UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සංකල්ප විහාරයේ මල් දස ලක්ෂයක් පූජා කිරීමේ පින්කම මාර්තු 23 දා

සංකල්ප විහාරයේ මල් දස ලක්ෂයක් පූජා කිරීමේ පින්කම මාර්තු 23 දා

පිළියන්දල, මාකන්දන, වැලිතොටුවවත්ත සංකල්ප විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන මල් පින්කම 25 වැනි වරටත් මාර්තු මස 23 වැනි දා සවස 6 ට සංකල්ප විහාර පරිශ්‍රයේදී පැවැත්වේ. මෙවර මල් දස ලක්ෂයක් පූජා කිරීමට අදහස් කර ඇති අතර දාස් මල්, පන් ලක්ෂයක්, නෙළුම් මල් දෙලක්ෂයක්, පිච්චමල් දෙලක්ෂයක්, අරලිය මල් ලක්ෂයක්, ඇතුළුව රෝසමල් පණස් දහසක් ඊට ඇතුළත් ය.

ඒ නිමිත්තෙන් මාර්තු 20 වැනි දින මැදින් පෝදා සිට පරිවාර පින්කම් පැවැත්වේ. 23 වැනි මැදින් පෝදා සීල භාවනා වැඩ සටහන දවස පුරා පැවැත්වේ. මෙම සිල් වැඩ සටහනට විටියල ඉන්ද්‍රසිරි, තපෝවනේ අරියධජ, මිරිස්වත්තේ ඉන්ද්‍රසිරි, කහපොල නන්දරතන, යන හිමිවරුන්ගේ සහ පිළියන්දල සංඛපාලි මෑණියන්ගේ ධර්ම දේශනා ඇතුළත් වේ. මාර්තු 21 සවස 6 ට ආශිර්වාද බෝධි පූජාවක් රාත්‍රී 9 ට සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වෙන අතර පසුදින සඟසතු මහාදානයක් පැවැත්වේ. එදින (22) රාත්‍රී 7 ට මල් පූජාවේ ආනිශංස ධර්මදේශනය පුහුල්වැල්ලේ විනයසිරි හිමි. 23 දින සවස 6 ට අසිරිමත් මල් දස ලක්ෂයේ පූජාව මෙහෙයවීම උඩුවේ ධම්මාලෝක හිමි. විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සංකල්ප දායක සභාව, සංකල්ප දහම්පාසල , සංකල්ප යෞවන සමාජ, ඉ 20 සංවිධානය, සංකල්ප නව යෞවන එකමුතුව පින්කම් මාලාව සංවිධානය කරයි.

 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා පූර්වභාග 01.11 ට ලබයි. එමදා අපරභාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 19 වන දා අඟහරුවාදා.

 

 මීළඟ පෝය
පෙබරවාරි 26 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]