත්තක – දහම් කරුණු තහවුරු කොට පෙන්වා දෙමින් වදාළ ලෝකාවබෝධ සූත්‍රය වැනි දේශනා
ය
ජාතක – බුදුරජාණන් වහන්සේගේ අතීත බෝසත් වරිතාපදානයන් ය.
වේදල්ල – ප්‍රශ්නෝත්තර වශයෙන් සිදුකළ ධර්ම සාකච්ඡා ම ය දේශනාය
අබ්භූතධම්ම – බෝසතාණන් වහන්සේලාටත්, සම්බුදුරජාණන් වහන්සේලාටත් ආවේණික වු
ආශ්චර්යවත් කාරණා විස්තර කෙරෙන දේශනා ය
නමදිමු ඒ සිරි සදහම්
අපගේ ශාස්තෘන් වහන්සේ ජීවමානව වැඩසිටිද් දී ගිහි පැවිදි ශ්‍රාවකයෝ මෙම නවාංග ශාස්තෘ
ශාසනය මහත් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළහ. සිංහ තෙල් රන් කෙණ්ඩියක ඔතා තබන්නා සේ ගෞරව
පෙරදැරිව මතකයේ දරාගත්හ. පිරිසුදු නිවන් මඟ පෙන්වා දෙන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය
වචනයෙන් ද පුරුදු පුහුණු කොට, නුවණින් විමසා පැහැදිලි අවබෝධයක් ඇතිකර ගත්හ. භික්ෂු,
භික්ෂුණී පැවිදි ශ්‍රාවක පිරිස තුළින් නික්ලේශි මහරහතුන් ද, මගඵලලාභීන් ද අපමණ බිහි
වූ සේක. උපාසක, උපාසිකා යන ගිහි ශ්‍රාවක පිරිස් තුළත් විශාල වශයෙන් මගඵලලාභීන් බිහි
විය. සැවැත්නුවර පමණක් මාර්ගඵලලාභීන් කෝටි පහක් පමණ සිටි අතර, ඉන් තුන් ලක්ෂ
විසිපන් දහසක් ම ගිහි ජීවිතයේ දී ම අනාගාමී වූවන් බව නාගසේන මහරහතන් වහන්සේ පෙන්වා
වදාළහ.
ධර්ම විනය – ජීවමානයි
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න සමයේ අග්‍ර උපස්ථායක වූ ධර්ම භාණ්ඩාගාරික
ආනන්ද තෙරුන් අමතා මෙසේ වදාළ සේක. “පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේ විසින් ශ්‍රී
සද්ධර්මය වදාරණ ලද්දේ ය. විනය ශික්ෂාපද පනවන ලද්දේ ය. ඒ ධර්මයත්, විනයත් මාගේ
පිරිනිවන් පෑමෙන් පසු ඔබලාට ශාස්තෘ වන්නේය. (යෝ ඛෝ ආනන්ද, මයං ධම්මෝ ච විනයෝ ච
දේසිතෝ පඤ්ඤත්තෝ සෝ වෝ මමචිචයේන සත්ථා) භාග්‍යවතුන් වහන්සේ පන්සාළිස් වසරක් පුරාවට
දෙව් මිනිස් ලෝකයාට නිවන් මඟ පෙන්වා දී සම්බුදු කිස නිමවා පිරිනිවන් පා වදාළ සේක.
පළමු දහම් සංගීතය
භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් මාස තුනකට පසු, තෘතිය ශ්‍රාවක ශාසනභාරධාරී
මහා කස්සප මහ රහතන් වහන්සේ මූලික වී අප බුදුරදුන් ශාස්තෘත්වයේ පිහිටුවා වදාළ උතුම්
ධර්ම – විනය චිරාත් කාලයක් පැවතීම පිණිස, පළමු ධර්ම සංගායනාව පැවැත්වූ සේක.
රජගහනුවර වේභාර පර්වත බෑවුමෙහි, සප්තපර්ණී ගුහා ද්වාරයේ අජාසත් රජු විසින් සැකසූ
මනරම් මණ්ඩපයක එය පැවැත්විණි. පළමු ධර්ම සංගායනාවට පටිසම්භිදාලාභී අභිඤ්ඤාලාභී
නිකෙලෙස් මහරතන් වහන්සේලා පන්සිය නමක් සහභාගි වූහ. එහිදී ථේරාසනයේ වැඩසිටි මහා
කස්සප තෙරුන් විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද විනය ශික්ෂාපදත්, ඒවායේ
නිදාන කථාව ආදියත් විමසා වදාළහ. එවිට භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් පනවා තිබූ
ධර්මාසනයේ වැඩ සිටි විනයධර ශ්‍රාවකයන්ගෙන් අග්‍ර වූ උපාලි මහරහතන් වහන්සේ විනය
කරුණු සියල්ල ම පිළිබඳව පහදා දුන් සේක. ඉන්පසු විනය කරුණු පිළිබඳ න්‍යායෙහි
අතිශයින්ම දක්ෂ වූ පන්සියයක් ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ
විනය ඒ අයුරින්ම සාමුහිකව සජ්ඣායනා කළ සේක.
ගෞතම බුද්ධ ශාසනයෙහි බහුශ්‍රැත භික්ෂූන් අතරත්, වේගවත් නුවණ ඇති භික්ෂූන් අතරත්,
මතක තබාගැනීමේ හැකියාව ඇති භික්ෂූන් අතරත්, සිහිනුවණ ඇති භික්ෂූන් අතරත්, උපස්ථායක
භික්ෂූන් අතරත් අගතනතුර ලැබුවේ මහා පින් ඇති ආනන්ද මා හිමියන් වහන්සේ ය. ආනන්ද මහ
රහතන් වහන්සේ ධර්මාසනයෙහි වැඩ හිඳිමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී
සද්ධර්මය පරිපූර්ණව ඉදිරිපත් කළ සේක.
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි අර්ථයන් පිළිබඳව අතිශයින්ම දක්ෂ වූ සංගායනා
මණ්ඩපයෙහි වැඩහුන් සියලු දෙනා වහන්සේලා ශ්‍රී සද්ධර්ය ඒ අයුරින්ම සාමුහිකව සජ්ඣායනා
කළහ. පළමු ධර්ම සංගායනාවේ දී මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහරහතුන් වහන්සේලා
විසින් මුලින්ම විනය පිටකයට සංගායනා කරන ලද්දේ ‘විනයෝ නාම සසනස්ස ඨිතං හෝති - විනය
පැවතුනොත් ශාසනය පවතී’ යැයි සඳහන් කරමිනි. මෙසේ ශාස්තෘ ශාසනයෙහි ප්‍රාණය වූ විනය
“ආයුෂ්මතුනි, මෙය ඔබගේ ඇසුරෙහි වසන ශිෂ්‍ය භික්ෂූන්ට හදාරවන්න” යැයි විනයෙහි අග්‍ර
වූ උපාලි තෙරුණුවන්ට ම භාර කළහ.
සූත්‍ර පිටකය
ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේගේ මුලිකත්වයෙන් ධර්මය සංගායනා කොට මහරහතුන්
විසින් සාමූහිකව සජ්ඣායනා කළපසු ශාසන ව්‍යවහාරයෙහි “සමූහය” යන අර්ථය ඇති නිකාය නාමය
යොදා සූත්‍ර පිටකය නිකාය පසකට බෙදන ලදී. ඒ ඒ ධර්ම පර්යායන්ගේ ස්වරූපය අනුව නිකාය පහ
මෙසේ නම් කරන ලදී.
1.දීඝ නිකාය
දීර්ඝ ප්‍රමාණයේ බුද්ධ දේශනා වු බ්‍රහ්මජාල සූත්‍රය ආදි තිස් හතරක් (34) සූත්‍ර
දේශනා යොදාගෙන සීලක්ඛන්ධ වර්ගය, මහා වර්ගය, පාටික වර්ගය යනුවෙන් කොටස් තුනකට බෙදා
සංග්‍රහ කොට ඊට දීඝ නිකාය යැයි නම් කරන ලදී. “ආයුෂ්මතුනි, මෙය ඔබ ඇසුරු කරන්නවුන්ට
හදාරවන්න” කියා දීඝ නිකාය ආනන්ද තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට භාර දෙන
ලදී.
2.මජ්ක්‍ධිම නිකාය
මධ්‍යම ප්‍රමාණ වු මූළ පරියාය සූත්‍රය ආදී එකසිය පනස් දෙකක් (152) සූත්‍ර පණ්ණාස
තුනකට හා වර්ග පහළොවකට බෙදා සංග්‍රහ කොට මජ්ක්‍ධිම නිකාය යැයි නම් කර “ආයුෂ්මතුනි,
මෙය පරිහරණය කරන්න”යැයි ධර්ම සේනාධිපති සාරිපුත්ත තෙරුන්ගේ ශිෂ්‍ය පිරිසට භාර දෙන
ලදී.
3.සංයුත්ත නිකාය
ඕඝතරණ සූත්‍රය ආදි හත්දහස් හත්සිය හැට දෙකක් (7762) සූත්‍ර සංයුත්ත වශයෙන් බෙදා ඊට
සංයුත්ත නිකාය යැයි නම් තබා ස්වාමීනි, මෙය සිය ශිෂ්‍යයන් ලවා හදාරවන සේක්වා යි මහා
කාශ්‍යප මහරහතන් වහන්සේට පවරා දෙන ලදී.
4.අංගුත්තර නිකාය
දහස් කරුණුු එකේ සිට එකොළහ දක්වා වැසී යන පරිදි සඳහන් වන චිත්තපරියාදාන ආදි නවදහස්
පන්සිය පනස් හතක් (9557)ක් සූත්‍ර සංග්‍රහ කොට එයට අංගුත්තර නිකාය යැයි නම් තබා
“ආයුෂ්මතුනි, මෙය ඔබවහන්සේ ඇසුරෙහි වූවන්ට හදාරවන්න”යි අනුරුද්ධ මහරහතන් වහන්සේගේ
ශිෂ්‍යනුශිෂ්‍ය පරපුරට පවරා දෙන ලදී.
5.ඛුද්දක නිකාය
ඛුද්දක පාඨ, ධම්ම පද, උදාන, ඉතිවුත්තක, සුත්ත නිපාත, විමාන වත්ථු, පේත වත්ථු,
ථේරගාථා, ථේරි ගාථා, ජාතක, නිද්්දේස, පටිසම්භිදා මග්ග, අපදාන, බුද්ධ වංස, චරියාපිටක
යන දේශනා පාලිය සංග්‍රහ කොට ඛුද්දක නිකාය නමින් නම් කරන ලදී. එම ඛුද්දක නිකාය
පොදුවේ සියලු සංඝයා මතකයේ දරා ගත් අතර, ඒ ඒ කොටස් වෙනම දරා ගත් පිරිස ධම්මපද භාණක,
ජාතක භාණක ආදී නම්වලින් හැඳින්වුණි. සම්පූර්ණ ඛුද්දක නිකාය දරාගත් පිරිස ඛුද්දක
භාණක නමින් හැඳින්විණි.
අභිධර්ම පිටකය
අභිධර්මය බෝ මැඩදී බුදුරජාණන් වහන්සේ විසින් මෙනෙහි කරන ලද පිළිවෙලින් ද, තව්තිසා
දෙව්ලොව දී මාතෘ දිව්‍යරාජයා ප්‍රධාන පිරිසට දේශනා කළ පිළිවෙලින් ද, ධම්ම සංඝනී,
විභංග, ධාතු කථා, පුග්ගල පඤ්ඤත්ති, කථාවත්ථු, යමක, පට්ඨාන, යන කොටස් සතරට බෙදීමෙන්
සංග්‍රහ විය. එක් එක් කොටස විභංගය, යන අර්ථය “පකරණ” නාමයෙන් ධම්ම සංගණි ප්‍රකරණය
ආදී වශයෙන් සම්මත විය. මෙහි කථාවත්ථුපකරණය අනාගතයේ ඇතිවන අධර්මවාදීන්ගේ ධර්ම විරෝධී
කථා නිරාකරණය කරමින් මොග්ගලීපුත්තතිස්ස තෙරුන් විසින් සම්පූර්ණ කරන ඔවදන්
භාග්‍යවතුන් වහන්සේ එය විස්තර නො කොට, එහි සියලු කථා මාර්ගයන් පිළිබඳ මාතෘකා පමණක්
වදාළහ. සප්ත ප්‍රකරණ වශයෙන් බෙදුණු ඒ අභිධර්ම පාලිය අංග වශයෙන් වෙය්්‍යාකරණයටද පිටක
වශයෙන් අභිධර්ම පිටකයද ඇතුළත් වේ.
බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දී ම සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක
ශිෂ්‍ය රහතන් වහන්සේලාට අභිධර්ම පිටකය ප්‍රගුණ කරවු හෙයින් ප්‍රඥාවන්ත එම රහතුන්
පන්සිය නම විසින්ම අභිධර්ම පිටකය මතකයේ දරා ගන්නා ලදී. (සුමංගල විලාසිනි – දීඝ
නිකාය අට්ඨකතා)
මහා කස්සප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ශ්‍රී සුගත සම්බුද්ධ ශාසනය බොහෝ කල්
පවත්වාලන්නට සමර්ථ ලෙසට පැවති ඒ ප්‍රථම ධර්ම සංගායනාව අවසන් වෙද්දි මහත්
පී‍්‍රතියක් හටගත්තාක් මෙන් සාගරය සීමා කොට ඇති මේ මහ පොළොව සය වරක් කම්පාවට
පත්විය.
- නයනා නිල්මිණී |